Wednesday, November 28, 2012

නෙළුම් විල

නෙළුම් විල


හැඳි මිටෙන් ගිලිහී...සිතේ සිතුවිලි මිහිරී...

Posted: 27 Nov 2012 07:36 PM PST

 
 
 
ඉහටත් උඩින් වැඩ . සෝදන්න තියෙන රෙදි ගොඩ දිහා නොබලා ළමයි උදේ කාලා කෑම පිඟන් මේසේ උඩ. එව්වා පොඩ්ඩක් එහා මෙහා කලහම සාලෙ මේසෙ උඩ ලැප්ටොප් එක තියා ගන්න පොඩි ඉඩක් හදා ගන්න පුලුවනි.

එලියේ සිතල මිදුම. අහස තනිකර අලු පාටයි .

  ඊයෙ මෙට්‍රො සුපර්මාකට් ගියාම ජමනාරන් දැක්කා .ගෙදර ගෙනාවා. හරිම සුවඳයි.

මේ නාරන් දොඩම් කාලය. මෙට්‍රො කියන්නෙ මහා විශාල වෙලඳ සැලක්. මාසෙකට දවසක් පමණ යා යුතු තැනක්. කාලයයි සල්ලියි දෙකම වැය වෙන තැනක්. කෙලවරකින් පටන් අරන්  සේරම රාක්ක දිහා බල බල යන එකත් එක විදිහක විනෝදයක්.

ගොඩක් දේශිය ජනතාව මෙතනට එන්නේ තොග වශයෙන් බඩු ගන්න.

අපි යන්නේ අනෙක් කඩවල සොයාගන්න බැරි දේවල් විශේෂයෙන් පොලේ යාමට වඩා තරමක් පහසු නිසා. මිල ගණන් සඳහන් නිසා ගැටලුවකුත් නැහැ .

අනෙක් දේ තමයි ආනයනික රට සඳහන් වීම. චින ලොකු අය්යා ගෙ අනෙක් දේවල් ගැන අවුලක් නැහැ . ඒ වුනත් කෑම බීම ගැන විශ්වාසයක් තියන්න බැහැනේ.

මෙට්‍රෝ ගැනත් නම් සෑහෙන්න ලියන්න පුලුවන්. ඒ වුනත් ලියන්න කියල මගෙ අත කෙනිත්තුවෙ මෙට්‍රෝ නෙමේ.. ජම නාරන්. නාරන් කියන්න බින්දුව දාන්න ඔනෙ තමයි . බින්දුව සොයන්න කම්මලි නිසා හල් නයන්නෙ නාරන් කමක් නැහැනෙ.

මාරයාගෙ බ්ලොග් එකේ හැලප කඩේ චෝදනා කර තිබුණා අකුරු වැරදිම්  ගැන. මගෙ අතිනුත් සෑහෙන්න වෙන්වා .දැනගෙන කම්මැලිකමට, අමතක වීම වගේ කාරණා නිසා. අනික එච්චර සැලකිල්ලෙන් ලියන්න ගියහම මට එපා වෙනවා.



ඒ හින්දා මෙතන වෙන වැරදි නම් බරපතල එකක් ඇරෙන්න වැඩිය ගණන් ගන්න එපා.


ඉතින් ඔන්න ජමනාරන් ගෙනාවා. ඉස්සර කහවතු යද්දි රත්නපුරෙන් බස් එකට නගින වෙලෙන්දන්ව මතක් වුනා.

කෝ රත්නපුරෙ කට්ටිය අත උස්සන්න බලන්න. ඒ අය නම් දන්නවා. රටකජුයි , ජමනාරනුයි , ඉඟුරු දොසියි...
[රන්ගිගෙන් නම් මන් දැන් ගුටි කනවා.]

බස් එකම නාරන් සුවඳයි. අපිත් ඇහැලියගොඩින් නවත්තල මොනව හරි කාලා හිටියට මෙ වෙද්දි බඩගිනියි. ඊටත් වඩා පොඩි වුන් කොයි වෙලෙත් මොනවා හරි හපන්න ආසයිනෙ . අනික උදේ පාන්දර ගෙදරින් ඇවිත් තිබුණෙත් තේ විතරක් බිලා.

අද උදෙ හරිම සිතලයි ඇහැරවගන්න බැරිම තැන ඔය කතාව කියලා තමා දෙන්න ඇහැරෙව්වෙ.

[උදේට ඇහැරවිම ගැන වෙනම ලිපියක් ලියන්න ඕන. මාත් කතන්දර වගෙ කත්න්දර වලට ලෝබ වෙන්න ඕන .]
අපෙ දෙන්නා හරි ආසයි මගෙ අතීත කතා අහන්න. ඔන්න ඔය ගැන කියලා උදේට කන්නත් දුන්නා ජමනාරන්.

''ම්ම් එච්චර රස නැහැනෙ.''


ඔන්න ඔහොමයි මගෙ ආදරණිය ජමනාරන් වලට කෙල්ලන්  පිටුපෑවෙ.


ඒ වෙලේ මට දාර්ශනික සිතුවිල්ලක් පහල වුනා.මේක එච්චර අලුත් සොයා ගැනිමක් නොවේ. නමුත් මාත් එය පරික්ෂණ මගින්ම ඔප්පු කලා.

එනිසායි අපමණ යුතුකම් වගකිම් පසෙක ලා මෙතන ඉඳගෙන ලියන්නට ගත්තේ. එවන් කල්පනා හැඳිමිටෙන් ලිස්සා ගොස් හොද්දට වැටී හෝ රෙදි බේසමක සබන් පෙන අතර දියවි එසේත් නැතිනම් පිඟානක ඉතිරි වූ ඉඳුල් සමග කුණු බක්කියකට වැටී අපතේ යා යුතුද..? 

මගෙ වාසනාවට එහෙම වෙන්න ඕන නැහැ කියන මනුස්සයෙක් ජිවිතේ බෙදා ගන්න ලැබිල තියෙනවා.


''''''රසය කියන්නේ දිවට පමණක් දැනෙන දෙයක්ද.? බොහෝ මිහිරි රසයන් අතිත සුවඳවල්...අතීත මතක හා යා වී ඇති විටයි රසයක් වනුයේ .'''''

ජම්නාරන් මගේ දිවට මිහිරක් වන්නේ මේ ජමනාරන් බිකක් සපන විට දිව දිගේ ගොසින්  රත්නපුරයේ '' නාරන්,ජමනාරන්,, ඉඟුරු දෝසි ''වෙලෙන්ඳන්ගේ හඬත්...එවායේ සුවඳත්.. ආච්චිලාගෙ ගේ පිටුපස ගල් වැටිය උඩින් තිබු ජම නාරන් ගසත්, ආච්චිත් ඇතුලු ළමා මතකයන් සියල්ලත් අවුස්සන බැවින්මය.
වැඩිමනක් සිතද්දී දිවට පමනක් නොවේ නහයට , කනට , ඇසටද පොදු සත්යයකි.

ඇතැම් ගීත වලින් එහි ඇති අරුත් ..මිහිරි තාලයන්..අනගි කටහඬවල් යන සාධක සියල්ලට අමතරව එයිනුත් ඔබ්බට ගිය සන්වේදනයක් ඇති වන්නේ මෙම නිසාමයි.


අපේ ලමයින්ටද දිනෙක මෙවන් දේ සිතෙනු ඇත. ඔවුන්ටද ජමනාරන්ම මිහිරි වේ යයි අප සිතුවොත් වරදක්ය. ඔවුන් තම තමාගේ මතක ඔස්සේ ජිවිතයේ මිහිර විඳිමයි වඩා වැදගත්.