Sunday, November 11, 2012

නෙළුම් විල

නෙළුම් විල


පලවෙනි දෙවෙනි ..

Posted: 10 Nov 2012 07:45 AM PST

අකුරු එක දෙක හිමින් ගලපා

එලිසමට පද ගලපලා

දැක්ක දවසේ ඉඳන් අපමණ

සිත පුරා කවි ඇමිණුවා


මාත්‍රා පටලැවී වැරදි

යවහනුත් පරහට තියා

ලිව්ව පද වල මිහිර මදිවද

දිනෙක ඔහු යන්නම ගියා


එකට ගුලි කර ගත්ත කවි ටික

පාරටම  විසිකර දමා

බාල්දිම හත අටක් කඳුලුත්

යන්තමට  හිත සේදුවා


විසිකරපු කවි එකතු කරගෙන

දොර ලඟට ඇවිදින් ඔයා

පටලවුන පද අවුල් අරිනට

මාස තුන හතරක් ගියා


දිග ඇරපු කවි අකුරු  අඩු වී

කොහොමවත් ගලපනු බැරි

සුළඟ  අරගෙන ගිහිල්ලා වැනි

කොහෙද ඉස්පිලි පාපිලි


දමා මල්ලක ගැට ගසා කට

කුණු ගොඩට විසිකර දමා

ලියමු අලුතින් අලුත් කවියක්

තව ලියන්නට ඉඩ තියා



පුටු කකුල් යට සිරවෙලා ඇත

අ'යන්නෙන් ගැලවුන පිලි

මගේ වරදක් නොවේ මයි එය

නොසේදුව කඳුලයි පලි .....




 සටහන ...

පහුගිය සතියේ ලෙඩ මුඩ් . මන් ලෙඩ වුනා . ළමයි ලෙඩ වුනා . ලියන මුඩ්  තියා උයන කන මුඩ් වත් නැති වුනා .

ඔන්න ඔය උන විකාරෙන් වගේ පසුගිය දවසක මේ කවි කෑල්ලක් ඔලුවට ආවා . කොටින්ම බාත්රුම් එකේදී . බාත් රුම් එක කියන්නේ කවි සිතුවිලි පහල වෙන හොඳ තැනක් .

ඔන්න ඔහේ අද එහෙන් මෙහෙන් ගැට ගහල ලියල දැම්ම .