නෙළුම් විල |
තවමත් 2004 හි ජිවත් වන ඉතියෝපියානුවෝ.... Posted: 10 Dec 2011 05:55 AM PST මේ අවුරුද්දට ආයේ ලියන්නට නොහිතා උන් නමුත් කාරණා දෙකක් නිසා මේ ලිපිය ලියමි . පසු ගිය ලිපියේ ලියන්නට අමතක වූ ඉතියෝපියන් අමුතු කැලැන්ඩරය ගැන කීමටත් තව පින්තුර ටිකක් බෙදා ගැනීමටත් සහ තවත් වැදගත් දෙයක් ඉතිරි වී තිබීම නිසාය . නොයෙකුත් ආකාරයේ කැලැන්ඩර මේ ලෝකයේ ඇති මුත් සාමාන්‍යයෙන් පහසුව තකා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය භාවිතා වීම සම්මතයයි . අලුත් අවුරුදු හෝ ආගමික කටයුතු වලට පමණක් එකී සම්ප්‍රදායික කැලැන්ඩර යොදා ගැනේ .එහෙත් රටවල් කීපයක් පමණක් සම්ප්‍රදායික කැලැන්ඩරයට මුල් තැන දෙන බව නොරහසකි . මේ පුරහඳ ළමයින්ටයි ලිපියේ කමෙන්ට් වලින් අපේ මිතුරන් මේ ගැන බොහෝ කතා කළා මතකයි . කරකවා අතාරින වර්ගයේ කැලැන්ඩරයක් ඉතියෝපියාවේ තිබේ . අතලොස්සක් වූ බහුජාතික ආයතන වල ඇර බහුතරය රජයේ පාලනයට නතු වූ ඔවුන්ගේ පද්ධතිය තුල භවිතා වන්නේ මේ අමුතු කැලැන්ඩරයයි. ඒ අනුව ඔවුන් ජිවත් වන්නේ 2004 ය . වෙලාවත් අමුතුය . සම්මත වේලාවෙන් දවල් 12 ඔවුන්ගේ වේලාවෙන් උදේ 6 වෙයි . අපේ රටේ හිටි නෝනා කෙනෙක් පැයක් වෙනස් කළා මතකය . මැලේසියාවේද එලෙස කර ඇත . යාබද සින්ගප්පුරුවද එය අනුගමනය කරයි. ඒ කිසිවක් ඉතියෝපියාවේ තරම් හොල්මන් නැත . කොහොමත් ඉතියෝපියාවට ටිකක් පස්සෙන් ඉන්නට මෙයත් හේතුවක් දැයි නොදනිමි. කාලයේ තාලයට මදක් නොනැමිම මෝඩකමක්දයි මට සිතේ . පැහැදිලි නිල් අහස නිල පාට ටැක්සි . ..පුද්ගලික බස් සේවයද කුඩා නිල් වෑන් වේ . පින්තුරයක් ගන්නට බැරි විය . රජයේ බස් රතු පාට ලොකු ඒවාය . නිල් පාට පුද්ගලික වෑන් නම් අපේ ප්‍රයිවට් බස් සිහිගන්වයි .'' පිටෝටුව ''වෙනුවට '' බෝලේ'' කියනු ඇසිණ. බෝලේ යනු ගුවන් තොට ඇතුළු පෙදෙසයි අමුතු දැන්වීමක් ටෙනිස් පිටියක් ජනපති මැදුරේ ගේට්ටුව කටුගෙයි බඩු ඉතාලි සටනේ තුවක්කුවක් රජ ඇඳුම් ඉතියෝපියන් අකුරු සිංහාසනයක් ආදිම ළමයෙක් ප්‍රසිද්ධ ඔතොඩොක්ස් උළෙලක් පෙන්වන චිත්‍රයක් පැරණි ක්‍රීඩාවක් විනාවක් ? රැජිනක් පින්තුර ගැන තව විස්තර කීමට ඉඩ කඩ මදිය . ඒ ගැන සමාවෙන්න , මේ හදිසි ලිපිය ලිවීමට හේතුවූ අනෙක් වැදගත් කාරණය නම් විසිදහස් වරක් මාද ඇතුළුව අප නෙලුම් විලට ගොඩ වී ඇති එකය . වෙන වෙනම ස්තුතියක් කරන්නට වෙලාව හරස් වෙලා . මේ පුංචි කවිය නෙලුම් විලට එන ..කියවා පමණක් යන ...වචනයකින් හෝ දිරිදෙන සහ ලිපි වලටත් වැඩි කමෙන්ට් වලින් අපේ දැනුම පුළුල් කරන මගේ සියලු සොයුරු සොයුරියන්ටයි ... සැමට ස්තුතියි සියක් සියපත් වුවත් පල නැහැ සුවඳ සැඟවුන කල කැලේ සුවඳ අරගෙන යනෙන බිගුනට දහක් මල් පුද දෙමි විලේ ප.ලි. අපට සරත් සමය ගෙවී සිසිරය ඇවිත් ...සිතල හුළඟ තමයි ඉවසන්න බැරි . |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |