නෙළුම් විල |
Posted: 07 Sep 2011 09:28 PM PDT එක්තරා කලෙක..... සැප්තැම්බර් 8..... වන දින ක පාසල හැරගිය ගමන්ම එක්තරා දැරියකට තරග විභාගයකින් සමත්වී ගුරු පත්වීමකට ලිපියක් ලැබිණි . පමාවී ලැබුන ලිපියද ගෙන ඉසුරුපායට ගිය ඇයට පසු දිනම එක්තරා ''සෞන්දර්ය අධ්‍යයන ආයතනයක '' කෙටි පුහුණුවකට එන්නයි දැනුම් දීමක් කෙරිණි. සියල්ල හදිසියේය . අම්මගේ සුදු සාරි කපා සැකසු ඔසරි කීපයක් ඇය සතු වුයේ එවකට දහම් පාසල් ගුරුතුමියක් වූ හෙයිනි. ජීවිතේට කොට කලිසමක් ඇන්දේ නැති ඇයට කොට කලිසමක් යන ගමන් පිටකොටුවෙන් ගන්නට සිදු වුයේ ක්‍රීඩා කටයුතු සඳහාය . පසු දින හැන්දෑ යාමයේ මවත් සමග එම ආයතනයට ලඟා වූ ඇය සිසුන් ලියා පදිංචි කල රැස්වීම් හල වෙත පා නැගීය. දොරකොඩ සිටගෙන සිටි සුදු උස පිරිමි ළමයාගේ රුව දුටුවද උනන්දුවෙන් බැලීමට ඇයට නොසිතිනි. ''පෙනේද මේ කෙට්ටු පොඩි එකීගේ ආඩම්බර . අනික් හැමෝම මගෙන් ඇහුව කොතනටද යන්න ඕන කියල . ''ඒ පිරිමි ළමයාට එහෙම සිතිනි. එතැන් සිට විවිධ ක්‍රියාකාරකම් ඇරඹිණි. පාසලේදී සියලු ක්‍රීඩා වලින් මග ඇර සිටි ඇයට උදේ පාන්දර පිනි බාමින් කබොක් ගොඩැලි වල වැටි වැටි අතපය තුවාල කරගනිමින් ක්‍රීඩා කරන්නටද සිදුවිය . පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම වැඩි ලකුණු ගත් යොවුන් වියේ වූ එම කණ්ඩායමේ බාලයා වුයේද ඇය යි. සියල්ලන්ගේම ආදරය ද දිනාගත් ඇය චිත්‍ර ගුරුතුමාගේ ප්‍රියතම සිසුවිය ද විය . කිරි කළයට ගොම ඇබින්දක් වටුනාසේ පළාතේ ඉගෙනීම බාර ඇමතිතුමා දිනක් එතනට කඩා පාත් විය . ඇයගේ අවාසනාවට එතුමා ඇගේ ආසනයේ මන්ත්‍රී තුමාය . ''ආ මේ මගේ ආසනේ ළමයෙක් ..'' මේ බුරු වහන්සේ කියූ විට එතන පොළව හාරාගෙන හාරාගෙන යන්නට ඇයට සිතුනි. දින දින ගෙවී පිරිමි ළමයා ඇය ගැන විශේෂ අවධානයක් නොපෙන්වුවද ඔහු බොහෝ අසු පිරූ අයෙක් නිසා කණ්ඩායම තුල නිසැකවම බොහෝ දේවලදී නායකයා විය . පුහුණුවේ ඇයගේ දස්කම් පෙන්වීමට ඉහලම අවස්ථාවක් ලැබුනේ සිසුන් නිමැවූ සඟරාව තුලිනි. එහිද මුලිකයා ''ඔහුය'' . ඇය ලියු කවි වලින් ...මෙන්ම අන් නිර්මාණ අත් අකුරින් ලිවිමෙන්ද අපමණ දායකත්වයක් දිනි. මුල් කවරයද ඇයගේ සිතුවමකි. ඉසුරුපායට ගොහින් පිටපත් කර සඟරාව සැමටම එක පිටපතක් දීමේ මුලිකයාද ඔහුමය . ජිවිතයට අනගි අත්දැකීම එක් කල සුන්දරම දින දහය ගෙවෙන විට මෙම කුඩා කණ්ඩායම එක පවුලක් සේ දැනෙන තරමට ලංවී තිබිණි. යොවුන් විය එවැනිය . එමෙන්ම ඒ ටිකට සමහරු පෙම්වතුන් වී සිටියහ . අවසන් දින උත්සවයේ නිවේදකයා සහ නිවේදිකාව තෝරා ගැනීමේදී ''ඔහුත් '' ඇයත්'' යෝජනා විය . ඇය මෙවන් කටයුත්තක් කිසිදා නොකළ අයෙකි. ''ඔහු '' මුතුහර ...යොවුන් සමාජ ..ආදියෙහි නිවේදන කටයුතු කර පලපුරුදුකාරයෙකි. මේ ආඩම්බර කාරයාගේ නොයෙක් පාඩම් සහ බැනුම් ඇසීමෙන් ලද පුහුණුවෙන් පසු ඇය යම් පුහුණුවක් ලද අතර අවසානයේ සියල්ල යහතින් ඉටු කෙරිණි... දැන් ඇත්තේ නික්ම යාමයි. ජිවිත කාලයක් සිටියා සේ එබිම හැර යන්නට කාටවත් උවමනා නොවිණි. එහෙත් සියල්ල හැරයා යුතු විය . දින කීපයකින් දිස්ත්‍රික්ක තුන පුරා ඇති දුෂ්කර පාසල් වල ඉගැන්වීමට ඔවුන් යා යුතුව තිබිණි. මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඉතා ඉහල ලකුණු සමග විශ්ව විද්‍යාල වලින් කැඳවන තෙක් බලාසිටි අය වූ අතර ..අද මෙන් නොව ඇයගේ පරම්පරාව බොහෝ බලා සිටින්නට සිදුවූ අය වෙති. පාසල් අධ්‍යාපනය වත් නිමකළ හැකිවේදෝයි දෙගිඩියාවෙන් සිටි පරම්පරාවකි. ගින්නෙන් උපන් පරම්පරාවකි. ඉනික්බිති සියල්ලෝ දුකින්ද ..නව ලොවක් හිමිවීමේ සතුටින්ද යුතුව විසිර ගියහ .. ...ඔහු මොහොතකට පෙර කෙටි පණිවුඩයක් ඒවා අද දින රෑ කෑමට ඒමට බැරි බව දැන්වූ අතර ඇය වසර ගණනාවකට එපිට අතීතයේ සුන්දර සිතුවිලි අතර අතරමංව සිටින්නීය ඔහුත් ඇයත් හමුවූ දිනය සැමරීමට සුදුසු තෑග්ගක් ලෙස මේ සටහන තබන්න යයි මගෙන් ඉල්ලා සිටින්නීය . ජිවිතේ විවිධාකර කඩ ඉම් ගෙවා ඇවිදින් තවමත් ඇය තුල ඔහුට ඇති ආදරය මෙසේ ලියන්නයි මට අයදින්නිය . මේ නෙලුම් මල පිපුනේ ඔවුන් වෙනුවෙනි. කතා කරන්නට හරබර යමක් නොදුන්නට මිතුරනි සමා වුව මැන. ඇයගේ ඉල්ලීමට මට පිටු පානු බැරි විය. ......මල් විතරක් නෙමේ කටුත් හරියට තිබුනේ ඇනුණු කටු විසිකර නෙලමු මල් දිවි උයනේ ..සිනහ වාගෙයි මිණිකැට කඳුලුත් ගෙනෙයි මුතු කැට.. එකට අරගෙන ගානට අමුනමුද ජිවිතේ මාලෙට.... |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment