නෙළුම් විල |
Posted: 24 Nov 2011 08:47 AM PST පාන්දර එකේ කණිසමට ඇය තිගැස්සී අවදි වුවාය . ඇයත් ඔහුත් කඩිමුඩියේ දිව යා යුතුය . පස් මස් දියණිය උණුසුමට නිදන කිරි සිහිනයෙන් නොමුදා පරිස්සමට රැගෙන යා යුතුය . කොහේද මේ ඇය රැගෙන යන්නේ . ඉස්කෝලයටය. මොන පිස්සුවක්ද . මොනවා උගන්නන්නද . පාන්දර හයට දුව හෝ පුතා පාසල් වෑන් රථයට ගොඩ කරන අම්මලා පවා මෙය පිස්සු විකාරයක් යයි කියනු නොඅනුමානය . පාන්දර එකට ?? අනාගතයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්නට දැන්මම පාසල් යවන්නට ඕනා විද .. සැබවින්ම නැත . මේ මා හදවත බෙහෙවින්ම බර කල කතාවකි. සැබෑම කතාවකි . මෙය කියවූ පසු ඔබද මා මෙන්ම මවක් නම් සුවසේ නිදන දියණිය හෝ පුතණුවන් තුරුළු කරගන්නට සිතෙනු ඇත මේ එක්තරා රබර් යායක ඇය වැඩ කරන කොටසේ කිරි කපන කාලයයි. විටින් විට වෙලාව වෙනස් වුවද වැඩි වෙනසක් නැත . පාන්දර එක ඇතැම් කාල වල පාන්දර පහ හෝ රාත්‍රී නවය විය හැක . මේ අමුතු ඉස්කෝලේ තනා ඇත්තේ ඇය වැනි දරුවන් ඇති අම්මලා තාත්තලට උදව්වටය . නැනී ලා තියා ගැනීමට ඔවුන්ට වත්කමක් නැත . මෙයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කියන්නටද බැරිය . ඒ නිසා පාසලක් කියා කියන්නට ඇත . [මේ රටේ කොහොමත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කෙලින්ම ඉස්කෝල ලෙස හඳුන්වයි . ] රැයේ නින්ද කැඩී විලාප තබන දරු පැටියා බාර ගන්නේ පන්තියේ තරුණ ගුරුතුමියයි . බොහෝ දරුවන් කිරි බොන වයසේය . කිරි බරින් ලමැද රිදුම් දෙන තරුණ මව්වරුන් රබර් ගස් වල කිරි කපයි. උලව් රබර් ගස් වල දවල්ට කිරි නැත්තේ ඇයි? අපේ ආච්චිලාට තිබු පුංචි රබර් කට්ටියේ කිරි කපන්නට ආච්චි හෝ ආතා මහා පාන්දර ගිය හැටි මට මතක් වේ . බාල්දි වලට ගෙනා කිරි තැටි වලට දමා වෙලා දුම් ගසන්නට මෝලට රැගෙන ගිය අතර අච්චර ගොඩක් කිරි වලින් අන්තිමට ලැබෙන්නේ කිරි රොටි කීපයකි. ඒ ටික ගන්නට වුන මහන්සියක් . විශ්‍රාම වැටුපෙන් ජිවත් වෙන්නට හැකි කම තිබියදී මොකට මහන්සි වෙනවාදැයි ඔවුන්ට සිතුනේ නැත . ඒක නොවැ ආච්චිලාට ජිම් ගැන දැන ගන්නට නොලැබුණේ . ඒවා අතුරු කතාය . වෙනම පොස්ට් ලිවිය යුතු අගනා අත්දැකීම් සහිත බාල කාලයක් මට තිබේ . වරින් වර තැන තැන නොකොටා පිළිවෙලකට ලියන්නට හිත තිබුනද කවදාවත් පිළිවෙලකට වැඩක් කරන්න බැරි යයි චෝදනා වලට ලක් වෙන මමනේ මේ . නැවතත් හඬන පොඩි එකා දෙස හැරෙමු ඉතින් අපි කලබල වී මේ රබර් යායේ කොම්පැනියට බනිමුද . තරමක් අමානුෂික ලෙස පෙනුනත් වෙන කරන්නම දෙයක් නැති කොට එහෙම වත් විසදුමක් දීම හොඳ බව මට සිතේ . වියට්නාමය රබර් වලට ප්‍රසිද්ධය . . ප්‍රංශ කාරයා තේ රබර් කෝපි හිටවා ගොස් ඇත .හෝ මාමා සහ වියට්කොන් ගරිල්ලන් දැම්මේද රබර් කට්ට සේරෙප්පුය . කුචි උමන් ලිපියේ පින්තුර දැමුවෙමි. දැන් නම් ඕනෑම වර්ගයේ ඕනෑම වෙළඳ නාමයක සෙරෙප්පු සපත්තු [ බොහොමයක් අනුකරණ වුවත් ] හොවැන් කියම් වැව පැත්තේ ඇති සපත්තු පාරෙන් ගත හැකිය . ගානත් නරක නැත . කරුණු සොයා බලා ලියන්නට හිතේ ලොකු දෙයක් ඇත . කලෙක සිට ලියන්නට උවමනාවූ එය ලඟදි බනිගේ පන්තියත් එක්ක ගිය චාරිකාවේදී අලුත් විය . ඔන්න කුතුහලය අවුස්සා තබමි . හැබැයි ලියන්නට වෙන්නේ ජනවාරි මස විය හැක . එතෙක් පොඩි දෙයක් ඉඩ ඇති ලෙස ලියවේවි .. Pictures by Google Images |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment