නෙළුම් විල |
| බිම වැටුන කුරුල්ලෝ - වියට්නාම ,ඇමරිකන් ගුවන් සටනේ නටඹුන් අතර ... Posted: 20 Sep 2011 11:40 AM PDT මා ඉතිහාසයේ නටඹුන් අතර සැරිසරන්න කැමති මන්දැයි මාද නොදනිමි. වත්මනට වඩා ඉතිහාස තොරතුරු සොයා යාමේ පිපාසය කුඩාකල සිටම ඇති වුවකි. එබැවින් නෙලුම් විලට යන එන ඔබට නිතර අතීතයේ සැරිසැරීමට වීම ගැන අහිතක් ඇතොත් සමාවෙනු ඇති සිතමි. එදිනෙදා පුවත් අතර නිතර සැරි සරන අපේ බනිලාගේ තාත්තාට ගුවන් යානයක් ගෑවී ඇත්නම් වත්මන හෝ අතීතය හෝ අනාගතය කියා වගක් නැත. මගේ අතීතය ඇවිස්සීමේ කුතුහලයත් ඔහුගේ ගුවනට බැඳී ආලයත් නිසා ගෙවුණු ගුවන් අතීතයක නටඹුන් සොයා ගියෙමු. අද Air Defence -Air Force Museum වෙත ගිය ගමනේ වගතුග ඔබවෙතට ගෙන එමි. සියල්ලටම කලියෙන් වියට්නාමයේ ගුවන් ඉතිහාසය ගැන ටිකක් දැන ගත්තාට වරදක් නැත . මේ විස්තර නම් අන්තර්ජාලයෙන් ..විශේෂයෙන් විකිපිඩියාවෙන් බව සඳහන් කල යුතුමය . *වාර්තාවල හැටියට මුල්ම ගුවන් යානය Bao Dai අධිරාජයා සතුව තිබී 1945 දී උතුරු වියට්නාම් රජයට බාරදුන් De Havilland Tiger Moth යානයකි. මොත් යානයේ අනුරුවක් * 1949 දී හෝ චි මින් මුල් වී ගුවන් පර්යේෂණ කමිටුව [ Air Force Research Committe ] පිහිටුවාගන්නා ලදී. * මුල්ම ප්‍රහාරක යානය - T -28 Trojan යානයකි. 1964 පෙබරවාරියේදී දී එමගින් C -123 වර්ගයේ ඇමරිකන් යානයක් බිම දමන ලදී *1964 පෙබරවාරි - මුල්ම MIG -17 රුසියාවෙන් ලබා ගත අතර චීනයේදී නියමු පුහුණුවක්ද ලැබිණි . මෙයට සමගාමිව පළමු ගුවන් සටන් ඛණ්ඩය පිහිටවනු ලැබූ බව සඳහන් [ අගෝස්තුවේදී ],. * 1965 අප්‍රේල් 3 පළමු මුහුණට මුහුණ ගුවන් සටන . ඇමරිකන් F -8 යානා දෙකක් බිම දැමුණ . ඇමරිකාව මෙය පිලි නොගත් බව කියවේ . * අප්‍රේල් 4 පළමු වරට F - Thunderchief යාන දෙක ක් බිම දැමුනා Thanh Hoa පාලමට පහර දෙන්න ආ වෙලාවේ. . මෙය දෙපසම පිළිගත් සංඛ්‍යාවක් * 1965 දී MIG 21 යානා ලැබුන රුසියාවෙන්. තව ඉතින් ඉතිහාසය දිගයි . මට පොඩියට කම්මැලි කමකුත් ඇවිත්. ඊට පස්සේ ඉතිහාසය සාරාංශ ගත කලොත් ...කොහොම හරි මේ විදියට රුසියාවේ ආධාරයෙන් වැඩි දියුණු කල මිග් යානා ලැබුනත් ඇමරිකාව එවූ අති නවීන F -4 Phantom යානා වලට මුහුණ දෙන්න ශක්තිය මදි වුනා . මිග් විශාල ප්‍රමාණයක් විනාශ වුනා . ඉතින් ඇමරිකන් ගුවන් යානා හිතු ලෙස ජය ගත්තද ? නැහැ . වියට්නාම් හමුදාව බිම සිට මිසයිල මගින් එව්වා බොහොමයක් බිම දැම්ම . ගොඩ බිම සටන ගැන අද ලියන්න බලාපොරොත්තුවක් නැහැ . ඉතුරු කටු ගෙවල් වලට ගිහින් විටින් විට ඒ ගැන කියන්නම් . වියට්නාමයේ කුචි උමන් පෝස්ට් එකේ ටික ඒ ගැන ලිව්වත් නේ . කොහොම වුනත් වාර්තා වල පරිදි ගුවන් හමුදාවෙන් යුද්ධෙට එතරම් දායකත්වයක් සපයාගන්න බැරි වුන බවයි කියවෙන්නේ . ඒ කෙසේ වෙතත් නටඹුන් අතර සැරිසරද්දී දුටු දේ තමයි ඉතාම ප්‍රාථමික පහසුකම් යටතේ ඔවුන් කර ඇති කාරිය නම් සුළු පටු නැති බවකුයි . විනාශ වුන ඇමරිකන් යානාවක් කටුක යුධ බිම වැයුන තාලය .. ගුවන් ගමන් වලදී හෝ මාමා හිඳ සිටි පුටුව වියට් සෙබළුන්ට මෙවන් අවිද තිබිණි කව්දැයි මේ වීර සෙබළිය ??? උදව් කල අය මෙයාව දන්නවද අභ්‍යවකාශයට ගිය පළමු වියට්නාම් ජාතිකයා සිය රුසියන් සගයා සමග මිය ගිය ගුවන් සෙබළු MI _6 යානයක් ජංගම රේඩාර් මගේ සතුටට ...ඕලු පැල කීපයකින් යුත් කුඩා විල ..එය නෙලුම් විලක් වේයැයි පතමි ප .ලි. අපි මේ අතීත ගුවනේ සැරිසරද්දී අපේ ලොක්කි සමනලයෙක් පසුපස දිව ගිය අතර ඒ නටඹුන් අතර ඇය දුටු මහඟු වස්තුව එයම බව මට සිතේ. එය ළමයින්ගේ සුන්දර ලෝකයයි. |
| You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
| Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 | |












No comments:
Post a Comment