Saturday, November 24, 2012

නෙළුම් විල

නෙළුම් විල


ඉඳියාප්ප කවි

Posted: 23 Nov 2012 08:47 PM PST

ඉඳිආප්ප පිටි අන්තිම පැකට්ටුව
කැඩුවේ අද උදේ
පෙට්ටියක් පතුලේ ඇබින්දන්
හකුරු කැටයක්
යාන්තමකට ඇති වෙයි වගේ
බොන්නට කහට උගුරක්

තුනපහත් හිඟවි
හොදි මාලු රස අඩුවී
දැන් කොටන ලුනු මිරිස්
උම්බලකඩත් නොදනී


''පැරන්නන් කලැයි ලොකු ලොකු වැඩ
කාලා යස කුරක්කන් රොටි ''
ඉතින් කොහොමෙයි කියන්නේ
පොල් එක්ක අනන්නේ
සුදු පාට ඇමෙරිකන් පිටි

ඉරත් හැන්ගි අද අඳුරුයි අහස පාලුයි
සිසිරයත් සරදමට වාගේ
ඉක්මනට සීතල සුලන් එවලා වගෙයි
හිත අස්සෙ එක් වෙන පොඩි පොඩි කඳුලු
ඇස් වලින් උතුරන්න කලියෙන්
ගෙදර යන්නට දවස් හරි වගෙයි




උදේ ඉඳියාප්ප හදද්දි පහල වුන කවි. මන් පින්තුර දාලා වැඩිය කියල බ්ලොගර්ස්ලා ඊයෙ රෑ මට තර්ජණය කලා. ඒ පිලිබඳ සොයා බලා වැඩපිලිවෙලක් යොදනකම් පින්තුර නැති අකුරු විතරයි.