නෙළුම් විල |
Posted: 04 Nov 2011 06:56 AM PDT මටත් මගේ බ්ලොග් එකටත් එරෙහිව බෑන් කී මුන් කල කුමන්ත්‍රණය අහවර වී මාස කීපයක් ගත විය . එහෙමයි කියා කරදර කිරීම් නම් අඩුවක් නැත . හැම බදාදාම පැයක් කලින්ළමයි ගෙදර එවයි . මාසයකට දෙකකට වතාවක් ගුරුවරුන්ගේ දැනුම වැඩි කරන්නට සම්මන්ත්‍රණ පවත්වන්නට යයි කියා ළමයි ගෙදර තියයි . ඔය මොනවා වුනත් ළමයි නම් ඉස්කෝලෙට බොහොම කැමතිය . අද හවස අමතර වැඩ වලට නතර වූ බනියා සෙල්ලම් පිට්ටනියෙන් ගෙදර ගෙනාවේ හරිම අමාරුවෙනි . මටත් කොයි කරදර තිබුනත් ඉස්කෝලෙට අකමැති වෙන්නට නම් බැරි දෙයක් පසුගිය දිනවල සිදුවින . ඒ එක්සත් ජාතීන්ගේ දින උළෙලේදී අපේ පොඩ්ඩන් දෙන්නාට අපේ කොඩිය ඔසවාගෙන යන්නට අවස්ථාව ලැබීමය . පාට පාට කොඩි අරගත් පාට පාට ඇඳුම් ඇඳගත් පාට පාට ළමයි . ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට බෝම්බ අත අරිද්දි ඇමරිකන් ළමයි ඇෆ්ගන් ළමයි ලඟින් සිටි . උතුරු කොරියන් කොඩිය රැගත් ලස්සන දැරිය යන විට සියලු කොරියානුවන් හුරේ දමයි . ළමයි මල් වගේ කියන්නේ නිකන්ද . එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාසල් දෙකක් පමණි ලෝකයටම ඇත්තේ . නිව්යෝර්ක් සහ හැනොයි නගර දෙක තුල . එබැවින් වසරකට වරක් එක්සත් ජාතීන්ගේ දිනය ලොකුවට සැමරේ . ගිය වසරේ බෑන් කි මුන් මහතාද පැමිණි නමුත් මෙදා පාර එව්වේ ගෝලයෙකි . ගිය අවුරුද්දේ ආපු මුන් මහතා . ළඟ ඉන්න සුදු රැවුල් සියා විදුහල්පති තුමාය ගෝලයාගේ කල කතාවේදී නම් මට නින්ද ගිය බව කිව යුතුය . මට කොහොමත් දේශනා අහන ඉන්න බැරි ලෙඩක් තිබේ . අනික මගේ ඊ - මේල් ගිණුම කවුද අල්ලාගෙන මාව ස්පේන් යවා තිබුනේ කලින් දාය . එදා රෑ හරි හමන් නින්දක්ද නොවිය . සියලු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ හැනොයි වල බැවින් එහි සේවය කරන තානාපති කාර්ය මණ්ඩලයේ දරුවන් නිසා පාසැල තුල ඇත්තේ විසල් ජන විවිධත්වයකි . එදිනට පොඩ්ඩන් දෙදෙනාටම ළමා සාරි සැකසීමට සිදුවිය . ලොක්කිගේ ළමා සාරිය මසන්නට දුන් කාන්තාව ඉනට රැලි නැති අලුත්ම වර්ගයේ ළමා සාරියක් මසා දුන්නාය . ප්‍රතිසංස්කරණයන්ට හසු වී යන්තම් පිළිවෙලක් කරගත්තේ අවසන් මොහොතේය . එකම පාටින් ළමා සාරි ඇන්ද අක්ක නගෝ දෙන්නට කවුරුත් කැමති විය . එකම රටින් අක්කයි නංගියි ජාතික කොඩිය ගෙනයාමත් විරල දසුනක් . ජාතික ඇඳුමක් කියා එකක් නැති එංගලන්තයේ ඇමරිකාවේ ළමයි ඒ රටවල් නියෝජනය කලේ විවිධාකාර ක්‍රම වලටය . [ඒ අයගේ ජාතික ඇඳුම අපි උදේ හවා අඳින හෙයින් ] සමහරු කොඩි වගේ ඇඳුම් ..ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් මුහුදු වෙරළට යන්නා සේ සැරසී උන් අතර සමහර ඇමරිකන් ළමුන් කව් බෝයි තොප්පි දමන් සිටියහ . කොරියන් ජපන් ළමුන්ට නම් ලස්සන ජාතික ඇඳුමක් තිබේ . අප්‍රිකන් එඬේරුන් ද දැක ගත හැකි විය . සපා කඳුකරයේ ළමයි අපේ කොඩිය උස්සන් ගියේ ලොක්කිය . බනි නිකම් අක්කගේ තනියට ගියා වාගේය . ඉන්දියන් කොඩිය අරන් ගිය පොඩි එකාට උදව්වට ඔහුගේ පියා ගිය බවත් අපිටත් යන්න බැරිදැයි බනිගේ තාත්තාට සිති තිබිණි . ඒ ගියේ ඒ ළමයාගේ තාත්තා නොව ලොකු පන්තියක ළමයෙක් බව ඔහුට තවමත් ඒත්තු ගන්වන්නට බැරිය . ලෝකය පුරා ලොකු අය රණ්ඩු වෙද්දී පොඩි අය රැගෙන ගිය කොඩි එක පේලියට සිටගෙන ඉන්නේ මේ ළමයින් වගේමය . ඉස්කෝලෙට යන විට නිතරම මට නන්දා මාලිනියගේ ''මල් කියන්නේ කාට කාට '' ගීතය සිහිවේ . මල් ළමයින් වාගේය . ළමයින් මල් වාගේය . ඒ ගියත් අහලම යන්න ප්‍රධාන උත්සවයෙන් පසු සෑම පන්තියකම විවිධ රටවල කෑම බුෆේ ක්‍රමයට තියා තිබුණි . වෙනදාට යසට හැදෙන මුන් ඇට කැවුම් මෙදා හරියට හැදුනේ නැත . මගෙත් මොකෝ ඔරිජිනල් එව්වා කා නැති අය දත් වල ශක්තිය මැන ගන්නට ඇත.මන් මගේ පාඩුවේ ඉන්දියන් සමෝසා ,කොරියන් රයිස් රෝල් , මැලේසියන් රසකැවිලි , ජර්මන් පාන් ,වියට්නාම ස්ප්‍රින්ග් රෝල් සහ නම මතක නැති රස කෑම කෑවෙමි අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි . එය අනිකුන් පහත කිරීමක් නොවේ . ලස්සන මල් යායක මලක් වුවිට ඒ මල අනිකුන් හඳුනා ගනී නම් මලට ඇති වෙන සතුට කෙසේ වෙයිද . එවැනි අහිංසක සතුටක් පමණකි මට ඇති වුයේ . එමෙන්ම අනිකුත් මල් වල ලස්සනද රස වින්දෙමි . ප. ලි .. පසුගිය දිනවල සේද මාවතේ ඇවිදින්නට ගිය නිසාත් වෙන වෙන රාජකාරි තිබුන නිසාත් මේ කතාන්දරය ලියුවේ පමාවිය . සැබවින්ම මෙය සිදුවුයේ මසකට පෙරය . මේ පොස්ට් එක දැම්මා වුනත් අරහේ තවම අපි මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැනද කතා කරමින් සිටිමු . සුජිවත් බුරාත් අපමණ දැනුම් සම්බාරයක් එක්කහු කරමින් සිටි. කැමැත්තෝ වෙත්නම් ගොහින් කියවන්න . පින්තුර සියල්ල අපේ කැමරාවෙන් දුර සිට ගත් ඒවාය . අනිකුත් ළමයින්ගේ පින්තුර අනවසරයෙන් දමන්නට අකමැති නිසා බොහොම තෝරා බේරා ගන්නට සිදුවිය . |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment