නෙළුම් විල |
''මයිකල් ජැක්සන්ව'' බොන මැලේසියානුවෝ Posted: 02 Aug 2011 06:53 PM PDT පසෙකින් රෙදි ගොඩකි - පොත් පත් හැම තැනය ඔක්කොම දමා ''බින්දී'' මම විල ළඟය වැඩ ගොඩ වෙලා අය්යෝ මන් අසරණය එහෙමයි කියා නොලියා ඉන්නත් බැරිය නෑවිත් මේ පළාතේ මන් හිටි ටිකට ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට ඒකයි පමාවී බැස්සේ මගෙ විලට අතහැර දමා ගිය බව මන් නෙලුම් විල තැන තැන දුටිමි ලියවී කට කතාවල පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද විසිකළ යුතු යි සැල්වීනිය හා මඩද සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා. වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් . ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න . ඒ ලොකු කෙල්ල තමයි කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය . තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල . දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන . රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala Lampur නගරය නම් සෑහෙන දුරට සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ . පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින් ඉතා සැලසුම් කොට නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා'' . පුත්‍ර = කුමරා ..ජයා = ජය . මට යන්න නම් බැරි වුනා ඒ පලාතට . නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්. ''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි . එයට යාබද ''Petrosains Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා . කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත . . දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි. මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න . මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා . අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ . බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ . මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි. අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ නැහැනේ . ඊ ළඟ පාර බලමු. ස්තුතිය ...මම රස ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment