Sunday, April 01, 2012

නෙළුම් විල

නෙළුම් විල


චම්පා .....සැඟවුන අතීතයේ නටඹුන්

Posted: 31 Mar 2012 12:27 PM PDT

චම්පා කිව්වම 60 දශකයේ  විතර හින්දි චිත්‍රපටයක් නැත්නම් ගෑණු ළමයෙක් ව තමයි අපිට මතක් වෙන්නේ .



චම්පා රාජධානිය ...

වියට්නාමයේ රට මැද හින්දු රාජධානිය ....හිතන්නවත් බැහැ නේද . මගේ ඉතිහාස පොතේ තිබුනෙම නැති පිටුවක් . කොටින්ම බුරාභිධාන අහල නැහැ කියන්නේ අපේ ඉතිහාස පොත් වල තිබුනේ නැහැ කියන්න ආයේ මොනවද වෙන සාක්කි .
චම්පා කියන්නේ හින්දි නමක්නේ . ඉතින් මේ හින්දි නම කොහොමද වියට්නාමෙට ආවේ . නම විතරක් නෙමේ සම්පුර්ණයෙන්ම මේක හින්දු රාජධානියක් . 
පුදුමයි නේද . හැබැයි මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දියන් ජාතිකයින්  නෙමේ  . ඉන්දියානුවන් නොවෙන හින්දු පිරිසක් ? තවත් පුදුමයි . මධ්‍යම සහ දකුණු වියට්නාමයේ විකාශ වුන මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ දුපත්වලින් ආව මිනිසුන් . එන්න ඇත්තේ මුහුදින් . මොකද කිසිම ගොඩබිම් සම්බන්ධයක් නැති නිසා .

ආරම්භය ...

සාක්කි තියෙන්නේ ක්‍රි .ව 2 වෙනි සියවසේ ඇරඹුනා කියල .
බෝර්නියෝ වලින් ආව කියල මානව විද්‍යාවෙන් ඔප්පු කලාට  වියට්නාමයේ ඉන්නේ කතන්දර ශුරයෝ . අපි වගේම තමයි . එයාල [ විශේෂයෙන් චාම් අය ] අතර තියෙන්නේ වෙන කතාවක් . මධ්‍යම වියට්නාමයේ ''කන් හොවා'' කියන පළාතේ උන්න Lady Po Nagar කියන කුමාරිය සඳුන් කොටයක නැගල පාවෙලා යද්දී චීන කුමාරයෙක්ව  හමු වෙනවා . මේ දෙන්න විවාහ වෙලා දරු දෙන්නෙක් ලැබුනට පස්සේ කුමාරිට ආපහු ගමරට එන්න ඕන වුනත් සැමියා අකමැති වෙනවා . දිය මකර රජුගේ ළමයි කතාවේ වගේමයි . ඒත් කුමාරි දරුවොත් අරන් ආයේ සඳුන් කොටේක නැගල ගෙදර එනවා . සැමියා හමුදාවක් අරන් පස්සෙන් ආවත් ඇය විසින් ඔවුන්ව පාෂාණ බවට පත් කෙරෙනවා . මේ සිද්ධිය වුනා කියන අද Nha Trang නමින් හඳුන්වන ප්‍රදේශයේ දී සයුර දුපත් විශාල ගණනකින් යුතු වෙනවා . ඒ අර ගල් වූ අය වෙන්ට ඇති .

විකාශය .-
දෙවන සියවසේ ඉඳන් විකාශය වෙලා 9 වෙනි සියවසේ විතර ස්වර්ණමය යුගයක් තිබිල තියෙනවා . මේ රාජධානිය තුලත් උප ප්‍රදේශ කීපයක් තිබුන වගේම ඒ ඒ ප්‍රදේශ විටින් විට සෞභාග්‍යමත් වෙච්ච බවයි පෙන්නේ . ඉන්ද්‍රපුර,  අමරාවතී ,විජය , පන්දුරන්ගා , කවුතාරා කියන්නේ ඒ ප්‍රදේශ . සේරම ඉන්දියන් නාමයන් .



 සිතියමේ අළු පාට කොටස Dai Viet . කොළ පාට කොටස තමයි චම්පා . කහ පාට කම්බෝජියාව



රාජධානියට  සුන්දර වෙරල තිරයක් සහිතව අනර්ග වරාය පහසුකම් තිබුනා . මේ වරායන් හරහා ඉන්දියාව සමග සම්බන්ධකම් ඇති වුනා . හින්දු ආගම වගේම අනෙකුත් ඉන්දියන් සංස්කෘතික අංගයන් ලැබුනා . රජවරු හින්දු දහම වැළඳ ගත්තා . ශිව දහම තමයි ප්‍රධාන වුනේ . එයිනුත් ලිංග වන්දනාව .

ඉන්දියන් අභාෂය ලද ගොඩනැගිලි දේවාල විශාල ගණනක් ඉදි වුනා . තැන තැන විසිරුන නටඹුන් එයට සාක්කි සපයනවා . මේ නටඹුන් අතර විශේෂම වන්නේ My Son කියන පළාතේ ඇති ගොඩනැගිලි සංකීර්ණය. My Son යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන්නෙත් ඒ නිසා .







මේ My Son පළාත අයිති වෙලා තිබුනේ ඉන්ද්‍රපුරේට . ඒ වගේම චම්පා රාජධානිය ලෝකේ එක්ක සම්බන්ධ කල ප්‍රධාන වරාය තිබුනෙත් මේ ඉන්ද්‍රපුරේ . ඒ තමයි Hoi An . සේද මාවතට සම්බන්ධ වුන හන්දා කියන්න ඕන නැහැනේ කොයිතරම් ලෝකේ එක්ක සම්බන්ධ වෙන්න ඇත්ද කියල .
වියට්නාමේ උඩහ කොටසේ තිබුනේ Dai Viet රාජධානිය . Dai Viet ල තමයි වත්මන් වියට්නාමේ ප්‍රධාන ජාතිය .


උතුරින් චීනය එක්ක කෙලින්ම සම්බන්ධ වුන නිසා චීන සංස්කෘතිය තමයි රට පුරාම තියෙන්නේ . නමුත් චම්පා රාජධානිය තුල චීන අභාෂයක් දකින්න ලැබෙන්නේ නැහැ .

නවවෙනි සහ 10 වෙනි සියවසේදී මහායාන බුද්ධාගම චම්පා වෙත ලඟා වුනා .  එනිසා බෞද්ධ අභාෂය ලැබූ නමුත් කෙටිකලකින් යලිත් හින්දු දහම ප්‍රධාන තැන ගත්තා . රාජ්‍ය අනුග්‍රහය නිසා විය යුතුයි .
චම්පා බලවත්ව තිබුන කාලයේ 12 වෙනි සියවසේදී මෙයාල [වත්මන් කම්බෝජියාවේ ] එකල අන්ග්කොරියන් ක්මර් [ Angkoriyan Khmer ] ආක්‍රමණය කළා . දන්නවනේ Khmer තමයි කම්බෝජියාවේ බහුතර ජනවර්ගය . නොදන්නම අයට කියන්න තියෙන්නේ කම්බෝජියාව වියට්නාමයේ එක මායිමක තියෙන රටක් . 
 ගොඩබිමින් සම්බන්ධ වුන රටවලට ඒ කාලේ පැහැදිලි ඉරි ගහල මායිම් තිබුනේ නැහැනේ . හය්ය ඇති කෙනා අල්ල ගත්තා .
[මේ මායිම් ගැන ලස්සන වත්මන් කතා තියෙනවා ,. එව්වා පසුවට .]

මෙතනදී තත්වය තවත් වෙනස් වෙන්නේ මේ කලාපයේ රටවල් හතකින් ගලන මිකොන්ග් ගඟ නිසා මේ
රටවල් එකිනෙකට සම්බන්ධ වීම . ටිබෙටයෙන් පටන්ගෙන චීනය , මියන්මාරය , ලාඕසය , කම්බෝජියාව , තායිලන්තය හරහා ගලන ඇවිත් වියට්නාමයේ මිකොන්ග් ඩෙල්ටාවෙන් දකුණු චීන මුහුදට එක්කහු වෙන මේ ගංගාව ලෝකයේ දිගම ගංගාවන්ගෙන් එකක් .


ඉතින් මේ මිකොන්ග් නිම්නය දිගේ ගිහින් තමයි චාම් ලා කම්බෝජියාව අල්ල ගත්තේ .


හැබැයි වැඩිකලක් නොගිහින් vii ජයවර්න කියන Khmer රජතුමා මෙයාලව පසු බැස්සුවා . නමුත් Kampong Cham කියන කුඩා පෙදෙසක අදටත් චාම් වරු ජිවත් වෙනවා . පසුකලෙකත් චම්පා රාජධානිය බිඳ වැටුනට පස්සේ පලා ගිය චාම් ලත් මේ කම්බෝජියන් පළාතේ පදිංචි වුනා .


ඉතින් ප්‍රධාන චම්පා රාජධානියට මොකද වුනේ . පිටස්තර ලෝකේ එක්ක සම්බන්ධය නිසා සේද මාවත හරහා ආපු අරාබි ජාතිකයින් ඉස්ලාම් ආගම චම්පා වෙත ගෙනාවා . මුලින් සුළුවෙන් ඉස්ලාම් වැලඳ ගත්ත .
ඔය අතරේ උඩහ උන්න Dai Viet ල කැමති වුනේ නැහැ මේ චම්පා රාජධානියේ පැවැත්මට . එකක් කියන්න ඕන . දේශගුණ විපර්යාසයන් තියෙන උතුරට වඩා නිවර්තන දකුණ සශ්‍රීකයි. අදටත් මන් දැක්ක විදිහට දකුණ උතුරට වඩා දියුණුයි . ඉතින් මෑත ඉතිහාසයේ වගේම එකලත් දකුණු පළාත වඩා වටින්න ඇති . උඩහ හිටි අයගෙන් නිතරම ආක්‍රමණ ඇති වුනා . අනික චම්පා  ප්‍රාදේශීය රාජ්‍ය වලත් ඒ හැටි එකමුතුවක් තිබුනේ නැහැලු . ප්‍රාදේශීය අරගල නිතර සන්සින්දුනේ අන්තර් විවාහයන් කිරීමෙන් .


Dai Viet ල එහෙම කලවම් වෙන්න එච්චර කැමති වුනේ නැහැ . ප්‍රධාන හේතුවක් තමයි චාම් මාතෘමුලික සමාජයක් . පිතෘ මුලික Dai Viet ල කැමති වෙයි ද .


ගෘහ නිර්මාණ ශිල්පය සහ ආගම් වෙනත් දේශ වලින් ගත්තට චාම්වරු තමන්ගේ අනන්‍ය තාවයක් ගොඩ නැගුවා . එක උදාහරණයක් තමයි ගඩොල් බැඳීමට මධ්‍යම වියට්නාමෙට ආවේනික වුන ගහක මැලියම් යොදා ගැනීම .


අනික හින්දු ආගමත් එක්ක පොලෝ මාතාව සංකේතවත් කරමින් Po Nagar වන්දනාවත් සිදුවුනා .
15 වෙනි සියවසේදී ඉස්ලාම් ආගම ප්‍රබලවෙන්න පටන් ගත්තා . 15 සියවසේදී තමයි  චම්පා වලට දරුණු වියට්නාම ප්‍රහාරයක් එල්ල වුනේ .. විශාල හානියක් වෙලා අන්තිමට ඉතුරු වුනේ . Lady Po Nagar උපන්  Khan Hoa පළාත විතරයි . [අද Nha Trang ]. මේ කාලේදී තමයි සමහර චාම් වරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයට ගිහින් තියෙන්නේ . අචේ බසයි චාම් බසයි සමානලු. [අචේ කියන නම අපට මතකනේ සුනාමියත් එක්ක .]



චාම්වරු සැහෙන්න මිය ගියා . ඉතුරු වුන අයත් බොහොමයක් ඉස්ලාම් වුනා . මේ කාලේ වෙද්දී මේ පළාත්වලට චීන බලපෑමත් තිබුනා . සමහරු චීන සංස්කෘතියට අනුගත වුනා . 19 සියවසේදී චම්පා රාජධානිය නැත්තටම නැති වුනා . ඒ Ming Mang කියන වියට්නාම රජුගේ ප්‍රහාරයෙන් . මේ Ming Mang සහ ඔහුගේ පරපුර වුන Nguyen වංශය ගැන පොඩි සටහනක් තැබුවා ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වීම ලිපියේ . ඇත්තටම කුතුහලය ඇති අය කියවා බලන්න .


එවකට හිටි චම්පා රජු තම වැසියන් පිරිසක් සමග කම්බෝජියාවට පලා ගියා . කලිනුත් චාම් වරු හිටි Kampong චාම් පළාතේ පදිංචි වුනා . එතකොට මේ රජු ඉස්ලාම් නිසා කම්බෝජියාවේ චාම්  ජනතාවගෙන් බහුතරය ඉස්ලාම් . අදටත් එසේමයි .
චම්පා වල තව කොටසක් මැලේසියාවට පලා ගියා . සමහරු චීනයේ හයි නාන් දුපතේ පදිංචි වුනා . මේ ගිය හැමෝම වගේ ඉස්ලාම් .



 The head from a stone statue of God Brahma that belongs to the Cham Pa culture. — VNA/VNS Photo Thanh Ha 
 statue of Ganesa, Son of the God Siva, kept in Tien Giang Province's Museum. — VNA/VNS Photo Thanh Ha

: A stone statue of Bodhisattva Kwan Yin from the 7th-8th centuries. — VNA/VNS Photo Quang Nhut.
මේ පින්තුර තුනම වියට්නාම් නිව්ස් පත්තරෙන්




මේ අප්සරාවියයි  පරාක්‍රමබාහු රජතුමා වගේ දෙන්නයි චාම් ක්‍රමේට හදපු නුතන පිළිම . හමු වුනේ Hoi An වල අපි හිටි හෝටලයේ ඉඳල




චම්පා රාජධානියේ නටඹුන් , පිළිම පින්තුර වලින් අද සටහනට තිත තබනවා .



මේවා නම් ඇත්තම සංරක්ෂිත චාම් නිර්මාණ . පින්තුර මන් ගත්තේ 2009 හැනොයි ආපු වෙලාවක . ඉතිහාස කෞතුකාගාරේදී . එතකොට මට එච්චර අගයක් තිබුනේ නැහැ . අනික මිට ස්වල්ප මොහොතකට පස්සේ අපේ පොඩි දඟයා කැමරාව බිම දැම්ම . ආයේ දවසක ගිහින් අලුතින් බලන්න ඕනේ විස්තර

වත්මන් චාම් ජනතාව ගැන ඊ ළඟ කොටසින් . ඉඩක් ලැබුනොත් මිටම සම්බන්ධ නිසා khmer වරු ගැනත් කියන්නම් . ප්‍රධාන කොටම අද විස්තර විකියෙන් සහ මගේ මතකෙන් . මන් විටින් විට කියවපු දේවල් තියෙනව . මතක් වෙන විදිහට ඊ ළඟ සටහනට එකතු වෙයි .අනික කමෙන්ට් හරහා අපිට කතා කරන්නත් පුළුවන්

 .
මතු සම්බන්ධයි
ස්තුතිය ..
චම්පා රාජධානියට ගිහිල්ලම ඒ ගැන ලියන්න හිටි නිසයි මේ වැඩේ කල් ගියේ . සියලුම නටඹුන් තියෙන තැන් බලන්න යන්න බැරි වුනා . ඒත් චම්පා වරාය තිබුන Hoi An ගිය නිසා රාජධානියට පය තිබ්බ කියන සතුට නිසා මේක ලියල දාන්න හිතුන . ඒ වගේම Nha Trang සහ Phan Thiet කියන චාම් සංස්කෘතියේ වැදගත් වෙච්ච මහුදු තීරයන්ට කලින් ගිය ගමනුත් මතක් වුනා . [ඊ ළඟ ලිපියෙන් ඒවා ගැන ]ආයේ යන්න ලැබේවි සමහර විට . ඉතින් ගමන එක්ක ගියාට බනිලගේ තාත්තට ස්තුතියි
විශේෂ ස්තුතිය මේක ලියන්න කියල මතක් කලාට . නෙලුම් විලට අගනා අදහස් වලින් පෝෂණය කිරීම වෙනුවෙන් බුරතිනෝ හෙවත් ලි බෝනික්කට තෑග්ගක් තමයි මේ

Friday, March 30, 2012

නෙළුම් විල

නෙළුම් විල


අපි කොයිතරම් පුංචිද මහ සයුර ළඟ

Posted: 29 Mar 2012 07:46 AM PDT




දුවන ගමනේ ඉසිඹුවක් ගෙන කාලයට නැවතුම       සොයා
හිඳින මොහොතේ වෙරල අද්දර අනන්තය දෙස නෙත් අයා
නැගෙන පෙරලෙන රැල්ල දිවයයි සුමුදු පෙණ වෙරළේ තියා
මටම සිතුනා සයුර අබියස මන් හරිම පුංචියි                 කියා

දකුණු චීන මුහුදේ සුන්දර වෙරළක ඉමක් නැති ක්ෂිතිජය දිහා බලන් ඉන්නකොට මේ කවිය ලිව්වේ හිතේ . පුංචි කාලේ කවදාවත් හිතේ හැටියට මුහුදු වෙරළක සෙල්ලම් කරන්න ලැබිල නැහැ . ඉඳහිටක ගාලු මුවදොර බලන්න ගියා වුනත් ඇති තරම් සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ . ඉස්කෝලෙන් හික්කඩු වෙරළට එක්කන් ගිය ගමනත් හරිම කෙටියි . ඒ හින්ද දවසක ඇති වෙනකම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න තිබුන ආසාව නැති වුනේ නැහැ . පසුකලෙක නම් ඇති වෙනකම් මහ සාගරය දිහා බලන් ඉන්න අවස්ථාව ලැබුන . ඒත් අර මගේ හිතේ ඉන්න ළමයට ඕන වෙරළට වෙලා රැල්ල එක්ක සෙල්ලම් කරන්න . ඉතින් ඉඩක් ලැබුන ගමන් ඒ ළමය හිතේ හැටියට මුහුදේ අසිරිය විදිනවා .
වියට්නාමෙටත් දිගම දිග මුහුදු තිරයක් තියෙනව . ඔයිනුත් ලස්සනම ටිකක් රට මැදට වෙන්න .කඳුකරයක් එක්කම මුහුදු වෙරලක් දකින්න ලැබෙනවා මෙහෙ . වියට්නාමෙට මායිම් වෙන්නේ දකුණු චීන මුහුද . චීන ලොකු අය්යයි මේගොල්ලයි අතර  නිතරම පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා මේ මුහුදේ කාරණා සම්බන්ධයෙන් .
වියට්නාමය භූගෝලීය වශයෙන් කොටස් තුනකට බෙදෙනවා . උතුර , මධ්‍යම සහ දකුණ ලෙස . අතීතයේ කලින් කලට විවිධ ආක්‍රමණයන් හමුවේ මේ කොටස් විවිධාකාරයෙන් බෙදී පාලනය වෙලා තියෙනවා . ඒත් 1975 දී ඇමරිකන් යුද්ධෙත් ඉවර වෙලා සයිගොන් වල රූකඩ ආණ්ඩුවත් බිඳ වැටිලා රට එක්සේසත් වුනාට පස්සේ ඉඳන් දැන් එකම පාලනයක් . විටින් විට මන් මේ දේශපාලන පෙරලි සහ යුද්ධ ගැන යම් යම් කරුණු ඇතුලත් ලිපි ලිව්වා . ඒ කාලේ අද තරම් පිරිසක් නෙලුම් විලට ආවේ නැහැ . කැමති නම් මේ ලිපි ටික කියවන්න . නොදැවුණ හදවත , නිසලව නිදන මිනිසෙකි , කුචි උමන් , ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වූ ඩියෙන් බියෙන් පහු සටන, බිම වැටුන කුරුල්ලෝ

මධ්‍යම වියට්නාමයේ විශාලම නගරය Danang . ඉස්සර පුංචි ගුවන් තොටක් තිබුනේ . ලඟදි අලුතින් ඉතාම ලස්සන ගුවන් තොටක් හදල තියෙනවා . මේ නගරයේ ඒ කාලේ ඇමරිකන් හමුදා බේස් එකක් තිබිල තියෙනවා . වියට්නාම ඇමරිකන් යුද්ධය ගැන පිළිවෙලකට ලිපියක් හෝ ලිපි පෙළක් ලියන්න ඕන කියල කලක හිටන් හිතන් ඉන්න නිසා ඒ ගැන අද නොකියා ඉන්නම් . මේ ලිපියේ අරමුණ මා දුටු ලස්සන දේවල් කිවීම විතරයි .
Danang වලින් බැහැල පැය භාගයක් විතර කුලී රථයකින් ගිහින් තමයි Hoi An කියන නිස්කලංක ඉපැරණි නගරයට ලඟා වුනේ . මෙය පැරණි වරායක් තිබුන නගරයක් . සේද මාවතට සම්බන්ධ වී තිබුන . මට පිස්සු හැදිලද කොහෙද ඔය සේද මාවත ගැනත් ලිපි හයක් ලිව්වා මතකනේ .
[මටත් ඔන්න බැනුම් අහන්නත් වෙයිද මන්ද ලින්ක් වලින් පිරිලා කියල . ඒ වුනත් මන් ආසාවෙන් ලියුව ලිපි නේ . කැමති නම් කියවන්න .]
මේ Hoi An  නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත එකක් . පැරණි නගරය තුල පයින් සහ බයිසිකල් වලින් පමණයි ඇවිදින්න හැකි . හරිම නිස්කලංක බවක් දැනෙනවා . පරණ ගෙවල් හෙම ඒ විදිහටම තියෙන්න ඇරලා . කලබලකාරී හෝ චි මින් සහ හැනොයි වලට වඩා හරිම වෙනස් . සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙනවා .
හරිම විශේෂ දෙයක් දැක්ක . ඒ තමයි මැහුම් කඩ . කෝට්, සුට්,  ගවුම් ඕනෑම ඇඳුමක් එවෙලේම මිමි අරගෙන එදාම හවසට දෙනවා . ඒ වගේමයි සපත්තු . අපිට හමු වුන ඔසී ජාතික යුවලක් කිව්වේ එයාල විශේෂයෙන්ම ආවේ ඇඳුම් මහන් යන්නලු .
මේ පරණ ගෙවල් දකින කොට අපිට මතක් වුනේ ගාලු කොටුව .
කෑම බිමත් මධ්‍යම වියට්නාමයට අවේනික ඒවා . උතුරේ දකුණේ සහ රට මැද කෑම වල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා .
අද වැඩිය ලියන්නේ නැහැ . මේ පින්තුර ටික විතරයි ඔන්න .
@බුරා අදට මේ ''වේලුණ කොටි මස් කන්න . හෙට අමු කොටි මස් දෙන්නම් '' මොකද තව ටිකක් කියවන්න තියෙනවා අපේ අර ලිපියට
අහසේ සිට
Hoi An වල විශේෂම අංගයක් මේ ලස්සන බකට් .



නගරය මැදින් ගලන ගඟ

 මෙහෙ ඕනෑම ප්‍රසිද්ධ තැනක ඉන්නවා ෆොටෝ ගන්න අය. ඩොලර් එකකට පින්තුරය අරගෙන මුද්‍රණය කරලත් දෙනවා . මෙන්න මෙයා ගේ පින්ත්රයක් මන් ගත්තේ ඇයි දන්නවද . එයා අතේ තියෙනවා පුංචි ප්‍රින්ටරයක් . තනි පුද්ගල ව්‍යාපාරයක් .




පුංචි ඇලක් උඩින් වැටුන මේ පාලම අවුරුදු 400 ක් පරණලු. මෙහෙ Don 20,000 හේ සල්ලි නෝට්ටුවෙත් මේ රූපේ තියෙනවා
මේ පාලම හදල තියෙන්නේ ජපන් ජාතිකයින් වර්ෂ 1590 දී විතර . එතනින් ඇතුලේ පන්සලක් . මේ පාලමට ඇතුල් වෙන තැන තමයි මේ සුනඛ ප්‍රතිමාව තියෙන්නේ . ඇත්තටම දෙකක් තියෙනවා දෙපැත්තේ .මුර පිළිම ලෙස . පාලමෙන් අනික් පැත්තේ වඳුරු පිළිම දෙකක් .. එක මතයක් තමයි ලුනා කැලැන්ඩරයේ සුනඛ වර්ෂයේ හදන්න පටන් අරන් වඳුරු වර්ෂයේ දී අවසන් වුනා කියන එක . අනික් මතය බොහෝ ජපන් අධිරාජයන් බලු සහ වඳුරු අවුරුදු වල උපන් නිසා කියන එක .
කොහොම වුනත් මේ පාලම හැදීමේ අරමුණ වෙලා තියෙන්නේ නගරයේ ජපන් කොටසත් චීන කොටසත් යා කිරීමේ සමගි සංකේතයක් විදිහට . ඇත්තටම මේ ටික කියෙව්වේ අන්තර්ජාලයෙන් . හරි ගේ ඉල්ලීම පිට .
තවත් පුංචි දෙයක් එක කරන්න ඕන හොයී ආන් නගරය ඇමෙරිකන් හමුදා බේස් එකක් අසල තිබිලත් යුද්ධෙන් විනාශ නොවුනේ යුධ මුක්ත කලාපෙට අයිති වෙලා තිබුන හන්දලු .





ලෝකේ ප්‍රසිද්ධ නැව් බෝට්ටු වල ආකෘති හදන්න මෙයාල හරි හපන්නු .





මේ රුප වල පුරුදු ගතියක් තියේද බලන්න

මේ පින්තුර එක පන්සලක පිටත බිත්තියේ ඇඳපුවා. 1802 දී මේ පන්සල හදල තියෙන්නේ චාන් නම් ප්‍රකට පවුලක් විසින් . ඇත්තටම මේක එයාලගේ පවුලේ රැස්වීම් , ඒ වගේම මැරුණ අයගේ අළු තැන්පත් කිරීම් වගේ දේවල් කෙරුණා ස්ථානයක් . මේ බුදු පිළිම සහ චිත්‍ර මෑත කලෙක සදපුවා . පිටතින් අපේ පන්සලක් වගේ පෙනුනට අරමුණ වෙනස් . චිත්‍ර ටික අපේ වගේම නිසා තමයි මගේ හිත ගියේ . මේ පන්සල ෆෙන්සුයි නීති රීති අනුව නිමවුවක් . මොකද මේ චාන් [TRAN - කියල තමයි මෙයාල චාන් ලියන්නේ ] පවුල ඈත අතීතයේ චීනෙන් ආපු අය නිසා .
ඇත්තටම මන් මේ දමපු පින්තුර වෙන වෙනම විස්තර කරන්න හරිම වෙලාවක් යන වැඩක් . පෝස්ට් එකත් ගොඩක් දික් වෙයි . ඒ නිසා ප්‍රශ්න මතු වෙන විදිහට කමෙන්ට් වලදී විස්තර කරන්නම් .

බොන්සායි බෝ ගහක්

මේ තොප්පිය කාගේද දන්නේ නැහැ

මේ taxi යේ යන්න නම් කවුරුත් කැමති වෙයි


මේවට කියන්නේ සික්ලෝ

අපි උන්න හෝටල් පරිශ්‍රයේ ගමක් හදල තිබුන . ඒකෙ උන්න දෙන්නෙක් .

ලැබූ මැස්සක්

එරබදු වර්ගයක් වගේ නේද

මාරයාට කියල විචාරයක් ලියව ගන්න ඕන


ලස්සන බකට් රෑට

Thursday, March 22, 2012

නෙළුම් විල

නෙළුම් විල


මධුර ප්‍රේම කල්පනා යනු කුමක්ද ?

Posted: 21 Mar 2012 10:16 PM PDT



ප්‍රේමය යනු කුමක්ද ..ළමයින් මේ ගැන දන්නේ මොනවාද . ප්‍රේමය ගැන කියවෙන ගී පොඩි වුන් ඇසුවාට කමක් නැද්ද . ප්‍රේමය සම්බන්ධ වූ චිත්‍රපට ටෙලි නාට්‍ය පොඩි වුන් බැලුවාට කමක් නැද්ද . හැම දෙමාපියෙක්ම දවසක මේ ප්‍රශ්නයට මුණ දෙනවා . අපි පොඩි කාලේ වුනේ කොහොමද කියල හිතා බලද්දී අපේ අම්මලට මේවා එච්චර ප්‍රශ්නයක් වුනේ  නැහැ කියල හිතෙනවා . රුපවාහිනිය බහුල නැහැ . අන්තර්ජාලය ...පිස්සු කතාකරන්න එපා .

එකම ප්‍රශ්නෙකට තිබුනේ නවකතා සහ චිත්‍රකතා . අපේ වාසනාවට ඕන දෙයක් කියෙව්වට කමක් නැහැ කියන අදහස අපේ ගෙවල්වල තිබුන . හැබැයි චිත්‍ර කතා පත්තර ගෙදරට ගෙනාවේ නැහැ . කොහේදී හරි බැලුවට තහනමකුත් නැහැ. අනික පොඩි පොඩි මාමල නැන්දලා බාප්පල ගොඩක් හිටිය නිසා ඕව වලකන එකත් නිෂ්පල ව්‍යායාමයක් කියල අම්මලට තේරෙන්න ඇති .

ඔය හන්ද කැරලි කොණ්ඩයක් තිබුන ''කැලුම් '' සහ ''වලාකුලක් වගේ කෙස් කළඹක් තිබුන '''දේදුනු '' අතර තිබ්බ ප්‍රේම පලහිලව්ව මන් හිතන්නේ මන් දැන ගත්තේ දෙකේ තුනේ පන්ති වලදී .[  ඒක කියවල නැති අර ටෙලිය බලපු අයගේ හිතේ ඇත්තේ ඒ නළුවයි නිළියයි ] ප්‍රතිපත්තියක් විදිහට කියවපු පොතක හරි කතාවක හරි චිත්‍රපට මන් බලල තියෙන්නේ හරිම අඩුවෙන් .

බලපුවත් මගේ චිත්ත රූප විනාශ කරන්න සමත් වුනේ නැහැ . චිත්‍රපට කීපයක් බැලුව වුනත් ටෙලි නම් බලන්නෙම නැහැ .

 අර ඉස්සර හදපු ෆිල්ම් අලුතින් ටෙලි කරපුව ..එව්වා දිහා නම් හොරෙන්වත් බලන්නේ නැහැ . ''ගැහැණු '' ළමයි කියවල හදන් උන්න චිත්ත රූප වලට සමකරන්න සුමිත්‍රා පිරිස් ටත් බැරි වුන එකේ [ සිනමාව තුල ඇති සිමා මායිම් තුල ] වෙළඳ දැන්වීම් කියල නම් නොකර ටෙලි නාට්‍ය කියල වැරදි නමක් පාවිච්චි කරන රූප පෙට්ටිය ඇතුලේ ...මන් නම් අහුවෙයි ඕවට .

මෙලෝ රහක් නැති ''ගඟ අද්දර '' ලස්සන සිනමා සිත්තමක් කල එකට නම් මෙතනදී සුමිත්‍රා මැතිනියට ස්තුති කරනවා හදවතින්ම . ඒකෙත් ටෙලියක් තිබුන කියල දැක්ක . නොබැලුවෙමි


ඉතින් මන් දන්නේ අර පරණ දේදුනු සහ කැලුම් විතරයි . ඊට අමතරව දයා රාජපක්ෂගේ චිත්‍රකතාවල තිබුන ටිකක් ග්‍රාමය බස් වහරත් මට මතකයි . ගජ මෑන් ගේ දෙපිට කැපෙන විහිලු වුනත් රස වින්ද . ඔන්න ඔය හින්ද ''අම්මේ අර වචනේ මොකක්ද .. ඒකෙ තේරුම මොකක්ද '' කියල ප්‍රශ්න අහල අම්මලාව අමාරුවේ දාන්න අපිට අවශ්‍ය තාවයක් තිබුනේ නැහැ . එහෙම මෝඩ ප්‍රශ්නයක් දෙකක් ඇහුව නම් සමහර විට ඔව්ව කියවන එක තහනම් වෙන්නත් ඉඩ තිබුන .
එහෙව් මගේ ළමයි දැන් ලොකු වෙන නිසා මන් අද මේවා හිතන්න පෙළඹිලා . අපේ ලොක්කි හරිම සිරු මාරුවට ඔය කොයිකත් තේරුම් අරගෙන සද්ද නොකර ඉන්න ජාතියේ . ''ටයිටැනික්'' බලද්දී අර කාරෙකේ දර්ශනය යන්න ඔන්න මෙන්න වෙන නාලිකාවකට මාරු කරලා ටිකකින් ආපසු චිත්‍රපටයට මාරු වුන වෙලා වේ මන් හරිම සතුටු වුනා .
අද ළමයින්ට අපිට වඩා ලෝකය විවර වෙලා . ඕනෑම ළමා කාටුන් එකක බල්ලෝ පුසෝ ..විතරක් නෙමේ කාර් රොබෝලා ගැන තියෙන කතා වලත් අදරේ ගැවිලා. ඉතින් හංගන්න දෙයක් නැහැ . සින්ඩරෙල්ල , ස්ලිපින්ග් බියුටි ගේ ඉඳන් එකී නොකී හැම එකක්ම ඉවර වෙන්නේ සිප ගැනීමකින් . අපේ උන් ඒ වෙලාවට ඇස් වහගන්නවා . නිකන්ම බලන් උන්න නම් දන්නේ නැහැ කිව්වැකි . ඇස් වහගන්නේ මෙයාල මෙව්වා දන්නා නිසානේ . දෙය්යන්ගේ පිහිටයි මගෙන් ඔව්වා අහන්නේ නම් නැහැ .
ඒත් අපි බලන හැමදේම බලන්න නම් ඉඩ දෙන්න තවම මන් ලෑස්ති නැහැ . ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති නිසා . කොච්චර ගහගත්තත් ''ජැක් ස්පැරෝ'' මහත්තය ඉන්න පයිරේට් කතා ටික නම් පවුලම බැලුව .


මේ කොයිකත් ඉරක් ගහල වෙන් කරන්න බැහැ කියලයි මන් හිතන්නේ . හැබැයි තම තම පවුලට ගැලපෙන විදිහට තමන්ගේ ක්‍රමයක් හදා ගැනීමයි වැදගත් . මට  ටිකක් අනුන්ගේ උපදෙස් කියවන්න බැරි ගතියක් තියෙනවා ඔය ළමයි හදාගැනීම වගේ විෂයන්ට . මගේ තක්කඩි කම වෙන්න ඇති . මටම හරියන ක්‍රමයක් හදාගන්න ඕන කියන මතයේ මන් ඉන්නේ . උපදෙස් අහන වෙලාවලුත් නැත්තේ නැහැ . ඉස්සරහට ඕන වෙන්නත් ඉඩ තියෙනවා ..හැබැයි ගොඩක් සම්මතයන්ට යටත් වුනොත් අවුල් වෙන බවයි මගේ හැඟීම . උදාහරනෙකට පිරිමි ළමයි ඉන්න පවුල වලට අපේ  රුපවාහිනී ප්‍රතිපත්තිය නොගැලපෙන්න පුළුවන් . ළමයිත් එක එක්කෙනාට වෙනස් . සමහරු පොල්ලෙන් ගැහුවා වගේ ප්‍රශ්න අහනවා . සමහරු හොරෙන් දැනගෙන සද්ද නොකර ඉන්නවා .


මාත් අලිම අමාරුවේ වැටුන වෙලාවල් තියෙනවා ඔය සම්බන්ධව . එකක් භාෂා ප්‍රශ්නය නිසා .දන්නවනේ අපේ පොඩ්ඩෝ යන්නේ බෑන් කි මුන් මහතාගේ එක්සත් ජාතීන්ගේ පාසලට කියල .
මේ ඉස්කෝලේ ටිකක් විශේෂ එකක් කියල මන් කලිනුත් කිව්වා නේ . කොයි ක්‍රමේ හොඳද  නරකද  මන්දා .

අපි අපේ බසින් කිව්වොත් සෑහෙන කට්ටක් කාල ඉගෙන ගත්ත අපේ අධ්‍යාපනය නරකයි කියන්නත් බැහැ. අපේ අධ්‍යාපනයයි මේ අධ්‍යාපනයයි අතර මන් දකින ලොකුම වෙනස තමයි අපේ ක්‍රමේ දක්ෂයෝ ටික පෙනේරෙන් හලලා අරන් රොඩු ටික විසිවෙන එක .

ඒ පෙනෙරේ හිල් හරිම කුඩා එකයි තියෙන ප්‍රශ්නේ . මේ ක්‍රමේ තියෙන හොඳේ තමයි හැමෝටම හැමදේම උත්සාහ කරලා බලන්න අවස්ථාවක් ලැබෙන එක . උදාහරනෙකට අපේ ලොක්කි මේ දවස්වල ''චෙලෝ'' කියන මහා තඩි සංගීත උපකරණය ඉගෙන ගන්නවා . දවස් දෙකක් බැරි අමාරුවෙන් ඕක උස්සන් යනවා . ඒක ළමයට වඩා උසයි කොටින්ම . හැබැයි මන් දන්නේ නැහැ එයා කවද හරි ඉදිරියට ඕක වාදනය කරයිද කියල . ඒත් ඒක උත්සාහ කරලා බලන්න එයාට අවස්ථාවක් ලැබිල තියෙනවා .
ඔය වගේ උදාහරණ ගොඩක් තියෙනවා .

හැබැයි තරඟයක් නැහැ . මේ තරඟයක් නැතිකම දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ . හැබැයි ළමයි සතුටින් . ඒක තමයි අන්තිමට අපෙත් සතුට .

අපේ පොඩි දෝනි සිංහල වලට කලින් ඉංග්‍රීසි තමයි ඉගෙනගත්තේ . දැන් නම් බොහොම උනන්දුවෙන් සිංහල ඉගෙන ගන්නවා . හැබැයි ගෙදරදී විතරයි සිංහල ඇහෙන්නේ . හැනොයි වල ලාංකිකයෝ කීප දෙනයි ඉන්නේ . ඒ ටිකත් එක්කහු වෙන්නේ නිදහස් දවසටයි වෙසක් දවසටයි විතරයි . මුල් කාලේ අපි වෙසක් ඒකට බණ අහපු හැටි පොස්ට් එකකුත් ලිව්වා .

ඉතින් මේ ළමයින්ට සිංහල භාවිතා කරන්න තියෙන්නේ හරිම පොඩි පරාසයක් විතරයි . ලොකු සිංහල ජනගහනයක් ඉන්න ඔස්ට්‍රේලියාව වගේ රටවල් මිට වෙනස් . අනික් අතට බැලුවම මෙයාල භාෂා සෑහෙන ගණනක් ටික ටික දන්නවා . කොටින්ම බනියා හිබ්රු බසත් ටිකක් දන්නවා . ඒ එයාගේ ඊශ්‍රායල් යෙහෙළිය නිසා . මව් බස උගන්නන දාට මට යන්න බැරි වුනහම ඔය වෙන අම්මෙක් ළඟ ට හේත්තු වෙනවා . හිබ්රු ..තුර්කි ..පෝලිෂ්..වගේ අපිට හුරුම නැති බසවල් එයාලට ඇහෙනවා .

කොරියන් ජපන් වියට්නාම රුසියන් එකී මෙකි නොකී භාෂාවලින් කතාකරන ළමයි ඉන්න ඉස්කෝලෙක ඉගෙනීමේ සතුට ඒකයි.

කෑම බිමත් එහෙමයි . මන් ලඟදි කල්පනා කළා රොටි ගැන . හැම රටේම වගේ රොටි වර්ගයක් තියෙනවා . අපේ අසල්වැසියාගේ රටේ චපාති ..නාන්..පුරි දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේදී ටෝටිලාස් ..මධ්‍යධරණී පැත්තේදී පිසා..අපේ ඉතින් පොල් රොටිය . ඒකත් හරිම විශේෂයි බලන් ගියහම .

ඉතියෝපියාවේදීත් රොටි වර්ගයක් තමයි එයාලගේ ප්‍රධාන ආහාරය . මේ රොටි වර්ග වගේම ආප්ප වගේ මදක් පැසෙන්නට ඇරලා සාදන රොටි වර්ගත් හැම තැනම තියෙනවා . තෝසේ ඒ වගේ එකක් . ප්‍රන්ශේ ප්‍රකට Crepe කියන පෑන් කේක් එකත් ඒවගේ .

වියට්නාමේත් තියෙනවා අපේ ආප්ප වගේම කෑමක්. හැබැයි ඉතින් මැද්දට මස් මාංස .සහ තව දේවල් පුරවල හදන්නේ . මෙහෙ තියෙන සමහර කෑම හොඳයි . ටි ජිත් ඉල්ලලා තිබුන සහල් පිටි කෑම ගැන ලියන්න කියල .

වැඩේ ඉතින් මේ සහල් ටිකක් ඇලෙන සුළුයි . අපේ සහල් පිටි වලින් මේවා හදන්න බැහැ .ඒ නිසා ලියන්න වෙන සහ කියවන්න වෙන මහන්සිය අපරාදේ . මුන් ඇට වලින් හදන කෑම වුනත් ටිකක් ප්‍රයෝගික නැහැ . රසම රස මුන් ඇට කේක් වුනත් පොඩ්ඩක් ඌරු තෙල් මිශ්‍ර කරනවලු .


කතාව කෑම දිහාට ඇදිල ගියාට පටන් ගත්තේ අපේ ළමයින්ගේ සිංහල දැනුම ගැනනේ. මුලින් ඉංග්‍රීසි ඉගෙන ගෙන පස්සේ සිංහල ඉගෙන ගැනීමේදී වෙන හාස්‍යජනක සිදුවීම් අනන්තයි අපේ දිහා . එකක් තමයි උක්තය .කර්මය අඛ්‍යාතය අනුපිළිවෙලින් සිංහල වලදී එන්නේ . ඉංග්‍රිසියේදී ඕකේ වෙනස් .
මම බත් කෑවා = I ate rice

දෙවනුව සිංහල උගෙන ගනිද්දී ''මම කෑවා බත් '' .

අද බොහෝ දේ අමතක වුනත් එකල මව් බස මගේ ප්‍රියතම සහ පහසුම විෂයක් වුනා . කොටින්ම වතුර වගේ . ඒත් භාවිතයේ නැතිකොට ඒක ඉගෙන ගන්න ලමයෙක් ට කොච්චර අමාරුද කියල අද තේරෙනවා .



මේ පාර ගෙදර ගිය වෙලාවේ නන්දා මාලිනියගේ නෑසෙන ගී තැටිය ගෙනාව . දවසක ඔය තැටිය වාදනය වෙමින් තිබුන . අපේ දෙන්නත් ගෙදර .

මන් එයාලගේ සිංහල දැනුම අවතක්සේරු කරලා ඔහේ මගේ වැඩ කරන හිටිය .

එයාලත් එයාලගේ වැඩ .

සින්දු හයක් විතර ගියාට පස්සේ පටන් ගත්ත '' මධුර ප්‍රේම කල්පනා '' ගීතය .


පොඩි - ''අම්මේ මොකක්ද මධුර ප්‍රේම කල්පනා කියන්නේ ''


අක්ක - '' අහන්න එපා නංගි. මන් හිතන්නේ ඕකේ සම්බන්ධයක් තියෙනවා ආදරේට ''


මේ දෙබස වුනේ ඉංග්‍රීසියෙන් .මන් හීන් සැරේ තැටිය අරන් තිබ්බ .

ආයේ දවසක ලංකාවට ගිහින් ආපු අලුතම .

පොඩි - අම්මේ මන් දන්නවා MY GOD කියල සිංහලෙන් කියන්න විදි තුනක් තියෙනවා .


1. බුදු අම්මෝ
2. ජංජාලයයි
3. අම්මට සිරි
.

අපේ බනිලගේ තාත්ත උදේට ගෙදරින් යනකොට ''අපි ගියා '' කියන පුරුද්දක් තියෙනව . බනි නිතරම මතක් කරනවා ''අපි ගියා නෙමේ මන් යනවා කියන්න '' කියල .


ඔව්වට හිනා වෙලා මන් උගත් පාඩම තමයි '' ළමයින්ගේ දැනුම අවතක්සේරු නොකරනු '' කියල .


මේවා කියද්දී මට තව ලස්සන සිදුවීම් ගොඩක්  මතක් වුනා .


1.අපේ ලොකු දු යන්තම් බැහැ තෝරන කාලේ  කාරෙක යට පුස් පැටියෙක් මැරිලා හිටියා . අපි ඉතින් එයාගේ පුංචි හිත රිදවන්නේ නැතුව පුස් පැටිය නිදි කියල එයාට හොරෙන් අයින් කරලා දැම්ම .
හවස ලොකු ආච්චි ආවා . 
ලොක්කි -'' ආච්චි හරි වැඩේ . අද කාරෙක යට පුසෙක් මැරිලා හිටිය ''


2.මෙයාලගේ සියා පන්ති වගයක් කළා ඒ කාලේ . ලියුමක් පරිගණකයෙන් හදා ගන්න හන්දියට යන්න ලෑස්ති වෙලා
සියා ..දුවේ මන් යනවා මේ ලියුම හදන් එන්න
ලොක්කි ..- ඇයි සියේ ලියුම කැඩිලද??



3. ලොක්කි තමයි තාත්තගේ පැත්තේ පළවෙනි ළමය . ඒවෙනකොට අපේ නෑනා විවාහ වෙලා හෙම නැහැ . ඉතින් ඉස්සරහ වැඩ කටයුතු ගැන හිතල අපේ නැන්දම්මා ගේ දොර හෙම වැඩිය කිලිටි වෙනවට කැමති වුනේ නැහැ . හැබැයි යන්තම් හිටගන්න පුළුවන් වෙද්දීම අපේ කෙලී ගත්ත පාට කුරු අතට .


නැන්දම්මාට තරු පෙනුනේ බිත්ති පුරා සිගිරියටත් වඩා හොඳට බිතු සිතුවම් මතු වෙද්දී . ඒක තැනක් අතුල්ලලා සෝදාලා මකනකොට මෙන්න තව බිත්ති දෙකක් විතර ඉවරයි . ළමයාගේ තාත්තයි අම්මයි ළමයාගේ චිත්‍ර හැකියාව ගැන පුදුම ආඩම්බරයකින් ඉන්නවා දැක්කම ලේලි ගැන මාර ආදරයක් ඇති වෙන්න ඇති හිතේ . අම්ම අඟුරු වලින් බිත්ති වලයි තව අතට අහුවෙන පොත් පත්තර තිර වල චිත්‍ර කලාව ප්‍රගුණ කල එකේ දුවට එපා කියයිද .


නැන්දම්මට තව තරහ යන්න ඇත්තේ ළමයාගේ තාත්ත බිත්තියට බෝල ගහල ක්‍රිකට් පුරුදු වෙනවා . ක්‍රිකට් කිව්වට ඒක ඉතින් ස්කොෂ් වගේ . බෝල වල මඩ පාරවල් බිත්තිය ගන්න දෙයක් නැහැ ,. මෙන්න ඒ මදිවට කෙල්ල බිත්තිය වනසනව .


ළමයාගේ අම්මයි තාත්තයි වැඩට යනවා . බලාගන්න ගෑනු ළමයත් අපේ ලොක්කිටම හරියනවා . අපි ඉන්න වෙලාවට නැන්දම්මා මොකුත් කියන්නෙත් නැහැ . ඉතින් අපිටත් ඕක එච්චර ගානක් නැහැ .
දවසක් කොලේක ලොක්කි ඇන්ද ලොකු මුණක් . ඇස් දෙකෙන් කඳුළු බෝල දෙකක් කඩන් වැටෙනවා ඇන්ද ඒ මුණේ.
අපි ඇහුව ඇයි මේ බබා අඬන්නේ කියල


ලොක්කි - '' ඒ බබා අඬන්නේ එයාගේ ආච්චි බැනල , බිත්තියේ චිත්‍ර ඇන්ද කියල ''
මදැයි කළා .ආච්චිගේ මුණ ඒ වෙලාවේ පින්තුරයක් අරන් තියන්න බැරි වුනානේ .


මන් හිතන්නේ ආච්චිත් ඉගෙන ගන්න ඇති ''ළමයින් අවතක්සේරු නොකළ යුතුයි කියල ''[ මේ සිද්ධිය මන් චිත්‍රාට ඉර ඇබින්දක් ලිපියේ කමෙන්ට් එකක් විදිහට දැම්ම කියල දැන් මතක් වුනා . ඔන්න ඔහේ කෑමක් නැහැ ]


ගෙවල් අවුල් වෙන එක වැඩිය ගණන් ගන්න එපා කියල තමයි මන් ඔය ''අලුතින් තාත්තල ''අම්මල වෙච්ච  අයටත් කියන්න තියෙන්නේ . ''ලස්සන ගෙයක්ද බුද්ධිමත් ළමයෙක්ද '' හිටපු විදුහල් පතිනියක් කල කතාව මගේ හිතේ හැමදාම තියෙනවා . අනික මොකට ඔය හැටි අස්පස් කරලා තියා ගන්නවද . මේ


ගෙවල් අස්පස් කිරීම ගැන මන් පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ . ඒක ලිව්ව දාට ස්වාමි පුරුෂයෝ තම බිරින්දෑ වරුන්ට මේ පැත්තේ එන එක තහනම් කරන නිසා බ්ලොග් ලියවිල්ල එපා වෙන දාකට ඒක ලියන්නයි  හිතන් ඉන්නේ .

බනිලගේ ඉස්කෝලේ සිද්ධි ගොඩක් තියෙනව බෙදා ගන්න . ඒ සමහර දේවල් අපිටත් කල හැකි දේවල් . හොඳ දේ කාගෙන් වුනත් මොකද . ඒවා හොඳ නම් . ඉඩ ඇති විදිහට ඒවා ලියන්න බලාපොරොත්තු වෙනවා .එහි අරමුණ ඉංග්‍රීසිය කරමත තබා ගැනීමවත් අපේ දේවල් අවතක්සේරු කිරීමවත් නෙමේ . ලස්සන දෙයක් බෙදා ගැනීමත් අපිට හැකි නම් ඒවා අපේ අධ්‍යාපනයට එක් කර ගැනීම හොඳ දැයි සිතීමට ත් පමණයි .
  .


අදට බනිගේ මගේ කතා එපමණයි . අසා සිටි සැමට ස්තුතියි .


මේ ස්තුතියි ගැනත් අපේ ලොක්කි ලඟදි හරි කතාවක් කිව්වා . අපේ රටේ අය එච්චර සිරිත් දන්නේ නැහැ නේද කියල . මොකෝ ඇහුවම එයා කියනව ස්තුතියි කියනව ආයුබෝවන් කියනවා  එයාට වැඩිය ඇහිලා නැහැලු . ඇයි දෙය්යනේ අපි කට පුරා ''තෑන්ක් යු '' කියන්නේ . මේ ළමයට හිතෙන එව්වා
අනික මන් කිව්වා මෙලෝ තේරුමක් නැතුව සුද්දා හව් ආ යු කියනව .  මෙලෝ හොඳක් නැති මුස්පේන්තු දවසක වුනත් I am fine කියල උත්තර දෙනවා .


අපිත් එහෙමමයි ''කොහෙද යන්නේ ..'' අහනවා පෙනී පෙනී
''මේ ලඟට යනවා '' වැඩි හිතවත් නම් යන ගමන පැත්තක තියල රටේ නැති වල්පල් කතා කරනවා . කොයිකත් එකයි. ඒ ඒ රටේ ඒ  ඒ විදිහට . මන් නම් ඔය කොයිකත් හොඳයි කියල තමයි හිතන්නේ හිනා පොදක් නැති පැතලි මුණක් දකිනවට වඩා .


පොරොන්දු කීපයක් තියෙනවා වෙච්ච .එයින් එකක් ඉටු කරන්න ලැබෙන ආකාරයේ පොඩි ගමනක් යන්න ලැබෙනවා හෙට අනිද්දට . සතියක වසන්ත නිවාඩුව හින්ද . හැබැයි මේ නිවාඩු බෑන් කි මුන් මහත්තයගේ ඉස්කෝලේ විතරයි . ඒකට සල්ලි ගෙවන තාත්තලාගේ රාජකාරි තැන එහෙම නිවාඩු තියා සති අන්තෙත් ගෙදර ඉන්න බැරි තත්වයක් තියෙන්නේ . ඒ හන්දා ගමනක් යන්න දවස් දෙකක් තුනක් ගැට ගහගන්නේ හරිම අමාරුවෙන්. ගමන ගිහින් ඇවිත් බුරතිනෝ [ බුරභිධාන ] ට කාලෙකට පෙර වුන පොරොන්දුවක් ඉටු කරන්න හිතන් ඉන්නවා . වැඩි විස්තර දැන් කිව්වොත් අගයක් නැහැ ලඟදි හරි හමන් ලිපියක් ලියවුනේ නැහැයි මන් වගේම තව කීප දෙනෙක් හිතන් බවත් මන් දන්නවා . පසුගිය දවස්වල වෙන කොහේ හරි යයිද කියන වගේ වැට උඩ තත්වයක් තිබුනා . බරපතල දෙයක් ලියන්න හිතක් සහ වෙලාවකුත් නැති වුනා . ඉදිරියට හොඳ දවස් ටිකක් එයි යයි හිතනවා .


වසන්තය ආයෙත් ඇවිත් . මල් ගොඩක් පිපෙනකම් ඉන්නේ පින්තුරත් අරන් පෝස්ට් එකක් දාන්න . පසුගිය වසන්තයේ ලියුව ලිපිය කියවන්න කැමති නම් ඒ වෙනකම්

ප ලි.
අසෙනිය කුසුමෙන් හොඳම බ්ලොග් එකට සම්මානය අරන් නිකන් ඉන්නේ නැතුව පුසටයි මටයි නොදී හොඳම පුද්ගලික බ්ලොග් අඩවියේ සම්මානෙත් අරන් ගියපු සඳරු මලයට මගෙයි බනිලගේ තාත්තගෙයි උණුසුම් සුබ පැතුම් . හිටින්කෝ තව ඉතිහාස පාඩම් ටිකක් කියා දෙනවා තරහටත් එක්ක .[ මලය දන්නවනේ මේ විහිලුවට කියල ] සිංහල බ්ලොග් නොකියවන මිතුරියන්ටත් මන් ඔබ ගැන කිව්වා . ඒ අයත් හිස් අහසට ඇබ්බැහි වෙයි .

 picture from

Sunday, March 18, 2012

නෙළුම් විල

නෙළුම් විල


මල් සුවඳ අපි සැමටයි

Posted: 18 Mar 2012 02:28 AM PDT

 
 
 
 
මන් අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න ගත්තේ අකුරු කියවන්න ගත්තු දා ඉඳලමයි . මුද්‍රණ අංශයේ රැකියාවක් කල තාත්තට හුඟක් පොත්වල කොපියක් ලැබුන . සේරම වගේ නවකතා . ලාච්චු කීපයක් පුරවල තිබුන නවකතා කියවන්න අපිට තහනමක් තිබුනේ නැහැ . ඒ වගේම අපේ චිත්‍ර කර්මාන්තෙටත් ඒ නවකතා වලින් ලැබුන පිටිවහල මෙතෙකැයි කියන්න බැහැ. මොකද කියනවා නම් ඒ පොත්වල කවර ඇතුලේ වගේම පිටුවල අකුරු නැති සුදු දාර වල අපි හිතු හැටියට චිත්‍ර ඇන්ද. චිත්‍ර කලාවට නම් අඟුරුයි බිත්තියි ඊටත් වඩා උදව් කළා . ඒ ගැන වෙනම දවසක ලියන්න ඕන . මගේ කියවීම ගැන නම් ''බුරතිනෝ සහ ලි බෝනික්කයි '' මගේ ආදරවන්තයෝ '' කියන ලිපි දෙකේ කියවෙනවානේ .
 
මන් දැන් කල්පනා කරන්නේ මන් ලියන්න ගත්තේ කවදද කියලයි . පැහැදිලිවම මගේ ජිවිතේ යමක් නිර්මාණාත්මකව ලියල අගය කිරීමක් ලැබුනේ කවදද කියල . ඒක මට විශාල මතකයක් . එතකොට මන් හතරේ පන්තියේ . ''නොපෙනී ගිය සරුංගලය '' කියල මන් ලිව්ව රචනාව සිංහල උගන්නපු ඉන්ද්‍රානි ගුරුමහත්මිය විදුහපතිනියටත් පෙන්වල එතනින් නොනැවතී වර්ෂාවසාන තෑගී උළෙලේදී හොඳම නිර්මාණාත්මක ශිෂ්‍යාව කියල විශේෂ ත්‍යාගයකුත් ලබාදුන්නා . ආපසු හැරිලා බලද්දී එදා ඒ හැටි අගයක් නොදැක්කට ඒ සිදුවීම අද මට රත්තරන් වගේ .
එදා මුල් ගුරුතුමිය වුනේ එදිරිසිංහ ගුරු මාතාව . සතිස්චන්ද්‍ර එදිරිසිංහ , සුනිල් එදිරිසිංහ කියන කළා ලොව ප්‍රවීණයන්ගේ සහෝදරිය .
පහේ ශිෂ්‍යත්වෙන් පස්සේ කොළඹ බාලිකාවට එද්දී ''විශේෂ නිර්මාණාත්මක හැකියාවක් ඇත '' කියල අස්වීම් සහතිකේ ලියල දීපු වචන ටික එදා මට එච්චර වටිනාකමක් තිබුනද මන්ද . ඒත් අද ඒ වචන ටික මුතු මැණික් වගේ දැනෙනවා .
ඊට පස්සේ මන් ලියන්න පටන් ගත්ත . පිළිවෙලකට නෙමේ . පාසල් බස් එකේ කොන්දොස්තර මාමා ටිකට් රෝල අයින් කරනවා ඉවර වෙන්න කිට්ටු වෙනකොට . ඕක ඉල්ලා ගන්න මන් හැමදාම බලන් ඉන්නවා . ඒ ටිකට් රෝල් වල පොඩි පොඩි කවි ලිව්ව . කියවීමත් එක්කම ලිවීමත් වැඩි වුනා .
 
ඉස්කෝලෙට වඩා අපි සාහිත්‍ය රසය දැන ගත්තේ දහම් පාසලෙන් . ගැහැණු පාසල්වලටම ගිය මට හරි හරියට පිරිමි ළමයි එක්ක ආශ්‍රයක් ලැබුනේ දහම් පාසලින් තමයි . ඔය සමහර ළමයි දැන් බ්ලොග් හෙමත් ලියනවා . දහම් දැනුම තරඟ එක්කම ච්ත්‍ර තරග රචනා තරඟ වලට සහභාගී වෙන එක අපිට ලොකු විනෝදයක් වුණා .
 
ඔන්න ඔය කාලේ රට එච්චර ලස්සන වුනේ නැහැ . කියන්න ඕන නැහැනේ ඒ ගැන අලුතින් . එතකොට ලියවුනේ ආවේගශීලි දේවල් .[ හරියට නන්දා මාලිනීගේ සින්දු වගේ තමයි . එයයීත් දැන් කියන්නේ නැහැනේ ඒ වගේ සින්දු . ]
 
ඉස්කෝලේ කළා උළෙලවල් වලදී නොවැරදීම රචනා කෙටි කතා චිත්‍ර තුනටම මට තෑගී ලැබුන . අද නම් කට්ටිය හිතයි දාර නයි අත අරිනවා කියල . ඔව් ඔව් මෙව්වා නයි තමයි . හපා කයිම කියල හිතෙනවා නම් කකුල් උඩට ගත්තට කමක් නැහැ ඔන්න .
 
කේරී විද්‍යාලයේ සාහිත්‍ය දින තරගෙන් හොඳම කෙටි කතාවට තේරුනා මතකයි . ඔන්න ඔය කළා උළෙලට යන්න ගිය කතාවත් හරිම රසවත් . මේ අපි ටිකක් ලොකු කෙල්ලෝ කාලේ . ඔය කළා උළෙලවල් විද්‍යා දිනවල් හෙම සොයා සොයා යන කාලේ . ඉතින් පිරිමි ළමයින්ගේ ඉස්කෝලෙකින් ආරාධනාවක් ආවහම යන්න කට්ටිය වැඩියි . හැබැයි ගුරුවරියක් එක්ක තමයි යන්න ඕනේ . ගුරුවරියක් සොයා ගන්න එක හරිම අමාරුයි . නොවඳිනා වැඳුම් වැඳලා තමයි කැමති කර ගන්නේ . ඒ ඉස්කෝලේ පැත්තට යන ගුරුවරියක් තමයි බොහෝ විට කැමති වෙන්නේ . අපේ පිස්සු වැඩ වලට එච්චර තරහ නොයන කොටින්ම කිව්වොත් ''ෆිට් '' ගුරුතුමියක් වෙන්නත් ඕනේ . නැත්නම් ඉතින් වසල හමාරයිනේ.
 
ඔන්න දැන් මට සහතිකයකුත් තියෙන එකේ අමාරුවෙන් චිත්‍ර ගුරුතුමිව අඬගහගෙන යන්න පිටත් වුණා කියමුකෝ . දැන් හොඳටම පරක්කු වෙලා . බස් වල යන්න වෙලාවක් නැහැ . කට්ටියම නැග්ග ත්‍රි විල් එකකට . මහත, කෙට්ටු කෙල්ලෝ හතරයි ටිචයි ඔක්කොම පහයි . මගදී පොලිස් මාමෙක් නැවැත්තුව . එයාටත් ටිකිරි හිනාවක් දාල කොහොම හරි ගමන ගියා .
ඔය එක එක දිනවල් වලට ගිය හැටි නම් පොතක් ලියන්න හැකි . එව්වා පසු දවසක .
 
මන් මේ ලිවිම ගැනනේ කියමින් උන්නේ . ඔයාකාරෙට ඉස්කෝලේ කාලේ තරග වලට ලිව දේවල් ඇරුනම පොත් වල අන්තිම පිටුවේ නැත්නම් යාලුවන්ගේ සමරු පොත්වල වගේ තැන්වල සුළු සුළු කවි කුරුටු ගෑවා මිසක හරි හමන් නිර්මාණයක් කළ බවක් මතක නැහැ . කම්මැලි කමද මොකක්ද මන්ද එක දිගට ගලන් යන කතාවක් වගේ දෙයක් ලියන්න නම් මට කවදාවත් බැරි වුණා .
 
ඉස්කෝලෙන් අස් වෙන කාලේදී සැහෙන යාලුවෝ පිරිසක් හිටියා විවිධ ක්ෂේත්‍ර වල . සමහරු ඉතාම නිර්මාණශීලි දේවල් ලියු අය. විකල්ප පත්තර කළ අයත් හිටියා . ඔය කාලේ වෙද්දී වෙන බැල්මකුත් වැටිලා රස්සාවලුත් කරන්න පටන් ගත් නිසා ජිවිතේ වෙනස් වුණා . ඉන් පසු ඇරඹෙන්නේ රස්තියාදු සමය. ඒවා ආයේ මොකට මේවයේ ලියනවද . විදුසරට ලිපියක් දෙකක් පරිවර්තනය කළ එක සහ විකල්ප පත්තරේකට කවියක් දෙකක් ලිව්ව  එක විතරයි සැලකිය යුතු යමක් වුනේ .
 
ඔය කාලේ වෙද්දී ආදර ලියුම් ලියන්න පටාන් ගෙන  තිබුනේ . ඉතින් එහෙම පටාන් ගත්තට පස්සේ වෙන එව්වා ලියවෙන්නේ නැහැනේ .
 
විටින් විට සේවා පුහුණු කාලේ සඟරාවලට සහ සේවා ස්ථානයේ අවශ්‍යතා  වලට කවි වගේ එව්වා ලියවුනා . පවුල් වෙලා ළමයි ලැබිලා පෑන දාපු තැනක් වත් සොයා ගන්න නැති වෙනකම් මන් වත් දන්නේ නැහැ .
 
වියට්නාමෙටත් ඇවිත් අවුරුදු ගානක් ගියා . නිවාඩුවට ගියහම අපේ සේවාස්ථානයේ කලාරිට වුන සමන් අය්යා ගේ තදබල දෝෂ දර්ශනයට ලක් වුණා . දිනපොතක් වත් ලියන්නේ නැත්තේ මොකදැයි .
 
ඔන්න ඔය අතරේ අපේ බනිලයි තාත්තා සයිබර් අවකාශයේ කරක් ගහද්දි සිංහල බ්ලොග් ඇති බව දැක්ක . මමත් කියවන්න පටන් ගත්තා . මාස කීපෙකට පස්සේ අතපත ගාල බ්ලොග් එකකුත් පටන් ගත්තා . [ඒ වෙනකොට අඳුන ගත්ත සයිබර් හිතවතුන්ගේ අපමණ උදව් මැද ...මේ උදව් විවිධාකාරයි . තාක්ෂණික සහය , ප්‍රචාරණය  වගේම කියවල කමෙන්ට් දැමීම . ඒ විතරක් නෙමේ මන් ඩිංගක් පටන් ගත්තම රසබර සංවාදයක් දක්වා ලිපිය වර්ධනය කිරීම .]
 
නම් වශයෙන් කියන්න යන්නේ නැහැ .මොකද නමක් අතෑරුනොත් කියල බය නිසා .
 
ඉතින් අද මේ පත නයි පිඹුරෝ බ්ලොග් එක පුරාම අතෑරියේ ඇයි  කියන්න එපාය . අද මට හරිම සතුටු දවසක් නිසයි . ''අසෙනිය කුසුම '' තරඟාවලියේ හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය තෝරා ගැනීමේදී නෙළුම් විලත් යෝජනා වෙලා .
 
පහේ පන්තියේදී අර තෑග්ග ලැබෙද්දී දැනුනට වඩා අද සතුටුයි . එදා ජිවිතේ එහෙම පිටින්ම මා ඉස්සරහ තිබුන . ඒත් අද ජිවිතේ භාගයක්ම වගේ ගෙවිල ඉවරයි . ඉඳහිටල මන් මගෙන්ම අහනව මන් සතුටින්ද , ජීවිතය ගැන තෘප්තිමත්ද කියල ...ඔව් මන් සතුටින් .
 
විහිලුවට වගේ තරඟෙට ඉදිරිපත් වුනේ . මෙතැන ලැබීම ලොකුම සතුටක් . අන්තිමට දිනන්න ඕන නැහැ . මේ සතුට මට හොඳටම ඇති . මන් හිතුවේ නැහැ මට කවදාවත් ආයේ මෙහෙම දෙයක් ලැබෙයි කියල . ජිවිතේ පුදුමයි . හැම දවසක්ම අලුත් .
 
එදාට නව රඟහලට යන්න ලැබෙන්නේ නැහැ .[ඔය ඉස්කෝලේ එක්කත් ඉතින් ලෙහන්න බැරි මතක ගොඩක් තියෙනවා .]
 
දිනපොතක්වත් ලියන්න බලකරපු සමන් අය්යාට හැකි නම් යන්න කියන්න ඕන . එයාගේ ඉස්කෝලෙත් වෙච්ච එකේ පුත්තරයත් එකේ ඉගෙන ගන්න එකේ බැහැ කියන එකක් නැහැ .
 
එච්චර ලස්සන දවසක් මග ඇරෙන එක දුකක් . ඒත් එහෙම තමයි . ලද දෙයින් සතුටු වීමයි මගේ ප්‍රතිපත්තිය .
ඉතින් ..
 
කාටද මන් ස්තුති කරන්න ඕන ..
 
කවදත් වගේ මුල්ම අකුර කියා දුන් අම්මට ..ගෙදර පොත් ගොඩ ගහපු තාත්තට ..අරක මේක කියවන්න එපයි තහංචි නොදැම්මට දෙන්නටම . මගේ ලිවීමේ යමක් කියවන්නට ඇතැයි අඳුන ගත් මගේ ගුරුවරුන්ට , පුංචි සහ ලොකු කළ මිතුරු මිතුරියන්ට ,
 
රෙදි ගොඩවල් අතන මෙතැන
පොත් පත් එහෙ මෙහෙ විසිවුන
ඇහැක් ඇරල එව්ව නොබල
අකුරු කොටන බිරින්දෑට
මුකුත් නොකිය ..
ලිව්ව අකුරු කියවන්නට
බලන් ඉන්න .. මගෙ ආදර'''බනියලාගේ  තාත්තාට ''
 
යන්තම් පොඩ්ඩක් ලිව්වම
අනුපානෙට කරුණු සොයල
ලොකු ලොකු කාරනා ලියපු
හඳ කමිටුවෙ මාමලාට ...නැන්දලාට
 
ලියපු ඒව කියව කියව
නිකන් නොඉඳ
රස වෑහෙන කමෙන්ට් දමපු
මගෙ ආදර යාළුවන්ට
 
විලට ඇවිත් මල් නෙලනා
සියල්ලන්ට
 
 
..ස්තුතියි ..
 
 
 
ඒකයි මන් කිව්වේ මේ විල  මගෙ විතරක් නෙමේ .විලට නිතර ගොඩ වෙන සැමටම මේ සතුට ඇතැයි මන් දන්නවා
 
 ඒ වගේම අපි කවි ලියන්න සහ ඒ කවි විවේචනය කරන්න පටන් ගත් කවි මුතු  සහ පොඩ්ඩන්ට පටන් ගත් පුන්චිත්තා ත් හැකි ලෙස පවත්වාගෙන යමු .
 
 
ප. ලි
දවස් කිපෙක ඉඳන් මන් හිනා වෙන්න ඕන වුනහම යන තැනක් තියෙනවා . ''සුර්ය දිවය රාජයා විසින් නිමවෙන ලද අනගි සම්භාව්‍ය කෘතියක් කරණකොටගෙන අපගේ ලි බෝනික්කා හෙවත් බුරාභිධාන කෙළෙඹි පුත් [ රවී අය්යේ හරිද මන් ලිව්ව ] ඇතුළුව සහිත්‍යම්බරයෙහි දිදුලන ''නිරීක්ෂක '' තෙම අතර ඇතිව තිබෙන්න වූ අති භයංකාර..උත්කෘෂ්ට විචාර ශීලි ....විවාදය ''