නෙළුම් විල |
Posted: 19 Aug 2011 07:11 AM PDT ගෙවා බාලය උරහිසට ගත් ජීවන කද කතා නැතුවම කර තබාගෙන යන සඳ නෑවිදින් තරඟෙට තනිව දුක් විඳ කවි හිතත් සමඟ මග වැටිණි මා පන්හිඳ කඳුලුත් මකා සතුටත් සිතට ලංකොට තනියක් නොදී දුක සැප දෙකම බැලුවට තනිකර දමා මන් දුර ආපු වරදට මුවහත් නැතිය පන්හිඳ එදා තරමට වැරදි වැරදී ඉවුරු බඳවා පුංචියට ''නෙලුම් විල'' තැනුවා අතින් ගෙන විත් වතුර පුරවා මුලදී නම් බොහෝ නිදි මරුවා සුබ පැතුම් ගෙනා මදනල පවා මල් සිඹී තව සුවඳ කව කවා ආකහෙත් සීත පිනි බිඳු ඒවා හිරු උදේ අලුත් මල් පිබිදුවා කවරදාවත් නොදුටු මිතුරන් ඇවිත් අද වුනා මට සොයුරන් දුන් ඔවා මිණිද වැනි මසුරන් සතුට මට නොමැති එක සතුරන් සුවඳ විඳ නොගොස් මේ මල්වල නතර වී අලුත් මල් පැල කල සොඳුරු සංවාද දෙස බල බල සැනසුනෙමි මම රැයද දහවල පිපෙන විට මල් හෙමින් එක දෙක නාවොතින් කෙනෙක් යන්නට දැක පරවෙලා ගොහින් එය දවසක විලට සහ මල් වලට මයි දුක කෙනෙක් දෙන්නෙක් සියක්, දහක් නොව දස දහක් විලට ආ ගිය බව දැක දැකත් නොලියාම තුති කව කෙලෙසකත් ඉඳිමි බලමින් තව නම දත් නොදත් අය මව් බිම සිට පැමිණි පැටි කළ හිතවතුන් සහ දුර රට මිතුනි දිරි දී පිරිත් පැන් ඉස විල දිය පිරුණි ''මේ මල '' ඔබටමයි මා ප්‍රිය සකි සඳුනි ඉස්සර කවි ගී කුරුටු ගෑවේ කොළ කෑලි වල හරි පොත්වල අග පිටුවේ හරි . එහෙම නැත්නම් පාසලේ දහම් පාසලේ තරගෙකට . හෙම ලිව්ව කොළ කෑලි පස්සේ කාලෙක ආගිය අතක් නැහැ . සටහන් පොතුත් ඒ සනාතන දහමට යට වුනා . යම් යම් කාලවල පත්තර වල හරි සඟරාවල හරි පලවෙච්ච එව්වත් කටුසටහනක් තියාගන්න හරි කොපියක් අරන් තියා ගන්න හරි ඕන කමක් නොතිබුනේ ඇයි මන්ද . එක්තරා කවි ටිකක් නම් ඒවාට නිමිති වුන කෙනා ලියුම් කරදහි මිටියත් එක්කම පරිස්සමට තියා ඇති බව නම් දන්නවා . ඒ කාලේ ඉතින් පත්තරේක පලවුනොත් ඇර ලියන දෙයක් අනික් අයට බෙදා ගන්න විදිහක් නැහැ . ලඟම යාලුවෝ විතරයි කියෙවුවෙ . අද වෙනස් ලියන දේ තත්පරෙකින් අලුක්කාලක් යන්නත් කලින් සයිබර් අවකාශයේ විසිරිලා යවන්න පුළුවන් . කියවන අයට අදහසක් දෙන්නත් යන්නේ ඒ වගේම වෙලාවක් . ඒ ගැන අපි මේ අලුත් තාක්ෂණ ලෝකෙට ස්තුතිවන්ත වෙන්න ඕන . දියුණුවේ නරකම දකින අපිට මෙතැනදී නම් එයට හිස නවන්නම වෙනවා . ඉතින් ඉස්සර ම දවසක 4 පන්තියේදී ''නොපෙනී ගිය සරුංගලය '' කියල ලිව්ව රචනාව පාසලේ හැමෝටම පෙන්නලා ඒක ට වරාවසනයේ විශේෂ තෑග්ගක් දීපු කැලණියේ කුමාරි බාලිකාවේ [ අද හෙලේනා බාලිකාව ] ඉන්ද්‍රානි ගුරු මවට මම සදා ස්තුතිවන්ත වෙනවා . ශිෂ්‍යත්වේ පාස් වුනහම අම්ම වගේම සතුටු වුන ''එදිරිසිංහ '' ලොකු ටිචට ..ඒ ඉස්කෝලේ මගේ පුංචි යාලුවන්ට කවදාවත් කරන්න බැරි වෙච්ච ස්තුතිය ක් තියෙනවා මගේ සිතේ . නම් ගම් ලිව්වට කමක් නැහැ . අද කිව්වේ නැත්නම් ආයේ අවස්ථාවක් නොඑන්නත් ඉඩ තියෙනවා . ගේ පුරා අගයක් නැතුව කියවන්න පොත් පත් පුරවපු ...ජිවිතේ මුල් අකුරු කියාදුන් අම්මට තාත්තට ..අගයක් නැතුව පත්තර හුවමාරු කර ගත් අසල්වැසියන්ට ..[අපොයි මේ ලිස්ට් එක කෙටි කළ යුතුයි ]..කොටින්ම මන් මගේ ජිවිතේ ස්තුතිවන්ත වෙන්න ඕන පිරිස ලැයිස්තු ගත කලොත් ලියල ඉවර කරන්න ජිවිත කාලෙත් මදි වෙයි. කොටින්ම මාවටා සිටිමින් බස් වල ..මහමග මට ලියන්න දේවල් සොයා දීපු දන්නා නොදන්නා සියල්ලන්ට ..සීත චමත්කාරයෙන් පිරවූ වලාකුළු වලට අහසට සඳට ඉරට කොටින්ම මුළු මහත් පෘථිවි තලයට මගේ ආදරය සහ ස්තුතිය . පස්සේ කාලෙක විශේෂයෙන් ලංවී ආදර බර හැඟුම් පුරවා ජිවිතයට සෑම සුන්දර දෙයක්ම ගෙන දුන් බනිලාගේ තාත්තට විශේෂයෙන් ස්තුතියි. ලියන හැම අකුරක්ම ලැබෙන හැම අදහසක්ම කියවන ..ලියන්නට නිතරම කරදර කරන ..ලියනවා නම් කඩෙන් කෑවත් ඉවසන ..දැක්ක දුටු දේ වලින් තොරක් නැතුව මගේ ඔලුව පුරවන ..ඔබටයි මේ නෙලුම් මල . ' 'නෙලුම් විලේ ''ස්ථිර පදිංචි කාරයින් 87 ට මගේ විශේෂ ස්තුතිය පුද කරන්නම ඕන . ඉතින් තව කව්ද ..ඇයි මගේ මල් සුවඳ බලල විතරක් නතර නොවී විලට පැන් ඉහල ...නෙලුම් විලේ මල් තව සුවඳ කවන මගේ සදාදර මිතුරු මිතුරියන් .නම් ලියන්න නම් බැහැ. හේතුව එක නමක් හරි මතක වුනොත් හෙම . මේ හැමෝම මට එකසේ වටිනා නිසා එහෙම දෙයක් වුනොත් මට ඒක ලොකු දුකක් . නම් නොලිව්වොත් ඒකත් ලොකු අඩුවක් . ඉතින් ඒක නමක් හරි මට අමතක වුනොත් පෘතග්ජන අසරණ මම සිය දහක් වරක් .සමාව අයදිනවා . මුල්ම කමෙන්ටුව ලියු කල්හාර ..ගම් පළාතේ හසිත මලය ..සත්සමුදුරේ දිනේෂ් ..අලුත් කොල්ල ..සරත් ලංකාප්‍රිය..තාරක දිල්ෂාන් ..කතන්දර ලොකු අය්යා ...T G නගා ..දුකා ..ඉන්දික උපශාන්ත ..චේජනා ..මගේ ජීවිතය ..පොඩි කුමාරිහාමි ...සොඳුරු සීත ..මේ අය තමයි මුල්ම පොස්ට් කීපයට අදහස් දීල මාව දිරිමත් කලේ . සඳරු මලය ..තිස්ස...තීර්ථ යාත්‍රිකය ...starry Angel ...පසු කලෙක එකතු වුනා . බුලත් කතාවෙන් එකතු වෙච්ච නලිනියි ..බුරතිනෝ යි රුසියන් කතා ගැන ලියන්න මගේ මතක අවුස්සලා නොහිතපු ලෙස රසවත් සංවාදෙකට මුල පිරුවා . බුරතිනෝ හෙවත් ලි බෝනික්කා ලිපියත් මගේ ආදරවන්තයෝ ලිපියත් මම අදත් නිතර පෙරලා බලනවා . මොකද මට ම විශ්වාස නැහැ අපි මේ තරම් රුසියන් පොත්වලට ආදරේ බව . නෙලුම් විලට වසන්තය උදාවුනේ ඒ ලිපි දෙකෙන් කිව්වොත් වරදක් නැහැ Manodya Rasanjana ![]() සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත ...රංග ..පැතුම් පුංචිහේවා ...හා පැටික්කි ..නිතා .අභීත ..හර්ෂණ 1985..ම ..දී ...ශේන්යා ..මට නිතර උදව් දෙන ගල් මල් හෙවත් ඩින් අය්යා ..කසුන් තරංග ..ඕනයා ..රෝස කුමාරි .මුතු මැණික් .කලණි....පිනි බිඳු ..නිතා ...සහ ලෝබ නැති කමෙන්ට් දෙන සුජීව ..බුරයි නලිනියි ටි ජි යි එක්ක එකතු වෙලා රුසියන් පොත් ගැන කරගෙන ගිය සංවාදයෙන් මම ත් කොපමණ ඉගෙන ගත්තද . රත්ගමය ..රවී ..සජිවනි ..ලකී ..අයේෂා ..දිලීප ..චතුරංග ...සපතේරු ...සෝඩා ගුණේ..මාරයා ..චන්දි අක්කා ...මගේ ළමා මිතුරු චන්දි සහ පොත් ගුල්ලා ..ඕල් ඉන් වන්...මහේෂ් ..පුසා ..බ්ලොග් ගඩොල් ..අසංක මල්ලි ..සංචාරකයා , ගිම්හානි .සජි ..තාරා ..දමිත් ශ්‍රියන්ත ..චතුර ..නවම් ..මනිදු ශානක ..ඔය අයත් මට සවියක් වුනා . ඊ මේල් කවිකාරි ...හරි - පිනි පලස ..කාංචනා අමිලානි ..MDM බස්සා..රන්ගි ...චුටි මහත්තය .[බුද්ධි ]..මුහුදු කොල්ලකාරයා ..සංජය සිතුවිලි .නිම්ෂා ..නිෂ් වත් මට අමතක නැහැ . ගල් මල්, කල්හාර , චන්දි දහ දාහ පැනපු එකට සුබ පතලත් තිබුන . ඔය ඉතින් මම පරණ පොස්ට් පීරලා කමෙන්ට් කරපු සේරමගේ නම් ටික හොයලයි ලිව්වේ . ටිකක් වෙලා ගියා . ඒත් එහෙම කරන ඒක මගේ යුතුකමක් කියල හිතුන . අනේ මට නමක් මග අරුණ නම් සමාවෙන්න ඕන .මිට අමතරව මට ස්තුති කරන්න තව පිරිසක් ඉන්නවා . ඒ තමයි මුණු පොතෙන් අඳුන ගත්තු අලුත් යාළුවො ඉන්නවා කියවල යන . ඒ වගේම කියවල සටහනක් තබල යන්න බැරි වෙන සියල්ලන්ටම මගේ ස්තුතිය . මගේ පරණ පාසල් මිතුරු මිතුරියන් ඉන්නවා මේක කියවන . කියන්න ආඩම්බරයි මගේ යාලුවෙක් සහ දැන් meddi යක් වන ''පොඩ්ඩි'' ගේ දු පොඩ්ඩත් මේ ලිපි කියවනවලු. ඒ හැමෝටම ස්තුතියි . ඒ වගේම මගේ සේවාස්ථාන වල පරණ මිතුරු මිතුරියන් ද අමතක කරන්න බැහැ . ඒවගේම හැනොයි වල මගේ මිතුරු මිතුරියන්ටත් මෙය කියවනවට ස්තුතියි. මන් මේ ලියද්දි රණ්ඩු වෙවී යාලු වෙවී ගේ දෙක කරන මගේ ආදර ලොක්කිටත් බනිටත් ස්තුතියි. අවසන තව දෙයක් කියන්න ඕන . මට උවමනාව තිබ්බ හැමෝගෙම බ්ලොග් වල ලින්ක් එක්කම නම දාන්න . කළ වෙලාව ඉඩ දෙන්නේ නැහැ ඒකට. ඉතින් මේක මගේ නැවුම් අදහසක් නෙමේ වුනත් කැමති නම් ලින්ක් ටික පහල දාල යන්න . ස්තුතියි නැවත නැවතත් ... |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment