Thursday, December 27, 2012

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක


Arduino Tutorials #2 - Arduino Config & IDE

Posted: 26 Dec 2012 10:40 PM PST

මම හිතනවා මේ වෙනකොට හැමෝම අපේ පළවෙනි ලිපිය කියවලා තව ගූග්ල් දෙයියාගෙනුත් අහලා Arduino ගැන යම් තරමක අවබෝධයක් සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැනත් දැනගෙන ඇති කියලා. අද එහෙනම් අපි ඉස් ඉසෙල්ලම Arduino Board එකක කොටස් අඳුරගෙන අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියමු!


ඔය පහළින් තියෙන්නේ Arduino UNO බෝඩ් එකක් කොටස්..




1) USB සම්බන්ධතාවය
2) DC Power Jack
3) ATMega 328P මයික්‍රෝප්‍රොසෙසරය
4) Communications Chip එක
5) 16Mhz ක්ලොක් ( Crystal ) එක
6) Reset Button
7) Power LED

8) TX/RX LEDs
Arduino එකේ Serial data communication ගැන බලාගන්න පුලුවන් මේ LED වලින්. Serial හරහා Arduino එකට ඩේටා එවනකොට මෙතන තියෙන RX LED එක බ්ලින්ක් වෙනවා. ඒවගේම Serial හරහා Arduino එක විසින් ඩේටා එවනකොට TX LED එක බ්ලින්ක් වෙනවා.

9) L LED
මේ LED එක Digital Pin 13 එකට අභ්‍යන්තර ප්‍රතිරෝධකයක් හරහා සම්බන්ධ වෙනවා.

10) Power Pins
මේ pins, Arduino එකට විදුලිය සපයන්න වගේම කරන්ට් එක එලියට ගන්නත් භාවිතා කරන්න පුලුවන්.

11) Analog Input Pins
Arduino එකට Analog Inputs ගන්න මේ Pins පාවිච්චි කරනවා.

12) TX/RX Pins

13) Digital I/O pins
ගොඩක් වෙලාවට Outputs ගන්න මේ පින් පාවිච්චි කරනවා. ඒ වගේම මේවාට Inputs වුනත් සවි කරන්න පුලුවන්.

14) AREF ( Analog Reference ) and GND

15) ICSP (In-Circuit Serial Programming ) for ATMega 328P

16) ICSP for USB

මෙතන තියෙන දේවල් වැඩිය තේරුනේ නැති වුනාට එච්චර කලබල වෙන්න දෙයක් නෑ. අපි ඉස්සරහට ප්‍රොජෙක්ස් කරගෙන යනකොට මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට ඒවා ලේසියෙන්ම තේරුම්ගන්න පුලුවන්. :)

නියමයි! දැන් අපි කෙලින්ම ප්‍රෝග්‍රැමින් වලට බහිමු. Arduino ප්‍රෝග්‍රෑම් කරන්න නම් ඔයාලගේ පරිගණකයේ Arduino Software එක තියෙන්න ඕන. මේක වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන OS තුනටම සහයෝගය දක්වනවා. ඒවගේම මේ Arduino Software එක ස්ථාපනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. දැනට තියෙන අලුත්ම සංස්කරණය වෙන්නේ Arduino 1.0.3 එකයි. ඒක මෙතනින් බාගන්න.

සටහන :- Arduino Software එක දුවන්නේ Java මත නිසා ඔයාලට Java Runtime Environment එකත් පරිගණකයේ තිබීම අවශ්‍ය වෙනවා. දැනටමත් ඔයගොල්ලෝ Java දාලා නැත්නම් මෙතනින් Java Download කරගන්න.

ඊටපස්සේ ඩවුන්ලොඩ් වුනු zip ෆයිල් එක වෙනම ෆෝල්ඩයරක් ඇතුලට Extract කරගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන "Arduino.exe" ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න. දැන් ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්න සූදානම්!


Run "arduino.exe"


Arduino Software එක ලෝඩ් වෙනවා!


දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපේ Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරන එකයි. එහෙම සම්බන්ධ කරාට පස්සේ අපේ Board එක පරිගණකයට සම්බන්ධ කරල තියෙන පෝට් එක සහ අපේ Board එකේ වර්ගය Arduino Software එකට කීයන්න ඕන. මේ පෝට් එක Device Manager හරහා දැනගන්න පුලුවන්. ඒ සඳහා පහත දැක්වෙන පියවරවල් අනුගමනය කරන්න.


සටහන :- Arduino USB වුනාට ඒක වැඩකරන්නේ Serial Emulation යොදාගෙන. ඒ කියන්නේ අපි මේක USB හරහා සම්බන්ධ කරාට පරිගණකය හිතන්නේ මේක හයිකරලා තියෙන්නේ Serial Port එකක් හරහා කියලයි. ඒ නිසා අපේ Board එකට අංකයක් තියෙනවා මේ වගේ ( COM1 ).


  1. Arduino Board එක පරිගණකයට සවිකර තිබියදී Device Manager එකට යන්න. එකේ Ports කියන Section එක යටතේ ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ නමත් එක්ක ඒකට අදාල පෝට් එක බලාගන්න පුලුවන් වෙයි.
  2. Arduino Software එකේ Tools >> Serial Port වලට ගිහින් ඔයගොල්ලන්ගේ Arduino Board එකට අදාල පෝට් එක select කරන්න. ඒ සමඟම Tools >> Board හරහා ඔබගේ Board එකේ වර්ගයද තෝරා දෙන්න.



Device Manager එකට යන විදිය

අදාල Serial පෝට් එක (මෙතනදී නම් COM6)
Selecting the Correct Port
Selecting Your Board Type

ඔබ ඉහත පියවරවල් ටික නිවැරදිව සම්පූර්ණ කර ගත්තා නම් දැන් ඔබ Arduino Board එක නිවැරදිව Configure කර ගෙන අවසානයි. දැන් ඉතින් තියෙන්නේ Project එකක් කරන්න තමයි. මම මුලින් හිතුවෙ ඒකත් මේ පෝස්ට් එකත් එක්කම දාන්නයි. නමුත් දැන් ඒකට ටිකක් ඉඩ වැඩිය යන නිසා ප්‍රෝග්‍රෑමින් ඊළඟ පෝස්ට් එකෙන්ම දාන්නම්. මේ වන තෙක් මොකක් හරි ප්‍රශ්නයක් ආවානම් යටින් කොමෙන්ටුවක් දාන්න. එහෙනම් අපි ගියා!