Saturday, March 17, 2012

නෙළුම් විල

නෙළුම් විල


නොදැනිම අවුරුදු දොළහක් ගෙවුනා

Posted: 16 Mar 2012 08:32 AM PDT

කලකින් නෙළුමක් පිපුනේ නැති කොට
මිතුරන් සොයනව ඇවිදින් ඉඳහිට
සිතල මිදුම වටකොට හැමතැන 
මට නොව බනින්න ඉර නැති අහසට 
 
දහසක් විල් ඇති නුවරට මොකකට 
මේ හැටි චිරි චිරි වැස්සත් වැටුනද 
පිම්බුණ නෙක හැඩ ඇඳුමින්  වටකොට
වලසුන් වාගෙයි මිනිසුන් මගතොට
 
නිතරම ගෙදරත් ඇසෙන ඇනුම්පද
''බ්ලොග් එක දැන් නම් මතකම නැතුවද ''
අද වගෙ වගෙ දවසක නොලියන කවිපද
වරද මගෙද නැත්නම් මගෙ මගෙ පෑනෙද  
 
පුරලා පෙරුමන් තරමට අහසක්
බැඳීලා අතිනත යට එක වහලක්
දවසක් දෙකක්ද සතියක් වසරක්
නොවේ ගෙවී ඇත අවුරුදු දොලසක්
 
කොච්චර ඇහැරී ඉඳ රෑ පානේ
කාබන් ගෙවෙනා තරමට පෑනේ
මාගල් තරමට පොත් පිටු ගානේ
කවි ලීවා ගැන ආදර හීනේ
 
 
 
ලිව්ව ලියුම් යස යස කවි සමගම
මිටියක් වී අල්මාරියෙ ඇතුලෙම
එලිවුන පසු මැවු ඒ හැම හීනෙම
ණය නැහැ ඒ හැම අකුරක් ගානෙම
 
 
 
ආපු පාර දිග වංගු ත් තිබුනා
ඉඳහිට පය පැටලී බිම වැටුනා
සිනාව විතරද කඳුලුත් වැටුනා
නැගිට ගන්න සිත දහිරිය තිබුනා
 
 
නිතරම කවි නැතුවට ලිව්වේ අද
ජීවිතයම කවියක් බව      දුටුවද
ලොක්කියි පොඩ්ඩියි ලිව්වා මුල් පද
තාලය ගලපා ගමු නොකරම ඇද 
 
 
ඉඳහිට හදවත අතගා   බැලූවද
හිත යට ආලය තවමත් තරුණද
පැරණි වුනත් රන් අගයෙන් අඩුවෙද
මේ මල ඔබටයි පිපුනේ විල මැද