Friday, September 28, 2012

නෙළුම් විල

නෙළුම් විල


බුෂ් සහ පුටින්ගේ රෙදි ගැලවේ

Posted: 28 Sep 2012 01:59 AM PDT

අද මුන් මහතාගේ ඉස්කෝලේ සඳ උළෙලකි . අපේ ළමයින්ගේ ඉස්කෝලේ ගැන මෙතනින් කියවන්න . සඳ උළෙල ගැන කතා කරන්න ගිහින් විකියටත් සබැඳියක් එකතු කරපු අපි හැමෝගෙම සාමුහික අදහස් වලින් පිරුණු මේ පුරහඳ ළමයින්ටයි කියෙව්වොත් සඳ උළෙල කියන්නේ මොකක්ද කියල තේරෙයි .



මෙවර සඳ උළෙල වැටි ඇත්තේ විසි නම වෙනිදාට නිසා අද සිකුරාදා එය සමරන්නට ඉස්කෝලය තීරණය කොට ඇත ..ළමුනට  Ao Dai  ලෙස හැඳින්වෙන වියට්නාමයේ ජාතික ඇඳුම ඇඳ එන්නයි ඉල්ලීමක් කෙරිණි. ළමයි ඔය ඇඳුමට කැමතිම නැත .නහයෙන් අඬමින් නොයෙක් තර්ක විතර්ක නෝක්කාඩු මැද්දේ යන්තම් ඇඳුම් දෙකට රිංගවා දෙන්නා පිටත් කල පසු මට මහන්සිය . කලබලය අස්සේ පින්තුරයක් ගැනීමටවත් බැරි විය . හවසට නම් දෙන්නා ඔය දෙකම බෑග් එකේ ඔබන් එන බැවින් පින්තුරයක්  ගන්නට ලැබෙන්නේම නැත .
කොට කලිසමක් ටි ෂර්ටයක් වැනි සරලම ඇඳුමට පුරුදු වූ ළමයින් මෙවැනි සම්ප්‍රදායික ඇඳුම් වලට අකමැතිය . විශේෂ අවස්ථාවක එවැනි කරදරයක් ටිකක් ඉහිලිලුවාට කමක් නැත . ළමයි අකමැති වුවත් මේ ඇඳුම ලස්සනය . දිග කුර්තා කමිසයක් වැනි උඩ කොටසත් සැහැල්ලු කලිසමත් සහිත විචිත්‍ර එම්බ්‍රොයිඩර් වලින් හැඩවූ Ao Dai අපගේ සාරිය හෝ ඔසරිය මෙන්ම වියට්නාමයේ සලකුණකි .


කලින් විවිධ අවස්ථා වල විස්තර කල පරිදි උතුරු මධ්‍යම සහ දකුණු ප්‍රදේශ වල නිල නොවෙන විවිධත්වයක් පවතී . මේ ජාතික ඇඳුමත් එසේමය . එමෙන්ම බස හසුරවන ආකාරයේද යම් යම් වෙනස් කම් තිබේ .කුඩා රටක් වීත් අපේ එක එක පලාත්වල බස වහරන ආකාරයන් විවිධය . බහුතරයක් හැනොයි වැසියන් දකුණ කළුද සුදුද කියාවත් දැක නැති කොට කවර කතාද .
Ao Dai උතුරේදී ao zhai ලෙස කියවේ . දකුණේදී aw yai ලෙස කියවේ . ලියන ආකාරය එකය . එළවලු වලට කියන නමුත් එසේමය . දකුණේදී රවූ මා වුන ගොටුකොල මෙහිදී සවු මා ය .



 සිහින් සිරුරැති යුවතියන්ට මනාව ගැලපෙන මෙය කාලයේ විවිධ තාලයන්ට යම් යම් වෙනස්කම් සහිතව නිර්මාණය වේ . ඉතාම ලස්සන සියුම් එම්බ්‍රොයිඩර හෝ පින්තාරු මගින් හැඩවේ .


සුදු පැහැති Ao Dai ඇඳුමින් සැරසුන උසස් බාලිකා සිසුවියන් බයිසිකල් වල නැගී පාසල් යාම සුලබ දසුනක් . හැම පාසලකම එසේ දැයි නොදනිමි . එහෙත් බොහෝ සිසුවියන් මා දැක ඇත .

 ඒ ඇරුන  විට තද අව්වට කදිමට ඔරොත්තු දෙන කේතුකාකාර තොප්පියත් Ao Dai සම්ප්‍රදායික ඇඳුමත් අපේ ඔසරිය මෙන්ම ප්‍රදර්ශනාත්මක සහ සංස්කෘතිකමය අවස්ථාවන්ට පමණක් සිමා වේ . පිළිගැනීම් කවුන්ටර වල යුවතියන් ගුවන් සේවිකාවන් වැනි විශේෂ රාජකාරි වලදී නම් විසිතුරු ලෙස මෙයින් සැරසේ . ඔවුන් පවා තොප්පිය නම් අත්හැර ඇත . කදක දමාගෙන යමක් වෙළදාමේ යන වෙළෙන්දියන් සහ වෙලේ කුඹුරේ වැඩ කරන ගොවින් නම් තවම මේ තොප්පියෙන් වැඩක් ගන්නා බව පෙනේ .



මේ තොප්පියයි සයිගොන් ගඟයි ගැන කවියකුත් ලීවා මා නෙළුම්විල පටන් ගත් දිනවලම .


බලන්නකෝ අඳුනන අයද මේ කියල . මේ ගොල්ල මෙහෙ ආව වෙලාවක Ao dai අන්දලා . අමතක වුනා කියන්න පිරිමින්ගේ ඇඳුමත් බොහෝ දුරට සමානයි .
....
.
.
.
ඇඳන් උන්න රෙදි ගලවලා වෙන්න ඕන මේවා ඇන්දේ ..


පින්තුරය ගත්තු තැන



 ප.ලි.
වැඩිය නොලියන්නේ ඇයිදැයි කීපදෙනෙක් අසා තිබුන . හේතු නම් ඉතින් ගමකට . කොයික වුනත් කම්මැලි කම ප්‍රධාන චුදිතය . අනික හැමෝම පොත් ගැන කියනව . මට කියන්න දෙයක් නෑ...ඉහි ඉහි ...




පින්තුර සේරම ගුගල් ගෙන්