නෙළුම් විල |
Posted: 07 Dec 2012 08:35 AM PST අපට නිතරම කෝපි සාද වලට ආරාධනා ලැබෙනවා . පාසලේ ඇතැම් රැස්වීම් මාපිය හමුවන් වලට ලේසියෙන්ම ඒගොල්ල කියන්නේ කෝපි බොන්න එන්න කියලයි. කතා බහ කෙරෙන අතරේ පොඩි රස කැවිල්ලක් පළතුරක් එක්ක කෝපි සහ තේ පැත්තක තියා තියෙනව . ඕනනම් බොන්න . මේවගේ රැස්වීම් වලට නම් යන්නේ කෝපි නිසාම නෙමේ . තව ඉතින් සුහද කතාබහක් කරන්න ඕන වුනහම කෝපි කඩයකට ගිහින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් . එතනත් අසරණ කෝපි කෝප්පේ නිකන් හෙමින් වැඩ කරන වැලි ඔරලෝසුවක් විතරයි. මන් කෝපි ලෝලියෙක් නොවුනත් හිතට ප්‍රිය සුහද සමාගමකට නම් අකමැති නැහැ . එයට කෝපි පාටියක් කිව්වත් ඒ හැටි අවුලකුත් නැහැ . හැබැයි සමාගමය ප්‍රිය නම් පමණයි. මගේ ඊශ්‍රායල් මිතුරිය කරින් , පෝලන්ත මිතුරිය ලිඩියා , තුර්කි මිතුරිය එමල් එක්ක නම් නිතරම කෝපි බොන්න පෙළඹුනා . ඒගොල්ල තිත්තම තිත්ත තුර්කි කෝපි බොද්දි මන් දිල්මා තේ එකක් බොනවා . හැබැයි ඒගොල්ල කෝපි කෝප්පේ බිලා අනික් පැත්ත හරවලා කියන සාත්තර අහගෙන ඉන්න නම් ආස වුනා . මේ සමාගමය විශේෂ වුනේ අපි කතා කල දේවල් නිසා . පෝලන්තයේ සමාජවාදයේ ඉඳන් තුර්කියේ කාන්තා අයිතිවාසිකම් තිත්ත කෝපි වලට සිනි වුනා . එයින් දෙන්නෙක් ගම බිම් බලා ගොසින් . ඒ ගැන මා ඉන්නේ කණගාටුවෙන් . මගේ තවත් කෝපි මිතුරියක් ඉන්නවා කොරියන් . අපොයි කොරියාව නිකන් අල්ලපු රටටත් වඩා ලංවුනා . මගේ ලාංකික මිතුරිය එක්ක නම් ඉතින් හොඳට කිරි දාපු කිරි තේ එකක තමයි කතා බහ දිය කරන්නේ . වෙලාවකට කල්පනා කරද්දී මොකට මේ හැටි කතා කරනවද කියලත් හිතෙනවා . ඒ වුනාට අපි හැමදාම කරන්නේ කතා කිරීම . කතා කරන්නෙත් ඉතින් ලෝකේ රටේ වෙන දේවල් . ඉතිහාසය කියන්නේ ලෝකේ රටේ වෙච්ච දේවල් ..ලෝකේ රටේ දේවල් කියන්නේ අනුන්ගේ දේවල් ..එහම බැලුවම අපි වුනත් කතා කරන්නේ සමීප අය ගැන නොවුනා වුනත් ඕපාදුප . ඉස්සර නම් ලිඳ ගාව , නාන තොට ගාව තමයි ඕපාදුප ඉපදුනේ . ගැහැණු තමයි ඒ අංශයේ කුසලානය සදා හිමි කරගත්තේ . පසු කලෙක පත්තර ඒ කාරියේ සෑහෙන කොටසක් භාර ගත්ත . ඊ ගාවට රේඩියෝව . ටි වී එක . මේ ලඟදි මුණු පොතේ කතා බහකදී සිබිල් වෙත්තසිංහගේ කතන්දර මතක් වෙලා මට පොත් ගොඩවල් අවුස්සන්න සිදු වුනා . හෙව්ව පොත හම්බ වුනා . පොතේ නම ''කුසුමලතා '' පොත පළමු මුද්‍රණය 1971 . අපි ඉපදෙන්නත් කලින් . සමාජයේ ඇතැම් දේවල් දිහා විනෝදෙන් බලන කුසුමලතා ඉස්කෝලේ හාමිනේගේ දිනපොත . සැහැල්ලු බසින් ලියවුන මේ කතා වරින් වර කියවලා විනෝද වෙනවා මන් නම් . අපිත් කරන සමහර දේවල් දිහා හිනා වෙන් බලන්න පුළුවන් . මන් කැමතිම විවේචනය නොකර හාස්‍ය උපදින ලෙස ලියා තිබීම නිසයි . ඔය පොතේ එක කතාවක් තමා ''කෝපි පාටි ''. බොලේ ඒ හැටි වෙනසක් නැහැනේ . දශක හතරකට කලින් ලියු දේවල් අදත් එහෙම්ම වෙන්නේ යසට . වැඩිය උපුටා දක්වන්න බැහැනේ . මෙන්න මේ වාක්‍ය විතරක් දාන්නම් ''දිග කලිසම් , බාල්දි වාගේ උඩ කෑලි එක්ක ඇඳලා . අලුත් කොසු, ගස් මුට්ටි . මිරිස් ගල් . කුරුළු කුඩු කපුටු ගෙවල් වාගේ කොණ්ඩ හදාගෙන යතුරු කැරලි ,සරනේරු තහඩු ,අඩු මිටි . කුඩා නන වාගේ කනකර ආයිත්තම් පැළඳගෙන නෝනලා ඇවිත් හිටියා '' කුසුමලතා පාටියට යන්නෙත් '' අපේ එක්කෙනා '' තහනම් කරපු අත කොට රතු හැට්ටේ ඇඳගෙන . ඒ කියන්නේ කතා නායිකාව සිදුවීම ඇතුලෙම කොටසක් මිසක් පිටස්තර විවේචන කාරියක් නොවේ. අන්න ඒ රටාවයි මේ ලියවිල්ලේ ලස්සනම . අපට අපගේ දේවල් ගැනම සිනා සීමට පුළුවන් කමයි වඩා අගේ . විජේසුරිය පොතක් ලෙස මෑතකදී මුද්‍රණය කර තිබෙනවා . ඉතින් මාත් කුසුමලතා වගේ කියල මට හිතෙනවා . කෝපි පාටිවලට යන ගමන් ඒවාට හිනා වෙන්නත් පුළුවන් . ඕපාදුප කියන්න රට පටලවන්න ඉස්සරට වඩා ලේසි ක්‍රමයක් දැන් තියෙනව . ඒ තමයි සයිබරය . හරිම විනෝදයි . ගැහැනුන්ට හිමි කුසලානය ඒ අයගෙන් ගිලිහි යාම ගැන නම් අවදානමක් තියෙනව . |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |