සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක |
Ebay මඟින් 10.2" Android Tab එකක් ගෙන්වා ගතිමි! Posted: 08 Aug 2011 03:45 AM PDT කොහොමද කට්ටියටම? මේ දවස් වල මම පෝස්ට් දාන්නෙ නැති එකට සමා වෙන්න ඕන. මේ දවස් වල විභාග එහෙම වැහි වැහැල තියෙන නිසා කොම්පීතරේ පැත්තෙ එන්න වෙන්නෙත් නැති ගානයි. පොඩි විවේකයක් ලැබුන ගමන් අර ඊබේ බඩු විකිනීම ගැන ලියපු ලිපි ටික සම්පූර්ණ කරන්නම්. මේ පෝස්ට් එක දැම්මෙ මම ගත්ත අලුත් භාණ්ඩයක් ගැන කියන්න. ඒ තමයි Android Tablet එකක්. විශේෂයෙන්ම කියන්න ඕන මම මේක ගන්න අතින් සත පහක්වත් වියදම් කලේ නෑ. මේක ගන්න ඕනකරන සම්පූර්න මුදල (ගෙවපු Tax ඇරෙන්න) මම හොයාගත්තෙ ඊබේ හරහාම විකිනූ භාණ්ඩවලින් ලැබූ ලාබයෙන් විතරයි. මේකෙ මිල Shipping නැතුව USD 186. EMS හරහා Shipping එක්ක ඔක්කොම USD 206. ටැක්ස් විදියට හරිනම් රු.1600ක් ගෙවන්න ඕන. ඒවුනාට ගෙව්වෙ රු. 400ක් විතරයි. :) (මොකද කියල හිතාගන්න පුලුවන්නෙ :D ) දැන් බලමු මේකෙ විස්තර ටිකක්. Specifications :- OS : Google Android 2.2 Froyo (Upgradable to Android 2.3) CPU : 1 Ghz InfoTM X220 Single core RAM : 512MB DDRII (Upgradable to 1GB) Internal Menory : 4GB GPS : Yes Market Support : Yes Accelerometer (Gravity Sensor ) : Yes ( Turning 4-Side ) Networking : Wifi 802.11 b/g Ethernet External 3G Dongle Screen : 10.2" Multi-Touch, Resistive Touch Speakers : Internal Stereo Speakers I/O Ports :- 2 x USB 2.0 1 x HDMI Out 1 x Ethernet RJ45 1 x 3.5mm Headphone Jack 1 x Micro SD Card Slot (Support up to 32GB) 1 x Slot for a GPS Antenna මම මේකට දැනට දාල තියෙන ඇප්ස් :- Google Maps Google Latitude Google Earth Google Talk Google Goggles Google Buzz Gmail Youtube Realcalc Meridian ( Media Player එකක් ) Skype මේ තියෙන්නෙ ගත්ත Screenshots ටිකක්. (විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න) Skype Calculator (RealCalc) Google Latitude & Maps ( Navigation ) මගේ ගෙදර ඉඳන් Richmond එකට යන්න තමයි Directions දීල තියෙන්නෙ. Desktop Music File Manager ( Astro ) මගේ විකාර ලීවීමේ ශෛලිය ගැන සමා වෙන්න ඕන. ඒවුනාට මම තාම ඉගෙනගන්නෙ 9 වසරේ. ඒ නිසා මගෙ බ්ලොග් එකෙ වැරදි එහෙම තියෙනවනම් ඒව මට කියන්න. කමෙන්ට්ස් එහෙම තියෙනවනම් යටින් දාන්න. |
You are subscribed to email updates from අදියගෙ බ්ලොග් එක To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment