Friday, November 30, 2012

නෙළුම් විල

නෙළුම් විල


පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා

Posted: 29 Nov 2012 09:56 PM PST






''මන් ඉස්කොලේ යන්න ආස නැහැ. මට අම්මව මතක් වෙනවා'' මගෙ චුටි දු ඊයෙ එහෙම කිව්වා. '' ඒ වුනාට උදේ ඉස්කොලේ යද්දි නම් කිව්වා'' අද හරිම විශේෂ දවසක්.. මට අද ඉස්කොලේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා'' කියලයි.

අද වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කොලේ ගියේ පරණ පොත් සල්පිලක් තියෙන නිසා.

ඉස්කොලේ ළමයින්ට තමන්ට වැඩක් නැති පරණ පොත් මේකට දෙන්න කියලා කියා තිබුණත් අපේ දෙන්නා නම් එක පොතක් වත් දුන්නෙ නැහැ.

''ඕන නැති පොත්'' කියල ජාතියක් අපේ දිහා නැති නිසා.
ඇඳුම් , කන කෑම එකෙන් භාගයක් වුණත් කාට හරි දෙන ළමයි ඒ වුණාට උන් මගෙම හින්දා පොත් නම් දෙන්නෙ නැහැ.


ඒකට මොකද දෙන්නා හම්බ කරන් තිබුණ සල්ලි ටිකත් අරගෙන තව මගෙනුත් ඉල්ලගෙන තමයි අද ගියෙ පොත් ගන්න.

අපේ පොඩි දෝනි එහෙම ආවට ගියාට සල්ලි හොල්ලන කෙනෙක් නෙමේනෙ . කිඩ්සානියා එකේ බොරු සල්ලි කොළ ටික වියදම් කරන්න බැහැයි කියල පොළොවෙ හැපුන හැටි මතකනෙ .
මෙගොල්ල සල්ලි හොයන හැටිත් අපූරු කතාවක් .

 ඔන්න මන් සෝදලා තියෙන තාත්තගෙ රෙදි [ එව්වට කකුල් නැති නිසා කබඩ් වලට යන්නෙත් නැහැ ලේසියකට ] සමහර දාට මන් මෙ දෙන්නට කියනවා නවල දුන්නම කබඩ් වලට දාන්න කියලා .
මේ ඉතින් මේස් යට ඇඳුම් වගේ පොඩි පොඩි දේවල්.


මේගොල්ල ඒවා බෑග් එකක හෙම දාලා ස්කූටරෙන් තමයි බෙදා හරින්නෙ. හැබැයි නොමිලෙ නෙමේ.
කෑලි  ගණනට අය කරන්නේ. ඒ සල්ලි වලින් අලුත් මේස් කුට්ටම් දෙකක් විතර ගන්න පුලුවන් .
ඩිස්කවුන්ට් සහ   ෆ්‍රික්වන්ට් කාර්ඩ් ක්‍රමයක් [ මේ කාඩ් ක්‍රමේ අර ගුවන් යානා වල දෙන ජාතියෙ එව්වා. නිතර ගුවන් ගමන් යන අය දන්නවා ඇති . නැති අය කලබල වෙන්න ඕන නැහැ.

ගුවන් සමාගම් වලින් තමන්ගෙ ගුවන් යානාවල නිතර යන අයට යම් ශ්‍රේණි ක්‍රමයක් යටතෙ කාඩ් ලබා දෙනවා.
යන හැම ගමනකදිම ලකුණු එකතු වෙනවා. මෙ කාඩ් රිදි, රත්ත්‍රන්, ප්ලැටිනම් වගෙ නම් වලින් සහ තව එක එක ක්‍රම වලින් තියෙනවා.
ඒ ඒ කැටගරි වලට ඉතින් විවිධ වරප්‍රසාද ලැබෙනවා වැඩිපුර කිලෝ කිපයක් , ගුවන් තොටේදී විවේකාගාර පහසුකම් වගේ.

වසරක් ගානෙ මේ ලකුණු එකතු කරලා ගුවන් ටිකට්පත් ගන්නත් පුලුවන්. නැත්නම් යම් බඩු මිලදි ගන්නත් පුලුවන්. ඔන්න ඉතින් මන් කැලේ පැන්නා. මේවා නයි පොලොංඟු හෙම නෙවේ. ගුවන් ගමනක් කියන්නෙ ඉස්සර වගේ සුපිරි දේකුත්  නොවේ. හැබැයි මේ දේවල් සමහරු නොදැන හෝ කම්මැලි කමට හෝ භුක්ති විඳින්නෙ නැහැ ගුවන් ගමන් ගියත් .

හරි ඔන්න ඔහොම කොච්චර ඩිස්කවුන්ට් දුන්නත් තාත්තගෙන් ගාණක් කඩා ගන්න කෙල්ලො දස්සයි.
හොඳම දේ ඉතින් මටත් පොඩි ගාණක් දෙන එක .


පොත් සල්පිලෙන් එන සල්ලි යම් යම් සුබසාධන වැඩට ගන්න බවයි කියන්නේ.

ඇත්තටම මට ලියන්න ඕන වුණේ ඔය එකක්වත් නෙමේ. ඊයෙ අපේ චුටි දුට හැංගි මුත්තන් කරන්න ඕන වුණා.
එයාට එහෙම එක එක ආසාවල් එනවා එක එක දාට. සෙල්ලම් කරලා අපි වේලාසන නිදා ගත්තා . හිනෙන් වගෙ මට මතක් වුනා පරණ පොතක්.

උදේම පොත් රාක්කේ ඇදලා පොත හම්බ වුණා. මේවා හැමදාම වෙන දෙවල් නෙමේ. ඒ කියන්නෙ පොත් සොයන එක නෙමේ. සොයන පොතක් හම්බ වෙන එක.

පුස්තකාලෙන් ගෙනා පොත නැති වෙලා සුමානයක් සෙවුවා. අන්තිමට පොත් ගොඩක් අස්සෙ හැන්ගිලා දුවිලි වැදිල තියෙද්දි සොයා ගත්තෙ.

මන් මේ හදිසියෙ හෙව්වෙ '' පුංචි  පැටව් සහ උන්ගෙ අම්මලා'' කියන පොත.


චීන පොතක්. ලියා තියෙන්නෙ ජීආං යීමිං. අනුවාද්ය සවිමන් ඌරුගොඩවත්ත.

අරුණ ප්‍රකාශකයින්ගෙ බෙදා හැරිමක්. මේ ටික ලිව්වෙ කාට හරි සොයා ගන්න ඕන වුණොත් කියල .



සත්ව ලෝකෙ අම්මලා ළමයි බලගන්න හැටි.මන් සහ මගෙ ළමයි ආසා පොතක්.
මගෙ චින පොත් එකතුවෙන් එකක්. මන් ආයෙම කියෙව්වා. රස දේ තනියම කන්නෙ මොකටද  කියා සිතුනා.






'' කැන්ගරු අම්මාට ලොකු ඔඩොක්කුවක් ඇයි?
 තම සිඟිති පැටියාට තුරුළු වී ඉන්නත්
කෑම බුදින්නත්
එය කදිමයි! ''


ඔන්න එක පිටුවක තියෙන දේ.




මේ පොතට මන් ආසා ලස්සණ පින්තුරත් තියෙන නිසායි.

අපේ චුටි දොනි ඉස්කෝලෙන් ගෙනාවා සත්තු සහ ඒගොල්ලගෙ ළමයි ගැන පොතක් ලඟදි.
කැස්බෑවො වගේ සත්තු පැටව් බලාගන්නෙ නැහැ කිව්ව්ම එයාට තරහයි. ඒ ගොල්ලො හරි නරකයි කිව්වා.
මෙයා ළමයින්ගේ අයිතිවාසිකම් ගැන බොහොම උනන්දුයි.

දවසක් මන් සැර කළහම කිව්වෙ '' මන් නම් ලොකු වුණහම මගෙ ළමයින්ට ඔයිට වඩා කරුණාවන්ත වෙනවා'' කියලයි.
ඕක අහල අක්කා කියන්වා ''අපෝ ළමයි හදන එක අමාරු වැඩක්...අපි නිකන් ඉමු ''කියල .


ආයේ දවසක් නිවාඩු දාක ඉස්කෝලෙ ලඟින් යද්දි මන් කිව්වා මන් මේ ඉස්කෝලෙට හරිම ආසයි කියල.
අක්කා ගත්තු කටටම කිව්වෙ ''ඔව් ඔයාට අපිව යවලා නිදහස් වෙන්න පුලුවන් හින්දා නේ ''කියලයි..''
මන් කිව්වා ටිකක් ඇත්ත කියල . ආදරේ කියන්නේ ඇඟේ අලවාගෙනම ඉඳිම නෙමේ.

කතාවෙ මුලයි මෙතනයි සම්බන්ධ  වෙන්නේ දැන් .
මතකනෙ චුටි දුව ඊයෙ රෑ කිව්වා මාව දාල ඉස්කොලේ යන්න බැහැ කියලා. ඒ වුණාට එයා වැඩ ගොඩක් ඇතැයි කියා ඉස්කොලේ ගියා


ඒ ගැන අවුල් වගේ නම් අපි චීන පොත්ගැන කතා කරමු.

 අද මට ආයෙ එන්න වෙන්නෙ රෑ වෙලා. හවස සෙල්ලම් කරන්න යනවා. ඊට පස්සෙ ඉස්කෝලෙ සංගීතයක් බලන්න යනවා.



ප.ලි.


විජේසේකරෙට මාරු වෙන්න බුරා සහ ජනූ [ සේරම විස්තර කියලා දැනටමත් මාව තල්ලු කරන ජනූ නගා].. උදව් කරමින් ඉන්නේ.
බුරෝ ..නණලළ ගැන කල්පනා කරද්දි මට දැනෙන්නෙ සෑහෙන්න අමතකයි කියලයි මට. ටිකක් ඉගෙන ගන්න ඉන්නේ . අපේ ලමයින්ට මං තුමි නෙ ඔව්වා උගන්නන රාජකාරිය බාර අරන් ඉන්නේ.