Sunday, June 19, 2011

සිතින් මා නොසැලී..

සිතින් මා නොසැලී..
සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..

සිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...

සිතින් මා නොසැලී

මොනවද මුත්තේ මොකද කරන්නේ...

මොනවද මුත්තේ මොකද කරන්නේ...
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

//..................................

මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට

පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

//.....................................

පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි///

ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය - රෝහණ වීරසිංහ

රඟහල දැන් ඇත අඩ අඳුරේ

රඟහල දැන් ඇත අඩ අඳුරේ
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ

අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ

හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා

රඟහල දැන් ඇත අඩ අඳුරේ....

ගායනය: විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල
පද රචනය: හඩ්සන් සමරසිංහ

සඳ තරු මල්..

සඳ තරු මල්..
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහණ වීරසිංහ

සඳ එබෙන් එපා..

සඳ එබෙන් එපා..
සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්..//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..//

ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා..//
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා...//

සඳ එබෙන් එපා...//

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා..//
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා..//

සඳ එබෙන් එපා..//

ගායනය : අතුල අධිකාරී සමඟින්
සමිතා මුදුන්කොටුව

දයාබර හිතවතුනි

දයාබර හිතවතුනි....,මෙහි පළවන ගීත විචාරයන් කියවීමට,ඇසීමට වගේම ඔබේ නමින්ම විචාරයන් පල කිරීමටත් ඉඩ හසර ඇත.
ඔබ විසින් ලියන ලද සිංහල ගීත පිලිබද පසු විවේචනයන්,අදහස්., ඒ වගේම දැනටමත් ඔබගේ බ්ලොග් අඩවියේ පළ කර ඇති එවන් ලිපි ඔබගේ නමින්ම එකම ගොනුවක ගබඩා කර එවා රසවිදින රසිකයන්ට ලබා දීම "සිංහල සිංදු" බ්ලොග් අඩවියේ අරමුනයි..මෙහිදී අදාල ගීතයෙ මුල් නිර්මානයම අප විසින් ලබා දීමට කටයුතු කරනු ඇත.තවද ඔබගේ නිර්මානයේ අයිතිය සහ වගකීම සම්පූර්නයෙන්ම ඔබ සතුවනු ඇත.