නෙළුම් විල |
Posted: 10 Oct 2011 08:55 AM PDT දිගු ලිපියක් ලියන්නට ඉඩක් නැති බව දැන දැනත් අද මා අත ගසන්නේ මහා දිග කතාවකට . ටික දිනකට පෙර කියවූ පොත් දෙකකින් හිස පිරවූ එකිනෙක සබැඳි කතන්දර විශාල ගණනක් එකිනෙක බැඳුනු ලිපියකට මුල පුරන්නේ මගේ හිතුවක්කාර හිතයි ....මා නම් නොවේ . ගිය සතියේ දිනක පාසල් පුස්ථකාලයේමුල්ලකට වී සිටි මා දුර ඈත මොන්ගොලියාවට රැගෙන ගිය ''Horse Song '' සහ ගෙදර ගෙනවිත් කියවූ ''Marco Polo 's Travels On Asia 's Silk Road " පොතත් නිසා කුඩා කල අපුරු ගුප්ත බවකින් මා චමත්කාරයට පත් කල සේද මාවතේ යලි ඇවිද යමි .ඔබත් එනවාද ? මොකක්ද මේ සේද මාවත .[Silk Road ]..... අද මෙන් පැය කීපයකින් රට රට තරණය කල හැකි ගුවන් ගමන් නොතිබුණ දුර ඈත අතීතයේ සමස්ත ආසියාව, යුරෝපය උතුරු හා නැගෙනහිර අප්රිකාව එකට යාකල පාලමයි මේ සේද මාවත . චීනයේ අනගි නිපැයුමක් වූ සිනිදු සේද වෙළඳාම ප්රධාන කොට ගත් නිසා සේද මාවත යයි නම් වුනද මේ මග ඔස්සේ අනෙක විධ භාන්ඩ හුවමාරු වින . එපමනක් නොවේ සංස්කෘතීන් මිශ්ර වූ අතර ආගම් පැතිර ගියා . ලෙඩ රෝග සංක්රමණය වුනෙත් ඒ ලෙසමයි. චීනයේ සිල්ක් ,පෝසිලෙන් , තේ වලට මෙන්ම ඉන්දියාවේ ඇත්දළ , මැණික් , කුළුබඩු වලට යුරෝපයේ ඉහල මිලක් ලැබුනා . නේක දුක් විඳගෙන වෙළෙන්දන් කටුක කාන්තාර ගිරිහෙල් තරණය කර මේ මාවත යනෙන ගමන් වලදී කොපමණ මිය යන්නට ඇත්ද . එහෙත් මිනිසා දිරිමත්ය. කරුණු කාරණා සොයා බැලීමේදී පෙනෙන්නේ සේද මාවත යනු එක් සුමට පාරක් නොවෙන බවයි . ඉහත සිතියමට අනුව දැලක් ලෙස විහිදුන මාවත් කීපයක එකතුවක් බව පෙනේ . මුලික වශයෙන් උතුරු , දකුණු සහ මුහුදු මාර්ගය ලෙස කොටස් තුනකි. දකුණු මාර්ගය අද කරාකොරාම් අධිවේගී මාවත ලෙසදියුණු වී චීනයත් පකිස්තානයත් හරහා දිවෙයි. සේද මාවතේ ඉතිහාසය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සමය දක්වා දිවෙයි. ඔහු ගැන වැඩිදුර කියවීමට මෙතනින් යාහැක . බොහෝ කතා කල යුතු දේ ඇති හෙයින් අදට මෙතකින් නවතමි . සියල්ල එකට ඇනුවොත් රසයක් නැත . සිතියම මෙතනින් පින්තුරය ගුගල් ඉමේජ් අනුග්රයෙන් . |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment