නෙළුම් විල |
චම්පා .....සැඟවුන අතීතයේ නටඹුන් Posted: 31 Mar 2012 12:27 PM PDT චම්පා කිව්වම 60 දශකයේ විතර හින්දි චිත්‍රපටයක් නැත්නම් ගෑණු ළමයෙක් ව තමයි අපිට මතක් වෙන්නේ . චම්පා රාජධානිය ... වියට්නාමයේ රට මැද හින්දු රාජධානිය ....හිතන්නවත් බැහැ නේද . මගේ ඉතිහාස පොතේ තිබුනෙම නැති පිටුවක් . කොටින්ම බුරාභිධාන අහල නැහැ කියන්නේ අපේ ඉතිහාස පොත් වල තිබුනේ නැහැ කියන්න ආයේ මොනවද වෙන සාක්කි . චම්පා කියන්නේ හින්දි නමක්නේ . ඉතින් මේ හින්දි නම කොහොමද වියට්නාමෙට ආවේ . නම විතරක් නෙමේ සම්පුර්ණයෙන්ම මේක හින්දු රාජධානියක් . පුදුමයි නේද . හැබැයි මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දියන් ජාතිකයින් නෙමේ . ඉන්දියානුවන් නොවෙන හින්දු පිරිසක් ? තවත් පුදුමයි . මධ්‍යම සහ දකුණු වියට්නාමයේ විකාශ වුන මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ දුපත්වලින් ආව මිනිසුන් . එන්න ඇත්තේ මුහුදින් . මොකද කිසිම ගොඩබිම් සම්බන්ධයක් නැති නිසා . ආරම්භය ... සාක්කි තියෙන්නේ ක්‍රි .ව 2 වෙනි සියවසේ ඇරඹුනා කියල . බෝර්නියෝ වලින් ආව කියල මානව විද්‍යාවෙන් ඔප්පු කලාට වියට්නාමයේ ඉන්නේ කතන්දර ශුරයෝ . අපි වගේම තමයි . එයාල [ විශේෂයෙන් චාම් අය ] අතර තියෙන්නේ වෙන කතාවක් . මධ්‍යම වියට්නාමයේ ''කන් හොවා'' කියන පළාතේ උන්න Lady Po Nagar කියන කුමාරිය සඳුන් කොටයක නැගල පාවෙලා යද්දී චීන කුමාරයෙක්ව හමු වෙනවා . මේ දෙන්න විවාහ වෙලා දරු දෙන්නෙක් ලැබුනට පස්සේ කුමාරිට ආපහු ගමරට එන්න ඕන වුනත් සැමියා අකමැති වෙනවා . දිය මකර රජුගේ ළමයි කතාවේ වගේමයි . ඒත් කුමාරි දරුවොත් අරන් ආයේ සඳුන් කොටේක නැගල ගෙදර එනවා . සැමියා හමුදාවක් අරන් පස්සෙන් ආවත් ඇය විසින් ඔවුන්ව පාෂාණ බවට පත් කෙරෙනවා . මේ සිද්ධිය වුනා කියන අද Nha Trang නමින් හඳුන්වන ප්‍රදේශයේ දී සයුර දුපත් විශාල ගණනකින් යුතු වෙනවා . ඒ අර ගල් වූ අය වෙන්ට ඇති . විකාශය .- දෙවන සියවසේ ඉඳන් විකාශය වෙලා 9 වෙනි සියවසේ විතර ස්වර්ණමය යුගයක් තිබිල තියෙනවා . මේ රාජධානිය තුලත් උප ප්‍රදේශ කීපයක් තිබුන වගේම ඒ ඒ ප්‍රදේශ විටින් විට සෞභාග්‍යමත් වෙච්ච බවයි පෙන්නේ . ඉන්ද්‍රපුර, අමරාවතී ,විජය , පන්දුරන්ගා , කවුතාරා කියන්නේ ඒ ප්‍රදේශ . සේරම ඉන්දියන් නාමයන් . සිතියමේ අළු පාට කොටස Dai Viet . කොළ පාට කොටස තමයි චම්පා . කහ පාට කම්බෝජියාව රාජධානියට සුන්දර වෙරල තිරයක් සහිතව අනර්ග වරාය පහසුකම් තිබුනා . මේ වරායන් හරහා ඉන්දියාව සමග සම්බන්ධකම් ඇති වුනා . හින්දු ආගම වගේම අනෙකුත් ඉන්දියන් සංස්කෘතික අංගයන් ලැබුනා . රජවරු හින්දු දහම වැළඳ ගත්තා . ශිව දහම තමයි ප්‍රධාන වුනේ . එයිනුත් ලිංග වන්දනාව . ඉන්දියන් අභාෂය ලද ගොඩනැගිලි දේවාල විශාල ගණනක් ඉදි වුනා . තැන තැන විසිරුන නටඹුන් එයට සාක්කි සපයනවා . මේ නටඹුන් අතර විශේෂම වන්නේ My Son කියන පළාතේ ඇති ගොඩනැගිලි සංකීර්ණය. My Son යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන්නෙත් ඒ නිසා . pictures by google .- මේ My Son පළාත අයිති වෙලා තිබුනේ ඉන්ද්‍රපුරේට . ඒ වගේම චම්පා රාජධානිය ලෝකේ එක්ක සම්බන්ධ කල ප්‍රධාන වරාය තිබුනෙත් මේ ඉන්ද්‍රපුරේ . ඒ තමයි Hoi An . සේද මාවතට සම්බන්ධ වුන හන්දා කියන්න ඕන නැහැනේ කොයිතරම් ලෝකේ එක්ක සම්බන්ධ වෙන්න ඇත්ද කියල . වියට්නාමේ උඩහ කොටසේ තිබුනේ Dai Viet රාජධානිය . Dai Viet ල තමයි වත්මන් වියට්නාමේ ප්‍රධාන ජාතිය . උතුරින් චීනය එක්ක කෙලින්ම සම්බන්ධ වුන නිසා චීන සංස්කෘතිය තමයි රට පුරාම තියෙන්නේ . නමුත් චම්පා රාජධානිය තුල චීන අභාෂයක් දකින්න ලැබෙන්නේ නැහැ . නවවෙනි සහ 10 වෙනි සියවසේදී මහායාන බුද්ධාගම චම්පා වෙත ලඟා වුනා . එනිසා බෞද්ධ අභාෂය ලැබූ නමුත් කෙටිකලකින් යලිත් හින්දු දහම ප්‍රධාන තැන ගත්තා . රාජ්‍ය අනුග්‍රහය නිසා විය යුතුයි . චම්පා බලවත්ව තිබුන කාලයේ 12 වෙනි සියවසේදී මෙයාල [වත්මන් කම්බෝජියාවේ ] එකල අන්ග්කොරියන් ක්මර් [ Angkoriyan Khmer ] ආක්‍රමණය කළා . දන්නවනේ Khmer තමයි කම්බෝජියාවේ බහුතර ජනවර්ගය . නොදන්නම අයට කියන්න තියෙන්නේ කම්බෝජියාව වියට්නාමයේ එක මායිමක තියෙන රටක් . ගොඩබිමින් සම්බන්ධ වුන රටවලට ඒ කාලේ පැහැදිලි ඉරි ගහල මායිම් තිබුනේ නැහැනේ . හය්ය ඇති කෙනා අල්ල ගත්තා . [මේ මායිම් ගැන ලස්සන වත්මන් කතා තියෙනවා ,. එව්වා පසුවට .] මෙතනදී තත්වය තවත් වෙනස් වෙන්නේ මේ කලාපයේ රටවල් හතකින් ගලන මිකොන්ග් ගඟ නිසා මේ රටවල් එකිනෙකට සම්බන්ධ වීම . ටිබෙටයෙන් පටන්ගෙන චීනය , මියන්මාරය , ලාඕසය , කම්බෝජියාව , තායිලන්තය හරහා ගලන ඇවිත් වියට්නාමයේ මිකොන්ග් ඩෙල්ටාවෙන් දකුණු චීන මුහුදට එක්කහු වෙන මේ ගංගාව ලෝකයේ දිගම ගංගාවන්ගෙන් එකක් . ඉතින් මේ මිකොන්ග් නිම්නය දිගේ ගිහින් තමයි චාම් ලා කම්බෝජියාව අල්ල ගත්තේ . හැබැයි වැඩිකලක් නොගිහින් vii ජයවර්න කියන Khmer රජතුමා මෙයාලව පසු බැස්සුවා . නමුත් Kampong Cham කියන කුඩා පෙදෙසක අදටත් චාම් වරු ජිවත් වෙනවා . පසුකලෙකත් චම්පා රාජධානිය බිඳ වැටුනට පස්සේ පලා ගිය චාම් ලත් මේ කම්බෝජියන් පළාතේ පදිංචි වුනා . ඉතින් ප්‍රධාන චම්පා රාජධානියට මොකද වුනේ . පිටස්තර ලෝකේ එක්ක සම්බන්ධය නිසා සේද මාවත හරහා ආපු අරාබි ජාතිකයින් ඉස්ලාම් ආගම චම්පා වෙත ගෙනාවා . මුලින් සුළුවෙන් ඉස්ලාම් වැලඳ ගත්ත . ඔය අතරේ උඩහ උන්න Dai Viet ල කැමති වුනේ නැහැ මේ චම්පා රාජධානියේ පැවැත්මට . එකක් කියන්න ඕන . දේශගුණ විපර්යාසයන් තියෙන උතුරට වඩා නිවර්තන දකුණ සශ්‍රීකයි. අදටත් මන් දැක්ක විදිහට දකුණ උතුරට වඩා දියුණුයි . ඉතින් මෑත ඉතිහාසයේ වගේම එකලත් දකුණු පළාත වඩා වටින්න ඇති . උඩහ හිටි අයගෙන් නිතරම ආක්‍රමණ ඇති වුනා . අනික චම්පා ප්‍රාදේශීය රාජ්‍ය වලත් ඒ හැටි එකමුතුවක් තිබුනේ නැහැලු . ප්‍රාදේශීය අරගල නිතර සන්සින්දුනේ අන්තර් විවාහයන් කිරීමෙන් . Dai Viet ල එහෙම කලවම් වෙන්න එච්චර කැමති වුනේ නැහැ . ප්‍රධාන හේතුවක් තමයි චාම් මාතෘමුලික සමාජයක් . පිතෘ මුලික Dai Viet ල කැමති වෙයි ද . ගෘහ නිර්මාණ ශිල්පය සහ ආගම් වෙනත් දේශ වලින් ගත්තට චාම්වරු තමන්ගේ අනන්‍ය තාවයක් ගොඩ නැගුවා . එක උදාහරණයක් තමයි ගඩොල් බැඳීමට මධ්‍යම වියට්නාමෙට ආවේනික වුන ගහක මැලියම් යොදා ගැනීම . අනික හින්දු ආගමත් එක්ක පොලෝ මාතාව සංකේතවත් කරමින් Po Nagar වන්දනාවත් සිදුවුනා . 15 වෙනි සියවසේදී ඉස්ලාම් ආගම ප්‍රබලවෙන්න පටන් ගත්තා . 15 සියවසේදී තමයි චම්පා වලට දරුණු වියට්නාම ප්‍රහාරයක් එල්ල වුනේ .. විශාල හානියක් වෙලා අන්තිමට ඉතුරු වුනේ . Lady Po Nagar උපන් Khan Hoa පළාත විතරයි . [අද Nha Trang ]. මේ කාලේදී තමයි සමහර චාම් වරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයට ගිහින් තියෙන්නේ . අචේ බසයි චාම් බසයි සමානලු. [අචේ කියන නම අපට මතකනේ සුනාමියත් එක්ක .] චාම්වරු සැහෙන්න මිය ගියා . ඉතුරු වුන අයත් බොහොමයක් ඉස්ලාම් වුනා . මේ කාලේ වෙද්දී මේ පළාත්වලට චීන බලපෑමත් තිබුනා . සමහරු චීන සංස්කෘතියට අනුගත වුනා . 19 සියවසේදී චම්පා රාජධානිය නැත්තටම නැති වුනා . ඒ Ming Mang කියන වියට්නාම රජුගේ ප්‍රහාරයෙන් . මේ Ming Mang සහ ඔහුගේ පරපුර වුන Nguyen වංශය ගැන පොඩි සටහනක් තැබුවා ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වීම ලිපියේ . ඇත්තටම කුතුහලය ඇති අය කියවා බලන්න . එවකට හිටි චම්පා රජු තම වැසියන් පිරිසක් සමග කම්බෝජියාවට පලා ගියා . කලිනුත් චාම් වරු හිටි Kampong චාම් පළාතේ පදිංචි වුනා . එතකොට මේ රජු ඉස්ලාම් නිසා කම්බෝජියාවේ චාම් ජනතාවගෙන් බහුතරය ඉස්ලාම් . අදටත් එසේමයි . චම්පා වල තව කොටසක් මැලේසියාවට පලා ගියා . සමහරු චීනයේ හයි නාන් දුපතේ පදිංචි වුනා . මේ ගිය හැමෝම වගේ ඉස්ලාම් . The head from a stone statue of God Brahma that belongs to the Cham Pa culture. — VNA/VNS Photo Thanh Ha statue of Ganesa, Son of the God Siva, kept in Tien Giang Province's Museum. — VNA/VNS Photo Thanh Ha මේ පින්තුර තුනම වියට්නාම් නිව්ස් පත්තරෙන් මේ අප්සරාවියයි පරාක්‍රමබාහු රජතුමා වගේ දෙන්නයි චාම් ක්‍රමේට හදපු නුතන පිළිම . හමු වුනේ Hoi An වල අපි හිටි හෝටලයේ ඉඳල චම්පා රාජධානියේ නටඹුන් , පිළිම පින්තුර වලින් අද සටහනට තිත තබනවා . මේවා නම් ඇත්තම සංරක්ෂිත චාම් නිර්මාණ . පින්තුර මන් ගත්තේ 2009 හැනොයි ආපු වෙලාවක . ඉතිහාස කෞතුකාගාරේදී . එතකොට මට එච්චර අගයක් තිබුනේ නැහැ . අනික මිට ස්වල්ප මොහොතකට පස්සේ අපේ පොඩි දඟයා කැමරාව බිම දැම්ම . ආයේ දවසක ගිහින් අලුතින් බලන්න ඕනේ විස්තර වත්මන් චාම් ජනතාව ගැන ඊ ළඟ කොටසින් . ඉඩක් ලැබුනොත් මිටම සම්බන්ධ නිසා khmer වරු ගැනත් කියන්නම් . ප්‍රධාන කොටම අද විස්තර විකියෙන් සහ මගේ මතකෙන් . මන් විටින් විට කියවපු දේවල් තියෙනව . මතක් වෙන විදිහට ඊ ළඟ සටහනට එකතු වෙයි .අනික කමෙන්ට් හරහා අපිට කතා කරන්නත් පුළුවන් . මතු සම්බන්ධයි ස්තුතිය .. චම්පා රාජධානියට ගිහිල්ලම ඒ ගැන ලියන්න හිටි නිසයි මේ වැඩේ කල් ගියේ . සියලුම නටඹුන් තියෙන තැන් බලන්න යන්න බැරි වුනා . ඒත් චම්පා වරාය තිබුන Hoi An ගිය නිසා රාජධානියට පය තිබ්බ කියන සතුට නිසා මේක ලියල දාන්න හිතුන . ඒ වගේම Nha Trang සහ Phan Thiet කියන චාම් සංස්කෘතියේ වැදගත් වෙච්ච මහුදු තීරයන්ට කලින් ගිය ගමනුත් මතක් වුනා . [ඊ ළඟ ලිපියෙන් ඒවා ගැන ]ආයේ යන්න ලැබේවි සමහර විට . ඉතින් ගමන එක්ක ගියාට බනිලගේ තාත්තට ස්තුතියි විශේෂ ස්තුතිය මේක ලියන්න කියල මතක් කලාට . නෙලුම් විලට අගනා අදහස් වලින් පෝෂණය කිරීම වෙනුවෙන් බුරතිනෝ හෙවත් ලි බෝනික්කට තෑග්ගක් තමයි මේ |
You are subscribed to email updates from නෙළුම් විල To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |