Sunday, November 18, 2012

නෙළුම් විල

නෙළුම් විල


ඇපල් සහ පපඩම්

Posted: 17 Nov 2012 08:12 AM PST

     
       මෙහෙ උදවිය නවින තාක්ෂණය ඉක්මනින් වැලඳ ගන්නවා .


  ඕනම පොඩි කෝපි කඩේක වයිෆයි ඉන්ටර්නෙට් නොමිලෙ .

 හැම කෙනාගෙම අතේ සෙල් ෆෝන්. එව්වත් නිකන්ම එව්වා නෙමේ. ඉස්තරම් එව්වා. බොහොම පොඩි රස්සාවල් කරන අය ගාවත් මිල වැඩි ෆෝන්.


මේ අතරිනුත් අර ඇපල් කොටේ ලකුණට තමයි වැඩි කැමැත්ත.


මෙව්වා එක්කො අලුත් . එහෙම බැරි අය සෙකන්ඩ් හෑන්ඩ් ඒවා.

අයි ෆොන් අයි පෑඩ් කියන්නෙ හරිම සාමාන්ය දේවල්.

මුදල් ඉතුරු කිරිමට වඩා මෙ වගෙ දේවල් වලට සහ ඇඳුම් පැලඳුම් වලට මේගොල්ල වියදම් කරන බවයි පේන්න තියෙන්නෙ.

පරණ පරම්පරාවල් ඇමරිකාව ප්‍රතික්ෂේප කලත් අලුත් පරපුර ඇමරිකන් දේවල් වලට බොහොම කැමතියි.


          පුන්චි පාරවල තියෙන පොඩි කඩ වල පවා අයි ෆෝන් කවර. පාට පාට ඒවා. එච්චර ගොඩක් කවර විකුණන්න අයි ෆොන් කොච්චර තියෙන්න ඕනද.



එහෙව් එකේ ඇමරිකාවෙ පඳුරකට පයින් ගැහුවම අයි ෆෝන් විස්සක් විතර විසි වෙන්න එපාය. ඔන්න මෙ ලඟදි රාජකාරි වැඩකට ඇමරිකන් කාරයෙක් ඇවිත්.

    ඉතින් එයත් එක්ක කතා කර කර හිටපු මන් දන්නා කෙනෙක් කිව්වලු මෙහෙ නම් හරියට අයි ෆොන් තියෙන වග. 


''ආ ඇත්තද ''

මිසක් මෙයා එච්චර ගණන් අරන් නැහැ .

ආයෙම කිව්වලු මෙහෙ එද්දි අයි ෆොන් අරන් ආවොත් විකුණන්න පුලුවන් කියල.


එතකොට නම් ටිකක් සිරියස් මුණක් හදන් කිව්වලු


''අපරාදේ මගෙ ෆෝන් එක ඇපල් වුනා නම් විකුණල යන්න තිබුණා '
කියල. . . .


ඒ ඇමරිකන් කතා .





ඔන්න තව දවසක් ආවලු ඉන්දියන් කාරයෙක් [ කාරයා යනු අපහාසයට කියන ලද්දක් නොවන බව සලකන්න]


ඩුඩ් ගෙ ඉන්දියන් කතා කිය්වල මට මතක් වුන එකක් මේ.


  ඉතින් මේ මනුස්ස්යා කිව්වලු රාත්‍රි කෑමට ඉන්දියන් කඩේකින් කෑම හෝටලයට ගෙනත් ඩෙන්න ලෑස්ති කරල දෙන්න කියලා.


 මන් දන්න කෙනාත් එයා දන්න ඉන්දියන් කඩේකට කතා කරලා ඕඩරේ දෙන්න හදන කොට මෙයා කියනවලු කෑමත් එක්ක පපඩමක් එවන්න ඒකට සල්ලි ගන්න එපා කියන්නය කියල.


පස්සෙ දවසේ ඇවිත් කියනවලු



''එගොල්ලො පපඩමටත් බිල දාලනෙ''





P.S.

අද නම් කියවන්න එච්චර දෙයක් නැහැ තමයි. දවසම ගෙදර හිටියෙත් නැහැ. හෙටත් ගමනක් යන්න තියෙනවා. ඒ වුනත් කමෙන්ට් වලට උත්තර නොදි කෙටුව පෝස්ට් එකකුත් නැතැයි කියල අනින ටොකු වලට හෙල්මට් එකක් නැත්නම් කිරි ගොටු තොප්පියක් වත් දාගන්න එපාය.