Tuesday, January 03, 2012

නෙළුම් විල

නෙළුම් විල

සිහි කරමි දුකෙන් සහ සතුටෙන්..

Posted: 03 Jan 2012 02:28 AM PST

''දහනමයේ   ටිකට් එක ..
කොහෙද  විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි  කට වසාගෙන
 
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
 
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
 
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
 
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
 
සේරම ප්‍රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
 
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
 
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
 
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන් 
.......ගෙදර උණුසුම .......   
 
Monday, December 26, 2011

Free Download CodeLobster PHP Edition Pro 3.10.3 Full Portable

kedirizone.blogspot.com
Download, Free full, Software gratis, cracked, komputer, computer, Ebook, ebook, tutorial, internetbusiness, businessonline, makemoney, blogging, blog, basicinformation, mobile, network, secure, security, tipsandtrick, tools, website, design, money, ads, advertising
fastest way to make money by blogging is not difficult, download the ebook here to help you become a successful Internet business manager. lots of tips, tricks and tools that can help you win the SEO quickly and easily and Downlaod free full software cracked and serial include
ReadMore : [ Free Download CodeLobster PHP Edition Pro 3.10.3 Full Portable ]

Free Download Aoao Watermark v5.4 Full

kedirizone.blogspot.com
Download, Free full, Software gratis, cracked, komputer, computer, Ebook, ebook, tutorial, internetbusiness, businessonline, makemoney, blogging, blog, basicinformation, mobile, network, secure, security, tipsandtrick, tools, website, design, money, ads, advertising
fastest way to make money by blogging is not difficult, download the ebook here to help you become a successful Internet business manager. lots of tips, tricks and tools that can help you win the SEO quickly and easily and Downlaod free full software cracked and serial include
ReadMore : [ Free Download Aoao Watermark v5.4 Full ]

Free Download Apowersoft Streaming Video Recorder 2.4.1 Full

kedirizone.blogspot.com
Download, Free full, Software gratis, cracked, komputer, computer, Ebook, ebook, tutorial, internetbusiness, businessonline, makemoney, blogging, blog, basicinformation, mobile, network, secure, security, tipsandtrick, tools, website, design, money, ads, advertising
fastest way to make money by blogging is not difficult, download the ebook here to help you become a successful Internet business manager. lots of tips, tricks and tools that can help you win the SEO quickly and easily and Downlaod free full software cracked and serial include
ReadMore : [ Free Download Apowersoft Streaming Video Recorder 2.4.1 Full ]

Ingin Bisnis Sukses? Belajarlah Jadi \"Goblok\"!!

blityan.blogspot.com
Betapa Indahnya Kebersamaan Menjalin Silaturahmi Dan Saling Berbagi Informasi
Tutorial Komputer, Komputer Dan Laptop, Teknologi, Jaringan Internet, Pemograman, Informasi Berita Dewasa, Tips - Trik Asmara Menjalin Hubungan, Informasi Unik, Tahukah Anda, Informasi Gosip, Informasi Entertaiment, Informasi Kosmo, Informasi Biografi, Tips - Trik Umum, Tips - Trik Facebook, Tips - Trik Blogspot, Tips - Trik Wordpress, Game, Cheats Game, Software - Program - Tools, Download Software, SEO Search Engine Optimization, Search engine optimization SEO, Hacking, Contest Hacking - Hacking Contest
ReadMore : [ Ingin Bisnis Sukses? Belajarlah Jadi \"Goblok\"!! ]

Bisnis Sederhana Anti Gagal!

blityan.blogspot.com
Betapa Indahnya Kebersamaan Menjalin Silaturahmi Dan Saling Berbagi Informasi
Tutorial Komputer, Komputer Dan Laptop, Teknologi, Jaringan Internet, Pemograman, Informasi Berita Dewasa, Tips - Trik Asmara Menjalin Hubungan, Informasi Unik, Tahukah Anda, Informasi Gosip, Informasi Entertaiment, Informasi Kosmo, Informasi Biografi, Tips - Trik Umum, Tips - Trik Facebook, Tips - Trik Blogspot, Tips - Trik Wordpress, Game, Cheats Game, Software - Program - Tools, Download Software, SEO Search Engine Optimization, Search engine optimization SEO, Hacking, Contest Hacking - Hacking Contest
ReadMore : [ Bisnis Sederhana Anti Gagal! ]

Pembicaraan Bayi Dengan Tuhan Sebelum Lahir Di Dunia

blityan.blogspot.com
Betapa Indahnya Kebersamaan Menjalin Silaturahmi Dan Saling Berbagi Informasi
Tutorial Komputer, Komputer Dan Laptop, Teknologi, Jaringan Internet, Pemograman, Informasi Berita Dewasa, Tips - Trik Asmara Menjalin Hubungan, Informasi Unik, Tahukah Anda, Informasi Gosip, Informasi Entertaiment, Informasi Kosmo, Informasi Biografi, Tips - Trik Umum, Tips - Trik Facebook, Tips - Trik Blogspot, Tips - Trik Wordpress, Game, Cheats Game, Software - Program - Tools, Download Software, SEO Search Engine Optimization, Search engine optimization SEO, Hacking, Contest Hacking - Hacking Contest
ReadMore : [ Pembicaraan Bayi Dengan Tuhan Sebelum Lahir Di Dunia ]

Tips Menjadi Pribadi Mempesona

blityan.blogspot.com
Betapa Indahnya Kebersamaan Menjalin Silaturahmi Dan Saling Berbagi Informasi
Tutorial Komputer, Komputer Dan Laptop, Teknologi, Jaringan Internet, Pemograman, Informasi Berita Dewasa, Tips - Trik Asmara Menjalin Hubungan, Informasi Unik, Tahukah Anda, Informasi Gosip, Informasi Entertaiment, Informasi Kosmo, Informasi Biografi, Tips - Trik Umum, Tips - Trik Facebook, Tips - Trik Blogspot, Tips - Trik Wordpress, Game, Cheats Game, Software - Program - Tools, Download Software, SEO Search Engine Optimization, Search engine optimization SEO, Hacking, Contest Hacking - Hacking Contest
ReadMore : [ Tips Menjadi Pribadi Mempesona ]

blityan.blogspot.com

blityan.blogspot.com
blityan.Blogspot.com | Betapa Indahnya Kebersamaan Menjalin Silaturahmi Dan Saling Berbagi Informasi
Tutorial Komputer, Komputer Dan Laptop, Teknologi, Jaringan Internet, Pemograman, Informasi Berita Dewasa, Tips - Trik Asmara Menjalin Hubungan, Informasi Unik, Tahukah Anda, Informasi Gosip, Informasi Entertaiment, Informasi Kosmo, Informasi Biografi, Tips - Trik Umum, Tips - Trik Facebook, Tips - Trik Blogspot, Tips - Trik Wordpress, Game, Cheats Game, Software - Program - Tools, Download Software, SEO Search Engine Optimization, Search engine optimization SEO, Hacking, Contest Hacking - Hacking Contest

Thursday, December 15, 2011

නෙළුම් විල

නෙළුම් විල

මන් එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ ....

Posted: 14 Dec 2011 05:11 PM PST

නුගේගොඩ ගිහින් රෑ වෙලා එනකොට
අටේ කණුව ළඟ බස් නැවතුමේ
රිදෙන කල් කකුල්
... බලන් හිටියා නේද

කැදැල්ලෙන් ඉගිල්ලී ගිය දවස
එකතු කරගෙන පුංචි පැටවුන්
ඉඳහිටක ඇවිත් යාදැයි
බලන් හිටියා නේද

අවුරුද්දකට සැරයක්
අදත් මන් එනකම්
අවුරුද්දක්ම
බලන් හිටියා නේද

Sunday, December 11, 2011

නෙළුම් විල

නෙළුම් විල

තවමත් 2004 හි ජිවත් වන ඉතියෝපියානුවෝ....

Posted: 10 Dec 2011 05:55 AM PST

මේ අවුරුද්දට ආයේ ලියන්නට නොහිතා උන් නමුත් කාරණා දෙකක් නිසා මේ ලිපිය ලියමි . පසු ගිය ලිපියේ ලියන්නට අමතක වූ ඉතියෝපියන් අමුතු කැලැන්ඩරය ගැන කීමටත් තව පින්තුර ටිකක් බෙදා ගැනීමටත් සහ තවත් වැදගත් දෙයක් ඉතිරි වී තිබීම නිසාය .

නොයෙකුත් ආකාරයේ කැලැන්ඩර මේ ලෝකයේ ඇති මුත් සාමාන්‍යයෙන් පහසුව තකා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය භාවිතා වීම සම්මතයයි . අලුත් අවුරුදු හෝ ආගමික කටයුතු වලට පමණක් එකී සම්ප්‍රදායික කැලැන්ඩර යොදා ගැනේ .එහෙත් රටවල් කීපයක් පමණක් සම්ප්‍රදායික කැලැන්ඩරයට මුල් තැන දෙන බව නොරහසකි . මේ පුරහඳ ළමයින්ටයි ලිපියේ කමෙන්ට් වලින් අපේ මිතුරන් මේ ගැන බොහෝ කතා කළා මතකයි .
කරකවා අතාරින වර්ගයේ කැලැන්ඩරයක් ඉතියෝපියාවේ තිබේ . අතලොස්සක් වූ බහුජාතික ආයතන වල ඇර බහුතරය රජයේ පාලනයට නතු වූ ඔවුන්ගේ පද්ධතිය තුල භවිතා වන්නේ මේ අමුතු කැලැන්ඩරයයි.
ඒ අනුව ඔවුන් ජිවත් වන්නේ 2004 ය . වෙලාවත් අමුතුය . සම්මත වේලාවෙන් දවල් 12 ඔවුන්ගේ වේලාවෙන් උදේ 6 වෙයි . අපේ රටේ හිටි නෝනා කෙනෙක් පැයක් වෙනස් කළා මතකය . මැලේසියාවේද එලෙස කර ඇත . යාබද සින්ගප්පුරුවද එය අනුගමනය කරයි.

ඒ කිසිවක් ඉතියෝපියාවේ තරම් හොල්මන් නැත . කොහොමත් ඉතියෝපියාවට ටිකක් පස්සෙන් ඉන්නට මෙයත් හේතුවක් දැයි නොදනිමි. කාලයේ තාලයට මදක් නොනැමිම මෝඩකමක්දයි මට සිතේ .

පැහැදිලි නිල් අහස

 නිල  පාට ටැක්සි . ..පුද්ගලික බස් සේවයද කුඩා නිල් වෑන් වේ . පින්තුරයක් ගන්නට බැරි විය . රජයේ බස් රතු පාට ලොකු ඒවාය . නිල් පාට පුද්ගලික වෑන් නම් අපේ ප්‍රයිවට් බස් සිහිගන්වයි .'' පිටෝටුව ''වෙනුවට '' බෝලේ'' කියනු ඇසිණ. බෝලේ යනු ගුවන් තොට ඇතුළු පෙදෙසයි

 අමුතු දැන්වීමක්

 ටෙනිස් පිටියක්

 ජනපති මැදුරේ ගේට්ටුව

 කටුගෙයි බඩු
 ඉතාලි සටනේ තුවක්කුවක්

 රජ ඇඳුම්
 ඉතියෝපියන් අකුරු
 සිංහාසනයක්
 ආදිම ළමයෙක්

 ප්‍රසිද්ධ ඔතොඩොක්ස් උළෙලක් පෙන්වන චිත්‍රයක්

 පැරණි ක්‍රීඩාවක්
 විනාවක් ?
රැජිනක් 

නිල් පාට ඇඳන් ඉන්නේ ශිබා රැජිනයි .

පින්තුර ගැන තව විස්තර කීමට ඉඩ කඩ මදිය . ඒ ගැන සමාවෙන්න ,

මේ හදිසි ලිපිය ලිවීමට හේතුවූ අනෙක් වැදගත් කාරණය නම් විසිදහස් වරක් මාද ඇතුළුව අප නෙලුම් විලට ගොඩ වී ඇති එකය .

වෙන වෙනම ස්තුතියක් කරන්නට වෙලාව හරස් වෙලා . මේ පුංචි කවිය නෙලුම් විලට එන ..කියවා පමණක් යන  ...වචනයකින් හෝ දිරිදෙන සහ ලිපි වලටත් වැඩි  කමෙන්ට් වලින් අපේ දැනුම පුළුල් කරන මගේ සියලු සොයුරු සොයුරියන්ටයි ...
සැමට ස්තුතියි 

සියක් සියපත් වුවත් පල නැහැ
සුවඳ සැඟවුන  කල කැලේ
සුවඳ අරගෙන යනෙන බිගුනට 
දහක්  මල් පුද දෙමි විලේ 

ප.ලි.

අපට සරත් සමය ගෙවී සිසිරය ඇවිත් ...සිතල හුළඟ තමයි ඉවසන්න බැරි . 

Thursday, December 08, 2011

නෙළුම් විල

නෙළුම් විල

අඩිස් අබාබා ගිය අපේ බබාලා ...

Posted: 07 Dec 2011 09:07 AM PST

මම පොඩි කාලයේ සිටම ලෝකය පුරා ඇවිදින්නට ආසා වීමි .  කොළඹ නගරයෙන් සැතපුම් අටක සිමාවේ සිටි අපට වුවද කොළඹ නගරයේ අරුමැති තැන් බොහෝ විය . ඉඳහිට ළමා රෝහලට ආ ගමන්ද මරදානේ පිහිටා තිබු තාත්තා වැඩ කල අච්චු කන්තෝරුවට රැගෙන ගිය ගමන්ද යමක් මිලදී ගැනීමට පිටකොටුවට අම්මා සමග යාමද හැරුන කොට ආතා විසින් ඇතැම් නිවාඩු කාල වල කටුගෙය [ අපි නම් රටකජු කා පොතු විසි කලේ නැත ], ගෝල්ෆේස් මුහුදු තීරය, වරාය [ එකල වෙසක් දිනවලට වරාය මහජනයාට නැරඹීමට හැකි විය ] , ප්‍රදීපාගාරය බැලීමට කැඳවා ගිය ගමන්ද මගේ ළමා මතකයන්ය . පහේ පන්තියට තෙක් ඉගෙන ගත් පුංචි බාලිකාවේදී ගියේ එකම එක ගමනකි. ඒ සෝමලතා සුබසිංහයන්ගේ කතන්දර දෙකක් බැලීමට කිරිබත්ගොඩ YMBA එකටය . හයෙන් පසු නම් උදේ හවා කොළඹ නගරය දැක බලාගත්තෙමි .
 
අපේ බනියා අවුරුදු දෙකේ සිට පාසල් යන නිසා ත් ඒ පාසල් ඉතාම පොහොසත් ඒවා නිසාත් ඇය දැනටමත් ක්ෂේත්‍ර චාරිකා හත අටක් ගොස් ඇත . ඒ කාලයේ වෙනසය. පරම්පරාවක වෙනසය . මට පසුකලෙක ගිය පාසල් දහම් පාසල් චාරිකා සහ අනිකුත් ගමන් දෙක තුන ගණන් කර කිව හැකි තරම් ගණනකි .
 
අවුරුද්දට ගමේ යාම නම් සෑම වසරකම අපට දෙව්ලොව ගියා වැනි විය . ඒ අපේ පරම්පරාව යි .
 
විවාහයෙන් පසුව නම් අපි හොඳ හැටි ගමන් ගියෙමු . තවමත් ඇවිදිමින් සිටිමු.
කුඩාකල සිතියම් පොතින් ආගිය තැන් බොහොමයක අද මම සැබවින් ඇවිද ඇත්තෙමි .
 
 කිසිදා යා හැකි වේයැයි නොසිතු අඳුරු මහද්විපයටද යන්නට හදිසියේම අවස්ථාවක් ලැබිණි .
 
වැල්වටාරම් නොකියා දඩස් ගා කතාව කීමට බැරි හැටි කියා මටද වෙලාවකට සිතේ .
 
වැඩිය කවුරුත් නොයන යන බව කි විට අපෝ යයි කියවෙන ඉතාම කෙසඟ අයෙක් දුටු විට මේ රටේ නම මතක් වෙන රටේ නම් කි විට ඉල ඇට පෑදුන මන්දපෝෂිත දරුවන් සිහිවෙන ඉතියෝපියාවට ගියේ මොන එහෙකටදැයි නාසන්න .
 
නොදුටු රටක් දැක බලාගැනීමට ලැබෙන අවස්ථාව අත අරින්නා මෝඩයෙකි. අපි වියට්නාමයට එන විට සමහරු කිවේ තවම ඇමරිකාව එක්ක යුද්ධ කරන බවය . ඒ තවමත් හොලිවුඩ් චිත්‍රපට වලට හේතුපාදක වන නිසා විය හැක .අන්තර්ජාලය ගැනද මගේ 100%ක විශ්වාසයක් නැත . එක එක්කෙනා හිතු හිතු දේ ලියනා හෙයිනි .
 
මේ ගමනේදී ලියන්නට බොහෝ දේ ලැබිණි . අහස් යානයේ ටෙලිවිෂනය මත අප්‍රිකාවේ සහ අසල්වැසි මැදපෙරදිග සිතියම දෙස බලාගෙන හිඳින විට මධ්‍යම අප්‍රිකාවේ තදකොල පැහැය ඉතියෝපියාව හරියෙන් තුනී කොළ පැහැයට හැරී උඩහට සහ බටහිරට දුඹුරු පැහැ වී යන හැටි අපුරුය .
 
මේ භූ විෂමතාවය ගැන මෙන්ම වසර හත්දහසක ඉතියෝපියානු ඉතිහාසය ගැන සහ අපේ හිතවත් ''ලුසී '' සමග මානව පරිනාමය ගැන මැනවින් හදාරා පරණ මතක පොත් පෙරලා භයානක කොටි වලිගයක් අල්ලා ගැනීමට සිත මාව කෙනිත්තුවද මේ වෙලාවේ උන්දැට ඉඩ දිය නොහැක . මට ලබන සතියේ ආයේ ගම රට යන්නට ඇති නිසා මාදුටු සහ ඇසූ දේ කෙටියෙන් ලියන්නට වග බලා ගනිමි .
 
ගුවන් යානයක් පොළවෙන් උඩට ගන්නා විට ඉතා වේගවත්ය . මෙලෝ දෙයක් බලා ගැනීමට වෙලාවක් නැත . එහෙත් පොලවට පාත් කරනා විට හොඳින් රටතොට පෙනේ . ඉතියෝපියාවට පහත් වෙද්දී බොහෝ පෙදෙස් කෑලි මුට්ටු කළ රෙද්දක් මෙනි. ත්‍රිකෝණාකාර තද කොළ , ලාකොළ , කහ , දුඹුරු වර්ණයන්ගේ රෙදි කෑලි මුට්ටු කළ [ මොඩ් විදිහට නම් '' පැච් වර්ක්''] රෙද්දක් මෙනි .ඒ ප්‍රධාන ධාන්‍ය වගාව වූ තෙෆ් වගාවන්ගේ විවිධ අවස්ථා බව පසුව දැන ගතිමි . 
 
 තැන තැන පොකුරු පොකුරු කුඩා ගෙවල් මිස අහස සිඹින ගොඩනැගිලි නම් නොදිටිමි . සිංගප්පුරුව  වත් තායිලන්තයවත් ඩුබායි වත් නොවේ . පැරිසිය ගැන නොකියමි . සර්පයන් මෙන් ගලන ගංගාවන් ඇති වියට්නාමය වගේ නොවේ . සැසඳිය නොහැක . මේ අප්‍රිකාවයි ..
 
 පින්තුරයක් ගැනීමට නොහැකි වුයේ ගුවන් යානයක ජනේලයක් අසල ඉඳ ගැනීමේ සටනින් සැමදා මා අක්ක නගාලට පරදින නිසාය
 
උඩින් ඇති එරිත්‍රියාව ලඟදි කැඩී ගිය රටකි . උඩින් ඇති අනික් රට [ Djibouti ] වේ. එහි අපේ මිතුරෙක් සිටින බවද සැලයි.
 
ඉතියෝපියාව මගේ මනසේ වියලි උණුසුම් රටක් යැයි ඇඳි තිබු චිත්‍රය අගනුවර වුද අප දින දෙකක් ගතකලාවුද අඩිස් අබාබා නගරය සීතල නුවරකි. නුවර එලිය වැනි සීතල සහ කඳුවලින් වටවූ නුවරකි .
 
ගුවන් තොටුපල , හෝටල් පරිශ්‍ර, ජනපති සහ අගමැති මැදුරු උයන් වල නුවර එළියේ වැවෙන මල් දුටුවෙමි . සැබවින්ම අප සිටි හෝටලය වන වදුලකි . ස්වභාවික උණුසුම් දිය උල්පතක් වට කොට ඇති ඒ උයනේ උණුසුම් පිහිනුම් තටාකයකි . කුරුල්ලන් කිචි බිචි ගානා මහා උස ගස්ද රෝස ඩේලියා වැනි මලින් සුසැදි මල් පාත්තිද ටෙනිස් පිටි වලින් ස්කොෂ් , මිනි ගොල්ෆ් [ Mini Golf ] ආදී එකී නොකී ක්‍රීඩා සියල්ලම ඇති පාරාදීසයකි . සල්ලි ඇත්තන් එහි එති දවස සුවසේ ගෙවති .
 
එයට පෙනෙන මානයේ ඇති ජනපති මැදුරද මා උද්භිද උද්‍යානයක් යැයි වරදවා ගතිමි . එයත් නගරයේ අන් තැනකදී දුටු අගමැති මැදුරත් හැත්තෑ ගණන්වල අවසන් රජ මරා දමා අල්ලා ගත් ඒවාය .
 
මේ කීප තැන හැරුන විට නගරයේ ගහක් කොලක් පිළිවෙලකට හිටවීමට කාටවත් බැරි වී ඇත. වැසි වලාහක දෙවියන් ආසියාවට වැඩිය කැමති වාගෙය . ඉතියෝපියාව පැත්තේ යන්නේ මාස තුනක් වැනි කෙටි කලකටය .
 
ඒ මාස තුනේදී එපා කියන කම් වැසි වස්සා  ඇතැම් විට අයිස් කැට වලිනුත් දමා ගසන වැස්ස වලාහක දෙවියන් ඉන්පසු පැත්ත පළාතේ නොඑන බවයි ආරංචි . සාමාන්‍ය උෂ්ණත්වය අංශක 22 ක් වැනි උපරිමයක්ද අවමය 14 ක් 15 විය හැක . කොටින්ම අවුරුද්ද පුරාම සිසිල් කාලගුණයකි. එහෙත් වියලිය . ආර්ද්‍රතාවය අඩුය . [ මේ කියන්නේ අඩිස් අබාබා ගැන පමණි . අංශක 50 ක් දක්වා යා හැකි අධික උෂ්ණ පළාත්ද ඇති බවයි කියවෙන්නේ .]
 
අන් නගරයක මෙන් අහස සිඹින ගොඩනැගිලි නැත . තරමක් උස ගොඩනැගිලි සහ අලුතින් ඉදිවෙන ඉදිකිරීම් ස්වල්පයකි . ගුවන් තොට නම් අපේ රට තරමටම වාගේ හොඳය . රටේ හැටියට විශ්වාස කළ නොහැකි තරමේ ගුවන් සේවයක් ඇත . දුර ඈත බැන්ග්කොක්, ඕස්ට්‍රේලියා , වොෂින්ටන් වැනි අන්තයන්ට ඉතියෝපියන් ගුවන් සේවය විහිදෙයි .
 
අනික් පුදුමය නම් පාරවල් ටිකය . ඉතාම පුළුල් මහා මාර්ග සහ අධිවේගී මාර්ග පද්ධතියක් තිබීම සැබවින්ම පුදුමය . චීනා වැඩේට බැස ඇති බව හොඳටම පෙනේ .
 
මිනිසුන් ...අප්‍රිකාවයි කිවූ පමණින් කට්ට කළු අවුවට පිච්චුන, යන්තම් විලි වසා ගත් හෝ සම්පුර්ණයෙන් අර්ධ නිරුවත් හෙල්ලක් අතින් ගත් පිරිමින් හෝ ඇට මාල පන්සියක් විතර එල්ලා  ගත් ගැහැනුන් හිතේ ඇඳුන නම් පුදුම නොවෙමි . සැබවි ඇතැම් පළාත්වල තවමත් එසේමය . එහෙත් නගරයන් එසේ නොවේ . බනිලගේ තාත්තා කීපවිටක් ගිය කෙන්යාවේ නයිරෝබි , උගන්ඩාවේ කම්පාලා , ටැන්සානියාවේ දරුසලම් වැනි නගර මෙන්ම අඩිස් අබාබා මිනිසුන් ඔබ මා වැනිමය.
 
වඩා සිත් ගත් දෙය නම් අනිකුත් අප්‍රිකානුවන්ට වඩා ඉතියෝපියානුවන් ලස්සන මිනිසුන් කොටසකි . මට එසේ පෙනෙන්නේ ඔවුන් දකුණු ආසියාතිකයින්ට විශේසයෙන් ලාංකිකයින්ට සමානකමක් මා දුටු බැවිනි . උසට සරිලන මහත පැහැපත් රුවැති කෙල්ලන් සිටින රටකි . පිරිමින්ද පෙනුම නරක නැත .  අප දන්නා '' කාන්තාරයේ කුසුම '' පොතට පාදක වූ වාරිස් ඩයරි අසල්වැසි සෝමාලියාවේය. [සියල්ලන්ම රුප රැජිනන් යැයි මෙයින් නොකියමි ].
 
මැය නම් රූ රැජිනකි

නිවාස ....මග දෙපස පැල්පත් බහුලය . පාරවල් සාදන මුදලින් ගෙවල් හදා දෙන්නට බැරිදැයි ඇසීම මෝඩ ප්‍රශ්නයක් විය හැක . ඒ ඒ රටවල ප්‍රතිපත්ති සහ ආර්ථික විෂමතා ගැන තීන්දු නිගමන දීමට මා කවුද .
 
තට්ටු තුනේ හතරේ මන්දිරද නැත්තේ නොවේ .
 
කෑම බිම ..ප්‍රධාන ආහාරය ලේන්සුවක් මෙන් රෝල් කළ රොටියකි . රොටියකට වඩා තොසේ එකකට සමාන කළ හැක . සාදන්නේ තෙෆ් නමැති පිටි වර්ගයෙනි . හරක් මස් සහ එළු මස් යහමින් කති . එළු රංචු නගර මැදද දක්කන් යෙති .
 
කොළ පාට එළවලු නම් හිඟ බවයි පෙනුනේ . කැරට්, ගෝවා වැනි එළවලු කීපයක් ඇත . එක් පාරක මිරිස් ගෝනි තොග පිටින් ඇති වෙළඳ පොලක් දුටුවෙමි . යහමින් මිරිස් කන ජාතියකි . අපිටත් එහා මිරිස් කන අය තවත් ඉන්නා බව දැකීමත් සතුටක් . බත් නම් කන්නෙම නැති තරම්ය . සුපර්මාකට් දුටුවේ ඉතාම සුළු ගණනකි . අත්‍යවශ්‍ය දේවල් නම් ඒවායේ තිබු බව දුටිමි . පකිස්තානයෙන් ගෙන්වූ සහල් ඉහල මිලට විකිණේ. ඉන්දියානුවන් සහ ආසියානුවන් සෑහෙන ප්‍රමාණයක් සිටිති .
 
ආගම ..බහුතරය ක්‍රිස්තියානි වන අතර ඉතිරිය මුස්ලිම්ය . මුස්ලිම් වරුන්ද නිදහස් සම්ප්‍රදායන් ඇත්තෝ බව පෙනේ . අප නගරයේ සංචාරයට තමාගේම කාරය පදවාගෙන ගෙන ගියේ අපගේ මුස්ලිම් මිතුරියයි . ඉතා ඉහල රැකියාවක් ඇති ඇය සම්පුර්ණයෙන්ම අධ්‍යාපනය ලබා ඇත්තේ තම රටෙනි .
 
අධ්‍යාපනය ..නිදහස් අධ්‍යාපනයකි . විශ්ව විද්‍යාලයේදී සිසුන් වියදමින් කොටසක් දැරිය යුතුය . පුද්ගලික පාසල් වල අධ්‍යාපනය වඩා හොඳ බවත් එහෙත් ඒවා මිල අධික බවත් දැන ගතිමි . හොඳම තත්වයේ අන්තර්ජාතික පාසල් කීපයක් ඇත . දේශීය සිසුන් ඒවාට ඇතුලත් කළ නොහැක . පිටරටක සිට පැමිණි දේශීය ළමුන්ට හැර රටෙහිම හදුනා වැදුන ළමයින්ට ඒ පාසල් වලට මුදල් තිබුනද ඇතුලත් විය නොහැකි නීතියක් ඇති බව ඇසුනද එය තරමක් සැක  සහිතය .
 
භාෂාව ...ඇම්හරික් ..ඉංග්‍රීසිය දෙවන බසක් ලෙස ඉගැන්වේ . ප්‍රාදේශීයව භාවිතා වන භාෂා අසුවක් ඇති බව අයෙක් කී අතර ඒ ඒ පළාත්වල පාසල් ඒ ඒ බස භාවිතා කරන බවද මේ ප්‍රාදේශීය ආණ්ඩු තමන්ට පොලිස් බලතල සහ නීති රිතිද රිසි යම් දුරකට වෙනස් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් කිවේය .
එහෙත් හමුදාව නම් මධ්‍යම රජයට අයත්ය .
 
සමස්තයක් ලෙස ගත් කළ මිනිසුන් සාමකාමී බව පෙනේ . අන්තර්ජාලයේද කිහිප තැනක ඒ බව කියවේ . බහුතරය දුප්පත් රටක සුළු සොරකම් පික් පොකට් අරුමයක් නොවේ . එහෙත් මහා පරිමාන අපරාධයන් අඩු බව කීප දෙනෙක්ගේම මතයයි .
 
මෑතක් වන තුරුම තිබු සිවිල් යුද්ධය අවසාන එරිත්‍රියාව නමින් උඩ කොටස වෙන් වී ඇත . අද එසේ වුවද අතීතයේ ඉතාම රණකාමි ජාතියක් ව සිටි බව සඳහන්ය . සුප්‍රකට ෂිබා රැජින ඔවුන්ට සංකේතාත්මකව වැදගත් බව පෙනේ . ඇතැම් ස්ථාන ඇය නමින් නම් කොටද ඇත . ආක්‍රමනිකයින් සටන් කොට පලවා හල එකම අප්‍රිකන් ජාතිය ඔවුන් බව අපේ මිතුරිය කීවාය. ඒ ඉතාලි ජාතිකයින්වය. මේ සටන් වලදී ඉතියෝපියනුවන්ද දහස් ගණනක් එක තැන මරා දැමු බව සඳහන් .[ මේවා අන්තර්ජාලයෙන් තහවුරු කර ලියන්නට වෙලාවක් නැත . තනිකර මා මිතුරන් කියූ සහ දුටු දේ පමණක් ලියන බව නැවත අවධාරණය  කරමි .]
 
ඉතාම සුළු වෙලාවකට කෞතුකාගාරයට යන්නට හැකි විය .
 
මානව පරිණාමය ගැන යන්තම් හෝ කියවා හෝ උගෙන ඇති අයෙක් '' ලුසී '' හඳුනන බව මට සහතිකය . නොදන්නා අයට [ ලෝකයේ සියල්ල දන්නා එහෙත් ජීව විද්යාව ,මානව පරිණාමය වැනි දේ ගැන මෙලෝ දෙයක් නොදන්නා අය ඇති බවට සාක්කි අත ළඟය ] සරලව කියන්නේ නම් ලුසී යනු ඉතියෝපියාවෙන් හමු වූ ආදී මානවයෙකි.
 
අඩිස් අබාබා කෞතුකාගාරය කුඩාය . එහෙත් මානව පරිනාමයේ සියලු අවදි පිළිවෙලකට අධ්‍යනය කරන්නෙක්ට අගනා තැනකි . වර්ණ බේදයෙන් හිස උදුම්මා ගත් අය අදත් වේ නම් ඔවුන් එහි නොයා යුතුය . මන්ද ආදිම ආදිම මුතුන් මිත්තන් ඔවුන්ට විරිත්තිමට ඉඩ ඇති නිසාය . මේ ටික පිළිවෙලක් කර අනාගතයේ දිනක ලිවීමට ඉඩක් ලැබේවායි මම පතමි .
 
මෙම කෞතුකාගාරයේ එක් තට්ටුවක් කැනීම් වලින් හමු වූ වලන් පිඟන් [ සමහර අයට අපරාදේ මේවා අල්මාරිවල දමා තියෙන්නේ යැයි සිතෙනවාත් ඇත ] සහ රජ පෙළපතේ විස්තරය . ඔටුනු සිංහාසන ආදියද ඇත .
තව තට්ටුවක් පොසිල සහ ඇට කටුය . ලුසී ගේ අනුරුවක් පමණි මෙහි ඇත්තේ . ඇය ඇමරිකාවේ පුරවැසි භාවය  ලබා ඇත .
 
අනික් තට්ටුව ගෝත්‍රික ඇඳුම් ආයිත්තම් , ආයුධ සහ නොයෙකුත් බඩු භාණ්ඩ වලින් සමන්විතය . ඒ කටු ගෙයි විස්තර කෙටියෙනි .
 
තනි තනි සිදුවීම් ගෙන කවදාක හෝ වෙනම ලිවීමට සිතක් සහ වෙලාවක් ලැබුනොත් තවත් දේ පවසන්නට සිතා සිටිමි .
 
වැදගත්ම දෙයක් අමතක විය . ලෝකයට කෝපි සොයා දී ඇත්තේ කල්දී නම් ඉතියෝපියන් ළමයෙකි . වෙළෙන්දන් විසින් ලෝකය පුරා ගෙන ගොස් ඇත . මට මෙහිදී මැක්කා මෙන් සේද මාවත සිහිවේ . සෝමාලියාව සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයකි . යාබද ඉතියෝපියන් කෝපි ඒ හරහා හෝ එකල මුහුදු වෙරලක් තිබු බැවින් කෙලින්ම ඉතියෝපියවෙන්ම වෙළෙන්දන් අතට යන්නට ඇත . [මගේ උපකල්පනයකි ]
 
Kaldi coffee කියා කෝපි කඩ ජාලයක් දුටිමි
 
හෝටලයේ තිබු කෝපි බොන සම්ප්‍රධායික තැනක්
 
මේ සියල්ලටම වඩා බනිගේ නම් සිත ගත්තේ Air Bus 380 හි ව්‍යාපාරික පන්තියෙහි සුව පහසු අසුනක පැය හතක් පමණ ඉඳගෙන සිටීමය . විනාඩි පහක් කන්කෙඳිරි නොගා ඉන්න බැරි බනියා මේ ආසනයේ නම් යසට සිටියාය . පන්තියේ වෙනස . මන් ඒ ප්ලේන් එකට නම් කැමතියි . ඒ ඇගේ අවංක ළමා වචනයි . ආයේ මොනවා කියනවද මමත් කැමතිය .