Wednesday, November 28, 2012

නෙළුම් විල

නෙළුම් විල


හැඳි මිටෙන් ගිලිහී...සිතේ සිතුවිලි මිහිරී...

Posted: 27 Nov 2012 07:36 PM PST

 
 
 
ඉහටත් උඩින් වැඩ . සෝදන්න තියෙන රෙදි ගොඩ දිහා නොබලා ළමයි උදේ කාලා කෑම පිඟන් මේසේ උඩ. එව්වා පොඩ්ඩක් එහා මෙහා කලහම සාලෙ මේසෙ උඩ ලැප්ටොප් එක තියා ගන්න පොඩි ඉඩක් හදා ගන්න පුලුවනි.

එලියේ සිතල මිදුම. අහස තනිකර අලු පාටයි .

  ඊයෙ මෙට්‍රො සුපර්මාකට් ගියාම ජමනාරන් දැක්කා .ගෙදර ගෙනාවා. හරිම සුවඳයි.

මේ නාරන් දොඩම් කාලය. මෙට්‍රො කියන්නෙ මහා විශාල වෙලඳ සැලක්. මාසෙකට දවසක් පමණ යා යුතු තැනක්. කාලයයි සල්ලියි දෙකම වැය වෙන තැනක්. කෙලවරකින් පටන් අරන්  සේරම රාක්ක දිහා බල බල යන එකත් එක විදිහක විනෝදයක්.

ගොඩක් දේශිය ජනතාව මෙතනට එන්නේ තොග වශයෙන් බඩු ගන්න.

අපි යන්නේ අනෙක් කඩවල සොයාගන්න බැරි දේවල් විශේෂයෙන් පොලේ යාමට වඩා තරමක් පහසු නිසා. මිල ගණන් සඳහන් නිසා ගැටලුවකුත් නැහැ .

අනෙක් දේ තමයි ආනයනික රට සඳහන් වීම. චින ලොකු අය්යා ගෙ අනෙක් දේවල් ගැන අවුලක් නැහැ . ඒ වුනත් කෑම බීම ගැන විශ්වාසයක් තියන්න බැහැනේ.

මෙට්‍රෝ ගැනත් නම් සෑහෙන්න ලියන්න පුලුවන්. ඒ වුනත් ලියන්න කියල මගෙ අත කෙනිත්තුවෙ මෙට්‍රෝ නෙමේ.. ජම නාරන්. නාරන් කියන්න බින්දුව දාන්න ඔනෙ තමයි . බින්දුව සොයන්න කම්මලි නිසා හල් නයන්නෙ නාරන් කමක් නැහැනෙ.

මාරයාගෙ බ්ලොග් එකේ හැලප කඩේ චෝදනා කර තිබුණා අකුරු වැරදිම්  ගැන. මගෙ අතිනුත් සෑහෙන්න වෙන්වා .දැනගෙන කම්මැලිකමට, අමතක වීම වගේ කාරණා නිසා. අනික එච්චර සැලකිල්ලෙන් ලියන්න ගියහම මට එපා වෙනවා.



ඒ හින්දා මෙතන වෙන වැරදි නම් බරපතල එකක් ඇරෙන්න වැඩිය ගණන් ගන්න එපා.


ඉතින් ඔන්න ජමනාරන් ගෙනාවා. ඉස්සර කහවතු යද්දි රත්නපුරෙන් බස් එකට නගින වෙලෙන්දන්ව මතක් වුනා.

කෝ රත්නපුරෙ කට්ටිය අත උස්සන්න බලන්න. ඒ අය නම් දන්නවා. රටකජුයි , ජමනාරනුයි , ඉඟුරු දොසියි...
[රන්ගිගෙන් නම් මන් දැන් ගුටි කනවා.]

බස් එකම නාරන් සුවඳයි. අපිත් ඇහැලියගොඩින් නවත්තල මොනව හරි කාලා හිටියට මෙ වෙද්දි බඩගිනියි. ඊටත් වඩා පොඩි වුන් කොයි වෙලෙත් මොනවා හරි හපන්න ආසයිනෙ . අනික උදේ පාන්දර ගෙදරින් ඇවිත් තිබුණෙත් තේ විතරක් බිලා.

අද උදෙ හරිම සිතලයි ඇහැරවගන්න බැරිම තැන ඔය කතාව කියලා තමා දෙන්න ඇහැරෙව්වෙ.

[උදේට ඇහැරවිම ගැන වෙනම ලිපියක් ලියන්න ඕන. මාත් කතන්දර වගෙ කත්න්දර වලට ලෝබ වෙන්න ඕන .]
අපෙ දෙන්නා හරි ආසයි මගෙ අතීත කතා අහන්න. ඔන්න ඔය ගැන කියලා උදේට කන්නත් දුන්නා ජමනාරන්.

''ම්ම් එච්චර රස නැහැනෙ.''


ඔන්න ඔහොමයි මගෙ ආදරණිය ජමනාරන් වලට කෙල්ලන්  පිටුපෑවෙ.


ඒ වෙලේ මට දාර්ශනික සිතුවිල්ලක් පහල වුනා.මේක එච්චර අලුත් සොයා ගැනිමක් නොවේ. නමුත් මාත් එය පරික්ෂණ මගින්ම ඔප්පු කලා.

එනිසායි අපමණ යුතුකම් වගකිම් පසෙක ලා මෙතන ඉඳගෙන ලියන්නට ගත්තේ. එවන් කල්පනා හැඳිමිටෙන් ලිස්සා ගොස් හොද්දට වැටී හෝ රෙදි බේසමක සබන් පෙන අතර දියවි එසේත් නැතිනම් පිඟානක ඉතිරි වූ ඉඳුල් සමග කුණු බක්කියකට වැටී අපතේ යා යුතුද..? 

මගෙ වාසනාවට එහෙම වෙන්න ඕන නැහැ කියන මනුස්සයෙක් ජිවිතේ බෙදා ගන්න ලැබිල තියෙනවා.


''''''රසය කියන්නේ දිවට පමණක් දැනෙන දෙයක්ද.? බොහෝ මිහිරි රසයන් අතිත සුවඳවල්...අතීත මතක හා යා වී ඇති විටයි රසයක් වනුයේ .'''''

ජම්නාරන් මගේ දිවට මිහිරක් වන්නේ මේ ජමනාරන් බිකක් සපන විට දිව දිගේ ගොසින්  රත්නපුරයේ '' නාරන්,ජමනාරන්,, ඉඟුරු දෝසි ''වෙලෙන්ඳන්ගේ හඬත්...එවායේ සුවඳත්.. ආච්චිලාගෙ ගේ පිටුපස ගල් වැටිය උඩින් තිබු ජම නාරන් ගසත්, ආච්චිත් ඇතුලු ළමා මතකයන් සියල්ලත් අවුස්සන බැවින්මය.
වැඩිමනක් සිතද්දී දිවට පමනක් නොවේ නහයට , කනට , ඇසටද පොදු සත්යයකි.

ඇතැම් ගීත වලින් එහි ඇති අරුත් ..මිහිරි තාලයන්..අනගි කටහඬවල් යන සාධක සියල්ලට අමතරව එයිනුත් ඔබ්බට ගිය සන්වේදනයක් ඇති වන්නේ මෙම නිසාමයි.


අපේ ලමයින්ටද දිනෙක මෙවන් දේ සිතෙනු ඇත. ඔවුන්ටද ජමනාරන්ම මිහිරි වේ යයි අප සිතුවොත් වරදක්ය. ඔවුන් තම තමාගේ මතක ඔස්සේ ජිවිතයේ මිහිර විඳිමයි වඩා වැදගත්.


Tuesday, November 27, 2012

නෙළුම් විල

නෙළුම් විල


හැනෝයි කොත්තු

Posted: 26 Nov 2012 08:06 AM PST

 
 
 

මෙය තවත් කෑම කතාවකි. අපේ වැඩේ කන එකම වුවත් මෙදා නම් කෑ වගක්  නොව කෑම විකිණිමක් ගැනය .
මෙහි වැඩිමනක් පිටරටවලින් ආ සැමියන්ගේ බිරින්ඳෑවරුන්ට මේ මන් වාගේ ගෙදර ඉන්නට සිදුවී ඇත.
අපි වාගේ බ්ලොග් එකක් ලියාගෙන ගෙදෙට්ට වී සිටින්නට ඔවුන් කැමති නැත. විවිදාකාර ලෙස රැස්වෙති. මා එහි දොසක් නොදකිමි. කරණා සමාජ සෙවයකට පැත්තකින් ඉඳ සහයොගය දෙනවා විනා නිතරම කෝපි පානයන්ට යාමට මට ඉතාම කම්මැලිය .
එවන් සුහද හමුවක් රසවත් වන්නේ සිතට ලන්වු කිපදෙනෙක් පමණක් සමග විම සහ බොහොමයක්ම ඕවාට යාමට  කම්මැලි නිසාය මා නොයන්නේ.


මෙසේ සන්විධානය වු කාන්තා පෙරමුණක් මගින් වසරක් පාසා තානාපති කාර්යාල සමග එක් වී සල්පිලක් පවත්වනු ලබයි.
මෙය පැවැත්වෙන්නේ අප ළමුන්ගේ පාසල් පරිශ්‍රයෙදි.
අප තානාපති කාර්යාලයේ සේවක පිරිස කුඩා විම නිසා මෙවර නගර වාසි ශ්‍රි ලාංකිකයින් මෙහි දායකත්වය දැරිමට තිරණය කලේ කොහේ හෝ දුප්පතුන් වෙනුවෙන් යමක් කිරිමට සහය දිම වරදක් නොවෙන නිසාය.

[මෙම මුදල් හරි හැටි බෙදෙනවාද හෝ කුමන ලෙස වියදම් වෙනවාද යන්න නොදන්නා මුත් අපගෙ යුතුකම ඉටු කිරිම වඩා වැදගත්ය ]


එක්තරා ආයතනයකින් එවන ලද තේ පැකට් , ඇඟලුම් කම්හල් කිපයකින් එවන ලද ශිත කබා සහ කමිස සමග ශ්‍රි ලාංකික කෑම අලෙවි කරන ලදි .


කට්ලට්ස් , ලැවරියා, රොටි ,සම්බෝල, බත් , කිරිටොපි , රෝල්ස්, වැනි කෑම අතර කොත්තු එවෙලෙම සාදන ලද අතර ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නට නම් බැරි වුයේ නොසිතු ලෙසය.

මේ අනගි දසුන් පින්තුර ගැනිමට නොහැකි වුයේ තේ විකිණිමේ භාර ධුර රාජකාරිය මට පැවරුන නිසාය. වෙන්දා මෙන් රස්තියාදු වී අනෙක් රටවල පින්තුර ගැනිමටද බැරි වුයේ එම නිසාවෙනි.

මගෙ නිල ඡායාරූප ශිල්පියාටද ඊට වඩා බරපතල වැඩක් පැවරී තිබිණි. එනම් ළමයින් බලා ගැනිමය.


ඡායාරූප ශිල්පියා සහ බනී අතර බරපතල සටන් ඇති වූ බව පෙනෙන්නට තිබුණි
එක් චෝදනාවක් වුයේ කෑම ගන්නට ගිය විට බනියා එපා කියයි. අක්කා කන විට එයාටත් ඕනෑ වේ. ආයේ මුල සිටම පෝලිමේ ගොසින් බලනා විට එම කෑම ඉවර වෙලාය.

අනෙක් පසින් නැගුන බරපතල චෝදනාව වුයේ පොත් ගන්නට ගොසින් බනියා තෙරූ පොත ලාමක බව තාත්තා කිවු බවයි [ බේබිශ් යන්න සින්හලෙන් ලාමක කියා සිතමි ]


අනෙක් චෝදනාව වුයේ තාත්තා බනියා කියන නිසා පිට මිනිසුන්ද එසේ කියනා බවය. මෙතන නම් කෙල්ල වලිගය පාග ගෙනය. බ්ලොග් කියවන අපෙ මිත්‍රයෙක් මෙහි සිටී. ඔහු විසින් බනියා යයි අමතන ලදුව මුහුණ නරක් වු වග මම දුටිමි.

එය තාත්තාගෙ ගිණුමටම බැරවිය. උගත් පාඩම් යටතේ මින් පසු කොහේ හෝ හමු වුවහොත් බනියා කියා ඇමතිමෙන් වලකින ලෙස සැමටම තරයේ අවවාද කරමි.


පලස්තිනය සහ ඊශ්‍රායලය අතර දරුණු සටන් පවතිද්දී මෙහි නම් ඊශ්‍රායල් සහ පලස්තින දෙගොල්ලම වෙලඳාම් කල අතර සවස යද්දී අපේ නිවස නම් සටන් විරාමයෙදි ගාසා තීරය මෙන් විය.

 පරක්කු වී එන්නයි  කට්ටිය ගෙදර  දමා මා උදයේම ගිය නිසාය

[මේ දැන් මා මිතුරියක් විසින් පින්තුර රැසක් එවන ලදී. සුදර්ශනී ඔබට බොහොම තුති.]










Saturday, November 24, 2012

නෙළුම් විල

නෙළුම් විල


ඉඳියාප්ප කවි

Posted: 23 Nov 2012 08:47 PM PST

ඉඳිආප්ප පිටි අන්තිම පැකට්ටුව
කැඩුවේ අද උදේ
පෙට්ටියක් පතුලේ ඇබින්දන්
හකුරු කැටයක්
යාන්තමකට ඇති වෙයි වගේ
බොන්නට කහට උගුරක්

තුනපහත් හිඟවි
හොදි මාලු රස අඩුවී
දැන් කොටන ලුනු මිරිස්
උම්බලකඩත් නොදනී


''පැරන්නන් කලැයි ලොකු ලොකු වැඩ
කාලා යස කුරක්කන් රොටි ''
ඉතින් කොහොමෙයි කියන්නේ
පොල් එක්ක අනන්නේ
සුදු පාට ඇමෙරිකන් පිටි

ඉරත් හැන්ගි අද අඳුරුයි අහස පාලුයි
සිසිරයත් සරදමට වාගේ
ඉක්මනට සීතල සුලන් එවලා වගෙයි
හිත අස්සෙ එක් වෙන පොඩි පොඩි කඳුලු
ඇස් වලින් උතුරන්න කලියෙන්
ගෙදර යන්නට දවස් හරි වගෙයි




උදේ ඉඳියාප්ප හදද්දි පහල වුන කවි. මන් පින්තුර දාලා වැඩිය කියල බ්ලොගර්ස්ලා ඊයෙ රෑ මට තර්ජණය කලා. ඒ පිලිබඳ සොයා බලා වැඩපිලිවෙලක් යොදනකම් පින්තුර නැති අකුරු විතරයි.

Sunday, November 18, 2012

නෙළුම් විල

නෙළුම් විල


ඇපල් සහ පපඩම්

Posted: 17 Nov 2012 08:12 AM PST

     
       මෙහෙ උදවිය නවින තාක්ෂණය ඉක්මනින් වැලඳ ගන්නවා .


  ඕනම පොඩි කෝපි කඩේක වයිෆයි ඉන්ටර්නෙට් නොමිලෙ .

 හැම කෙනාගෙම අතේ සෙල් ෆෝන්. එව්වත් නිකන්ම එව්වා නෙමේ. ඉස්තරම් එව්වා. බොහොම පොඩි රස්සාවල් කරන අය ගාවත් මිල වැඩි ෆෝන්.


මේ අතරිනුත් අර ඇපල් කොටේ ලකුණට තමයි වැඩි කැමැත්ත.


මෙව්වා එක්කො අලුත් . එහෙම බැරි අය සෙකන්ඩ් හෑන්ඩ් ඒවා.

අයි ෆොන් අයි පෑඩ් කියන්නෙ හරිම සාමාන්ය දේවල්.

මුදල් ඉතුරු කිරිමට වඩා මෙ වගෙ දේවල් වලට සහ ඇඳුම් පැලඳුම් වලට මේගොල්ල වියදම් කරන බවයි පේන්න තියෙන්නෙ.

පරණ පරම්පරාවල් ඇමරිකාව ප්‍රතික්ෂේප කලත් අලුත් පරපුර ඇමරිකන් දේවල් වලට බොහොම කැමතියි.


          පුන්චි පාරවල තියෙන පොඩි කඩ වල පවා අයි ෆෝන් කවර. පාට පාට ඒවා. එච්චර ගොඩක් කවර විකුණන්න අයි ෆොන් කොච්චර තියෙන්න ඕනද.



එහෙව් එකේ ඇමරිකාවෙ පඳුරකට පයින් ගැහුවම අයි ෆෝන් විස්සක් විතර විසි වෙන්න එපාය. ඔන්න මෙ ලඟදි රාජකාරි වැඩකට ඇමරිකන් කාරයෙක් ඇවිත්.

    ඉතින් එයත් එක්ක කතා කර කර හිටපු මන් දන්නා කෙනෙක් කිව්වලු මෙහෙ නම් හරියට අයි ෆොන් තියෙන වග. 


''ආ ඇත්තද ''

මිසක් මෙයා එච්චර ගණන් අරන් නැහැ .

ආයෙම කිව්වලු මෙහෙ එද්දි අයි ෆොන් අරන් ආවොත් විකුණන්න පුලුවන් කියල.


එතකොට නම් ටිකක් සිරියස් මුණක් හදන් කිව්වලු


''අපරාදේ මගෙ ෆෝන් එක ඇපල් වුනා නම් විකුණල යන්න තිබුණා '
කියල. . . .


ඒ ඇමරිකන් කතා .





ඔන්න තව දවසක් ආවලු ඉන්දියන් කාරයෙක් [ කාරයා යනු අපහාසයට කියන ලද්දක් නොවන බව සලකන්න]


ඩුඩ් ගෙ ඉන්දියන් කතා කිය්වල මට මතක් වුන එකක් මේ.


  ඉතින් මේ මනුස්ස්යා කිව්වලු රාත්‍රි කෑමට ඉන්දියන් කඩේකින් කෑම හෝටලයට ගෙනත් ඩෙන්න ලෑස්ති කරල දෙන්න කියලා.


 මන් දන්න කෙනාත් එයා දන්න ඉන්දියන් කඩේකට කතා කරලා ඕඩරේ දෙන්න හදන කොට මෙයා කියනවලු කෑමත් එක්ක පපඩමක් එවන්න ඒකට සල්ලි ගන්න එපා කියන්නය කියල.


පස්සෙ දවසේ ඇවිත් කියනවලු



''එගොල්ලො පපඩමටත් බිල දාලනෙ''





P.S.

අද නම් කියවන්න එච්චර දෙයක් නැහැ තමයි. දවසම ගෙදර හිටියෙත් නැහැ. හෙටත් ගමනක් යන්න තියෙනවා. ඒ වුනත් කමෙන්ට් වලට උත්තර නොදි කෙටුව පෝස්ට් එකකුත් නැතැයි කියල අනින ටොකු වලට හෙල්මට් එකක් නැත්නම් කිරි ගොටු තොප්පියක් වත් දාගන්න එපාය.

Wednesday, November 14, 2012

නෙළුම් විල

නෙළුම් විල


කජු කිරි

Posted: 13 Nov 2012 07:26 AM PST

 
picture


සිරාගේ කජු මුලේ කතාව කියවල මට කජු කතා මතක් වුනා . මන් කජු කන්න ආසයි . මෙහෙ කජු හරිම පිලිවෙලට පැකට් කරලා විකුණනවා . හැබැයි සේරම යන්තමට හරි බැදලා .ඒවා උයන්න හරි නැහැ.
හො චි මින් වල ඉන්න කාලෙ බෙන් තාන් මාක්ට් එකේ තමයි අමු කජු තිබුනෙ . බනිලගෙ තාත්ත දැනුත් එහෙ යන එන නිසා කජු ටිකක් නම් වරදින්නෙ නැහැ අපෙ දිහා .

දැන් මෙහෙම රත්තරන් වගෙ වුනාට අපි කිරි කජු කෙල්ලො කාලෙ අපිට කජු වලින් අඩුවක් තිබුනෙ නැහැ..
අපේ පැත්තෙ බොහොම කජු ගස් තිබුණා. අපි පොඩිම කාලේ හිටිය අපෙ නොවුනට අපේ වගෙ පලතුරු කාපු ලොකු වත්තෙ කජු ගස් තිබුණා. අපි අහුලන් ආවම අම්මා ඉඩක් ඇති  විටක කපල දුන්නා.
අමු කජු ටිකක් කඩලා ඉව්ව වෙලාවලුත් තිබුණා.


ගවුම් වල කජු කිරි ගෑවුනොත් ඉවරයි. යවන්න ක්‍රමයක් තිබුණෙම නැහැ.

කජු කපන එක නම් මහම එපාකරපු වැඩක් . මන් නම් කවදාවත් කරලා නැති වැඩක්..කජු කිරි ගෑවුනහම හම පිච්චුනා වගෙ කහට බැඳෙන්නෙ.

කජු පුහුලන් කපලා ලුනු දාල කනවා. සමහර ගස් වල පුහුලන් රස වැඩියි. වවුලන් තමයි ඉතින් ඔය රස වැඩිය දන්නෙ . පුහුලම කාල හපයත් එක්ක කජු ගෙඩිය බිම දාල යනවා .
සමහර විට අපිට හම්බ වුනා යන්තම් පැලවිගෙන එන කජු. ලා කොල පාටට කජු මදය පැලයක් වෙන්න ඔන්න මෙන්න. අමුතු රසයක් තියෙනවා . සමහරු කාලා ඇති .කජු ගහේ මැලියම් සරුන්ගල් අලවන්නත් අපට උදව් වුණා .

[මගෙ ඊශ්‍රායල් මිතුරිය හරියට පුදුම වුනා කජු පොකුරක පින්තුරයක් දැකලා.]

තව අපේ ගමේ ලොකු කජු වත්තක් තිබුණා. එයට කිව්වෙ කජු හේන කියලා. ඒ ඉඩම අයිති ගෙදර අක්කලා අපිත් එක්ක යාලුයි . අපිත් යනවා කජු කඩනවා බලන්න. හරිම විනෝද ගමන.
ඒ වත්තෙ කජු ගස් රාශියයි..වැඩට ඉන්න කට්ටිය කජු කඩලා ගෝනි පිටින් අරන් එන්නේ.


''චුටි බත් කෑවද'' අහන ගිරවෙකුත් හිටියා ඒ ගෙදර.

කජුයි මෙ ගිරවයි එක්කම මට ඒ කාලේ ටක් ගාලා ඔලුවට එන්නෙ ''කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා'' කියන රබන් පදේ.


 .එක එක ගස් වලට නම් පවා තිබුණා. එක නමක් මට මතකයි ;;ආප්ප කජු ගහ'' . නම් වගෙම කජුත් වෙනස් . ලොකු පොඩි රතු පුහුලන් කහ පුහුලන් වගෙ වෙනස්කම් තිබුණා.


අර කිව්ව කජු හේන පසු කලෙක කුට්ටි කරලා විකුණුවා. ගමෙන් භාගයකට වඩා ඉඩම් තිබුණ එ පවුලට වුණ දේවල් නවකතාවක් ලියන්න තරමයි. කවදහරි දවස්ක කොහේ හෝ ලියා තබන්න ඕන.
කුලී ගෙවල් වල උන්න අපිත් ඒ ඉඩමින් තමයි කෑල්ලක් ගත්තේ.


.කජු ගස් කැපිලා ගෙවල් හැදුණ. එක් ලොකු කොටසක් ගත්තු කෙනා විතරක් එහෙම්ම තිබ්බ නිසා ගහක් දෙකක් ඉතුරු වුණා.
එතරම් සරුසාර ගස් නෙමේ. කොලු කුරුට්ටන්ගෙ පොලු පහර වල් නිසා ඒ ගසුත් නැති නාස්ති වුණා.
අපෙ ඉඩමෙත් පුන්චි ගහක් තිබුණා. පසු කලෙක කපා දැම්මා.

මෙ සියල්ලටම වඩා අපුරු කතාවක් තියෙන්වා. එකම එක ලොකු කජු ගහක් අපෙ ඉඩමට කිට්ටුවම අර ලොකු කොටසෙ තනියම විශාලෙට අතු පතර විදාගෙන හැදි වඩුණා. පලාතටම සෙවණයි. හරියට නුග ගසක් වගේ. කජු වාරෙට ගමේම කොල්ලො එතන. ගෙඩියක් පැහෙන්න දුන්නෙම නැහැ. ගිරවුන් නිතරම දකින්න ලැබුණා. අනික් නොයෙක් කුරුල්ලොත් ලේන්නු හෙමත් හිඟයක් තිබුණෙ නැහැ. කොහොමත් ඉඩමට පහල පුරන් වු වෙල් යායක්...
එන්න එන්නම ජනාකිර්ණ වුණත් කාර්මික ජනපදයක් පෙනෙන මායිමෙ වුණත් පොඩියක් හුස්ම ගන්න පුලුවන් කම තිබුණා අපේ පලාතෙ මිට ටික කලකට පෙර වෙනකම්ම.
මේවා වෙනම ලියන්න ඕන කාරණා.

මට අද හිතෙන විදිහට කජු ගස වටා උප සන්ස්කෘතියක් තිබුණා වගේ දැනෙනවා.

අයිතිකාරයින්ගෙ සොයා බැලිල්ලක්, වැටක් මායිමක් මුකුත් නැතුව ඔහෙ තිබ්බ මේ මහ ගස මට නම් සිහි කලේ අසරණ මනුස්සයෙක්. අහල පහල මිනිස්සු කුණු ගෙනත් දාන්නත් පුරුදු වුණා. ඩෙන්ගු බෝවෙයි කියල නිතරම ඔය කුණුගොඩ පුච්චන්නත් ආයෙ නොදමන්නත් කට්ටිය විටින් විට කතා වුණා. මහජන සෞඛ්ය පරික්ශක ගෙනත් පරික්ෂණයකුත් තිබ්බා.



හැබැයි ඔය එකක්වත් වුණෙ නැහැ. ඉඳල හිටල අපේ අම්ම හරි පහල ගෙදර අය හරි අතුගාලා පුච්චල දැම්ම විතරයි.
මොන කරදරක්ද මෙ කජු ගහ කියල අපට නිතරම තරහත් ගියා. හබැයි ඒ කරදර වලට වන්දි ගෙවන්න වගෙ හැන්දෑවට අපෙ මිදුලට තද ඉර එලිය එන්න නොදි හොඳින් බලා ගත්තෙ මෙ කජු ගහ තමයි.
මන් වෙන පලාතකට යන කොටත් ඔය කජු ගහ හොඳට තිබුණා.



අවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන වැටුණා කියල .

එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ...

...

Sunday, November 11, 2012

නෙළුම් විල

නෙළුම් විල


පලවෙනි දෙවෙනි ..

Posted: 10 Nov 2012 07:45 AM PST

අකුරු එක දෙක හිමින් ගලපා

එලිසමට පද ගලපලා

දැක්ක දවසේ ඉඳන් අපමණ

සිත පුරා කවි ඇමිණුවා


මාත්‍රා පටලැවී වැරදි

යවහනුත් පරහට තියා

ලිව්ව පද වල මිහිර මදිවද

දිනෙක ඔහු යන්නම ගියා


එකට ගුලි කර ගත්ත කවි ටික

පාරටම  විසිකර දමා

බාල්දිම හත අටක් කඳුලුත්

යන්තමට  හිත සේදුවා


විසිකරපු කවි එකතු කරගෙන

දොර ලඟට ඇවිදින් ඔයා

පටලවුන පද අවුල් අරිනට

මාස තුන හතරක් ගියා


දිග ඇරපු කවි අකුරු  අඩු වී

කොහොමවත් ගලපනු බැරි

සුළඟ  අරගෙන ගිහිල්ලා වැනි

කොහෙද ඉස්පිලි පාපිලි


දමා මල්ලක ගැට ගසා කට

කුණු ගොඩට විසිකර දමා

ලියමු අලුතින් අලුත් කවියක්

තව ලියන්නට ඉඩ තියා



පුටු කකුල් යට සිරවෙලා ඇත

අ'යන්නෙන් ගැලවුන පිලි

මගේ වරදක් නොවේ මයි එය

නොසේදුව කඳුලයි පලි .....




 සටහන ...

පහුගිය සතියේ ලෙඩ මුඩ් . මන් ලෙඩ වුනා . ළමයි ලෙඩ වුනා . ලියන මුඩ්  තියා උයන කන මුඩ් වත් නැති වුනා .

ඔන්න ඔය උන විකාරෙන් වගේ පසුගිය දවසක මේ කවි කෑල්ලක් ඔලුවට ආවා . කොටින්ම බාත්රුම් එකේදී . බාත් රුම් එක කියන්නේ කවි සිතුවිලි පහල වෙන හොඳ තැනක් .

ඔන්න ඔහේ අද එහෙන් මෙහෙන් ගැට ගහල ලියල දැම්ම .



Tuesday, October 30, 2012

නෙළුම් විල

නෙළුම් විල


මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා

Posted: 29 Oct 2012 09:03 AM PDT

   




සුළඟ කලබල කලැයි..

දුකෙන් පසුවුන අහස

ඊයේ මුළු දවසේම

හොඳටෝම හැඬුවා....

....ඉර හරිම බියගුලුයි

 පොඩි සුළඟටත් ගැස්සී

වලාකුළු කාමරේ

සිටියාලු හැංගි..

.... දඟකළ සුළං ගියෙදැයි
  
ජනේලෙන් එබී බලමින්

හෙමි හෙමින් ඉර ඇවිත් තිබුණා

..කඳුළු වලටම සේදී

අහස නව සළු පැළඳි....

සවස මනරම් ලෙසින් සිටියා ..

...හැරගියයි හිරුට දොස් නොකියා .....




හැංගිච්ච වැරද්දට පසුතැවි හොඳටම

ආයෙමත් රන් වලින් සරසා



අරුණි අක්කලාගේ ගෙවල් පැත්තේ  සැන්ඩි කලබල කරද්දී මේ පැත්තටත් වැඩි සද්දයක් නැතුව පොඩි කලබල කාරයෙක් කඩන් වැදුණා.

පිලිපිනෙට බැට දීලා මේ පැත්තට එද්දී චණ්ඩි කම් අඩු වෙලා තිබුනත් තරමක විනාශයක් කරලා . හතරදෙනෙක් පමණ මියගිහින් . උස ටි වී කුළුණකුත් කඩා දාලා . මුහුදු යන්න බැරි වෙලා .

අද සවස වැස්සෙන් සේදුන අහස හරිම ලස්සනට තිබුණා .

ලියන මුඩ් එකේ අද මන් කොහොමත් හිටියේ . එහෙම එක එක මුඩ් තියනවා . උයන මුඩ් එකේ උන්නොත් හොඳට උයනවා . ලියන මුඩ් ඒක ආවොත් කෑම සවුත්තුයි . ඔය වෙස්ටර්න්, ඉතාලි ඉවිලි තමයි ඒ දවසට .

රෙදි සෝදන මුඩ් එකත් එන දවස් තියෙනවා . එදාට කෑල්ලක් ඉතුරු නොවෙන්න සෝදනවා . අවාසනාවට රෙදි මදින මුඩ් එක කියල එකක් මට නැති හින්දා අකමැත්තෙන් තමයි රෙදි මැදෙන්නේ. අපි ඒ ගැන සෑහෙන්න කතා කලානේ ..

කඩේ යන මුඩ් එක ආදාට ගෙවල් ඉස්සරහ විදියේ කෙළවරක ඉඳන් ඇවිදිනවා . සමහර විට පොළෙත් යනවා .

ලොකුවටම සිතක් ආවොත් හැනොයි නගර මධ්‍යයේ විදිවලත් ඇවිදිනවා . මේ මුඩ් එක එන්නේ කලාතුරකින්.

දැන් අහන්න එපා මුඩ් එකක් නැති දාට කන්නේ බොන්නේ කඩේ යන්නේ රෙදි සෝදන්නේ නැද්ද කියල . ඒවා වෙනවා හැබැයි කරන්න ඕන නිසා .

කිසිම මුඩ් එකක් නැති කම්මැලි දවස් වලට වැඩියෙන් ටීවී බැලෙනවා . මුඩ් ෆික්ස් කරන්න ඉඟුරු විස්කෝතු වත් නැති කොට මක් කරන්නද .

ආ අර වැස්සෙන් සේදුන අහසේ සඳ පායලා . තරුත් පිරිලා . අපිට තරු දකින්න ලැබෙන්නේ කලාතුරකින් . මෙතරම් තරු පිරුණ ලස්සන අහසක් මෙහෙදී ඔය දැක්කමයි.

අපේ ලොක්කියි මායි එයාගේ පුංචි ටෙලෙස්කොප් එකත් අටවාගෙන සඳයි තරුයි බැලුවා . ඒ ටෙලෙස්කෝප් එක ගෙනාවේ ඔබා මාම බලන්න ගිය ගමනේදී . ලොක්කි ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් වුන ඔබා මාමගේ ''කළු'' එක්ක මිදුලට වෙලා තරු බලපු එක ගැන අපිට මතක් වුනා .

තරු වෙලා අහසේ දිලෙන්නේ
අපෙන් වෙන්වුන සොඳුරු මිනිසුන් නම් ....


ප ලි

පින්තුරවල අයිතිය මා සහ මගේ ෆෝන් පොඩ්ඩා සතුය

Sunday, October 28, 2012

නෙළුම් විල

නෙළුම් විල


පාට පාට කොඩි අරගත් පාට පාට ළමයි

Posted: 27 Oct 2012 10:34 AM PDT

ගිය අවුරුද්දේ වගේම මේ පාරත් එක්සත් ජාතීන්ගේ දිනය සැමරුනා. බෑන් කි මුන් මහත්තයාගේ ඉස්කෝලේත් ගිය පාර වගේම පාට පාට මල් වගේ ළමයි ඒ ගොල්ලන්ගේ ජාතික ඇඳුම් ඇඳගෙන .

කොරියානු හැන්බොක් ඇඳුම ඇඳපු ළමයි පුම්බපු කුරුල්ලන් වගේ ..ජපන් කිමෝනාව ඇඳපු ළමයි වෙනදට වගේ දුවාගන්න බැරුව .




අපේ බනිටයි අක්කටයි සිද්ධ වුනා ළමා සාරි අඳින්න . මහන්න දන්නා ආච්චිලා දෙන්නෙක්ම හිටියත් ඒගොල්ල මෙහෙ නෙමේ නිසා මහන්න නොදන්නා අම්මට සෑහෙන්න රස්තියාදු වෙන්න සිද්ධ වුණා. මන් ඉතින් මැහුම් ගෙතුම් ඉගෙන ගෙන ගෙදෙට්ට වෙලා ඉන්න නෙමේනේ හිතන් හිටියේ .

වදෙන් පොරෙන් අන්දලා සෑහෙන්න කටුගහල හෙම යැව්වේ . ළමා සාරිය ඇඳන් ස්කිපින් කරන්න බැරි වීම ගැන බනීට ටිකක් හිතට හරි මදි .

ගියපාර වගේම මේ පාරත් කොඩිය අරන් පෙරහරේ යන්න දෙන්නට අවස්තාව ලැබුන . සැහෙන වෙලාවක් වේදිකාවේ කොඩිය ඔසවාගෙන හිටන් ඉන්නත් අරගෙන පෙරහරේ යන්නත් ටිකක් අමාරු වැඩක් . මේක පුංචි කොඩියකුත් නෙමේ .

මොනයම් අවස්තාවක මොනයම් විදිහකට හෝ තමන්ගේ රට නියෝජනය කරන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක් ලෙසයි මා නම් දුටුවේ .
















එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැමිණ සිටියේ ඉන්දියන් කාන්තාවක් . ඇයගේ පින්තුරයක් ගන්න නම් බැරි වුණා .

විවිධ  ජාතික ඇඳුම් ඇඳි පොඩිත්තන් පාට පාට මල් උයනක් තමා සිහිගැන්වූයේ.






පාසලේ මන් කැමතිම කෙනෙක් වන විදුහල් පතිතුමා ළමුන් සමග ගීතයක් ගායනා කලේ ගිටාරය වයමින් .


උසස් පන්තිවල සිසුන්ගේ නර්තනයද කදිමයි .



පාසලේ එකම ලාංකික ගුරුතුමා .



උත්සවය අවසානයේ පන්ති හෝ ශ්‍රේණි වශයෙන් කෑම වර්ග රැසක් සහිත භෝජන සංග්‍රහයක් . තම තම රටවල කෑම වර්ග ගෙනවිත් තිබුණා.





අපිත් හැදුවා පැණිවළලු.


සාමාන්‍යයෙන් මේ දවස්වල ළමයින්ට තම තමන්ගේ රටවල් ගැන සහ යාලුවන්ගේ රටවල් ගැන අවබෝධයක් ලබා ගන්න තමයි විශේෂ අවධානය යොමු වුණේ.

.

අපේ බනිටත් තමන්ගේ රට ගැන එක එක දේවල් දැනගෙන එන්නයි ගුරුතුමී කියා තිබුණා . ප්‍රසිද්ධ තැන්, ලස්සන තැන් . ගොඩනැගිලි , කෑම , ඇඳුම් , ප්‍රවාහනය වගේ කාරණා.

එන වසරේ සංචාරකයින්ට යන්න හොඳම තැන ලෙස ලංකාව නම් වෙලා තියෙන එකත් අපට ලොකු සතුටක්.


අපේ පවුලම එකතු වෙලා තමයි මේගැන සාකච්චා වුණේ . කියන කියන හැමදේම ලොක්කි නම් දන්නවා .

''හරි ඔය කොයි ඇඳුම දන්නවා වුනත් ඕගොල්ලෝ අමුඩේ දන්නේ නැහැනේ '' එහෙම කිව්වේ තාත්තා .

'' අපෝ මන් දන්නවා අර ගොවියෝ අඳින ඩයපර් එක වගේ එකනේ '' ඒ ලොක්කි .


අමුඩේ අඳින්නේ අපි විතරද ..ජපානයේ සුමෝ ලත් අඳින්නේ අමුඩයක් වගේ එකක් .



 කැමති නම් අමුඩය සහ අපේ අනන්‍යතාවය කියල සංවාදයකට යන්නත් පුළුවන් . ආදිවාසින් අමුඩය ඇඳන් ක්‍රිකට් ගහපු වගත් ආරංචි වුණා .