නෙළුම් විල |
වයසට නොයන මගේ ආදර සිබිල් නැන්දා... Posted: 16 Sep 2011 12:53 AM PDT කවුරුත් ලියුමක් නොඑවන හන්දා තමන් එවූ ලියුමක් රස වින්දා සුත්තරෙන් අත්තම්මව බන්දා පුන්චට දඟ වැඩ කිව්වේ නැන්දා බත් කන්නට මට බෑමයි බෑමයි බනියා කිව්වට මන් බය නෑමයි ''උඩ ගිය බබා ''ගෙ පොත මා ගාවයි බනියා දැන් බත් කන්නට ආසයි අවුරුදු කාලෙට කැවුම් බදින කොට ''කැවුම් යෝදයා '' එයි මගේ මතකෙට ''කිරිහාමි''ගෙ කොස් ගහ කැපු වරදට වුන කරදර සිහිවෙයි කොස් කනකොට අම්මයි අප්පයි දෙව්ලොව ගිය කල විමලුයි සාමයි අත්තම්මගෙ පැල මැටියෙන් බැඳුනත් සතුටින් හිටි කල ''මැටි ගෙදර ''ක වුව මිණි පලිගුද දුල ගොහින් කොළඹ බලමින් හොඳ හොඳ කඩ කොස්ගම මාමා ගේන ගේන කුඩ කවුදැයි ගත්තේ ඕව නරක වැඩ ''කුඩ හොරා ''ගෙ ලිපිනය මහ ගහ උඩ අම්ම තාත්තට කරමු උදව්වක් බිම අතු ගාලා අරගෙන ඉදලක් කොළ යට සැඟවී තිබුණි පන්දුවක් වැඩ කල හාවට ලැබුණි ''තෑග්ග''ක් සීයගේ මුණේ කිරි සුදු රැවුලකි දිගට වැවෙනු බැහැ කැපුවේ මියෙකි මුවහත නැති වී වුයේ අරුමෙකි ''දුවන රැවුල '' නම් මට මහ පුදුමෙකි සුන්දර ගම මැද ගෙවුනලු බාලේ රස රස දේ සිදුවුන ඒ කාලේ ''වැනියන් කළු''ට කියනා වෙලේ පෙනේද මගේ හිත නැළවෙන තාලේ ''අත්තම්මා'' නම් වූ පොත් පිංචකි කුමාරන් කියන හොඳ කොලු පැන්චෙකි වයසක අය ගැන ආදර ඇත්තෙකි ඒ වැනි දරුවන් දැකුමත් සතුටකි මැදගොඩ වලව්වේ වුන පැණි පිරුන කතා නැන්දගේ පෑන් තුඩගින් හොඳ රසට ගොතා අප අවටත් සිටින බව අඩු නැතුව ඉතා හිනැහෙමි තවම සමගින් මම කුසුමලතා මං පොඩි කාලෙ මේ රස හොඳ හැටි වින්දා මගෙ පොඩි එවුන්ටත් එය ගෙන දෙමි කැන්දා කවදත් ඔබ අසල මං හරි පොඩි හින්දා තවමත් සිබිල් මගේ ආදර බර නැන්දා මගෙ ආදර සිබිල් නැන්දාට මේ ලිපිය ආදරයෙන් පිරි නැමේ. පින්තුර ඇයගේ වෙබ් අඩවියෙන් සහ ගුගල් වෙතිනි |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment