Thursday, September 06, 2012

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක


෴෴...:::: Reawakening ::::....෴෴

Posted: 05 Sep 2012 08:54 AM PDT


කොහොමද ඉතින් යාලුවන්ට?

අදින් හරියටම අවුරුද්දකට කලින් බ්ලොග් කලාවට කෙටි විවේකයක් දෙන්න ගත්ත තීරණය මෙච්චර දිග විවේකයක් වේවි කියල නම් මම නිකම්වත් හිතුවෙ නෑ. නමුත් ඉතින් ඇතිවුනු පොඩි පොඩි ප්‍රශ්න සහ තිබුනු අලුත් වැඩ නිසා මට බ්ලොග් එකක් තියෙන විත්තියත් අමතක වෙලා තිබුනේ.

-----------------------------------------------------------------------------------------------

ඉතින් මීට සතියකට විතර කලින් මගේම යාලුවෙක් බ්ලොගින්ග් ගැන මතක් කරනකම් මට මේක නැවත පටන්ගන්න කිසිම අදහසක් තිබුනේ නෑ. ඒ වෙලාවෙ මම Blogger Dashboard එකට ලොග් වෙලා බලනකොට සේරම වෙනස් වෙලා, අලුත් Interface එකක් ඇවිල්ලා, අලුත් බ්ලොග් ඇවිල්ල, සමහර බ්ලොග් නැවතිලා, වැඩ ගොඩයි..

හරි හරි ඔන්න Gossips ටික ඉවරයි, දැන් මේ මොහොතෙ ඉඳන් මේ බ්ලොග් එක නැවත Active කාණ්ඩයට වැටෙන විදියට කටයුතු සිද්ධ වේවි. :D


මේ සතිය ඇතුලත (අනිවා!) අලුත්ම ලිපි පෙලක් ලියන්න මම පටන්ගන්නවා. සිරාම Kick එකක් තියෙන VFX වැඩ ගැන තමයි ලියන්න නම් ඉන්නේ. එහෙන් මෙහෙන් කොපි කරපු ඉෆෙක්ට්ස් නෙවෙයි, බිඳුවක් නෑරම ලාංකික VFX සෙට් එකක් බලාපොරොත්තුවෙන් ඉන්න. ඔන්න එහෙනම් ගියා. කට්ටිය Touch එකේ ඉන්න.

See Ya!